2601.03 ජීවමානව නිවන අත්දැකීමට “ මම දැන් මෙතන” (මුලික භාවනා ධර්ම දේශනා 26.01)
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.
නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්
විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගත හැක.
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.