Yogis Dhamma realization – යෝගාවචරයින්ගේ ධර්මාවබෝධය

Home Forums සාකච්චා පිටුව Yogis Dhamma realization – යෝගාවචරයින්ගේ ධර්මාවබෝධය

This topic contains 171 replies, has 2 voices, and was last updated by  admin 1 year, 4 months ago.

  • Author
    Posts
  • #2709

    chiranthi

    “මට අනාත්මයෙන් සිතුවිල්ලක් ඇති උනා” කියන්නේ අනාත්මයේ ආත්මයක් සේවීම බවයි මගේ අවබෝධය.
    “පංච උපදන ස්කන්ධයක් ඇති උනා” කියන අවබෝධය මගින් එම දිටිටියෙන් මිදීමට හැක.

  • #2710

    admin

    අනෙකුත් පිංවත් සැමගේ අත්දැකීම් මෙම අත්දැකීමට ගැලපෙන ආකාරය පැහැදිලි කිරීම තුලින් බොහෝ දෙනෙකුගේ කමටහන පිරිසිදු විය හැක. මෙත් සිතිනි

    • #2711

      chiranthi

  • #2733

    chiranthi

    ආශ්වාසය දිගයි කියන්නේ සතිය නොදියුනු නිසා චිත්තක්ෂණ ගොඩක් එකක් ලෙස ගෙන මෙනෙහිකිරිම. ක්‍රමයෙන් සතිය දියුනි වෙන විට චිත්තක්ෂණ ප්‍රමාණය අඩු වෙමින් ආශ්වාස කෙටියෙන් දැනේන්න ගන්නවා

    භාවනවේදීත් මෙය ප්‍රකටය්. ක්‍රමයෙන් දියුනුවනවිට එක කුඩාකාලයක ගොඩක් දේ වෙනවා දෙනෙනවා. හුස්මදෙන්නේ එක සුළු මොහොතයි ඒ එක්කම ඒක මෙනෙහිවෙලා වෙනත් සිතුවිලි දැනෙනවා. එතකොට ආශ්වාසය කෙටි ලෙස දෙනෙන්ව. ක්‍රමයෙන් මෙන්හිකිරිම අභ්යන්තරයෙන් බාරගන්න නිසා දැනීම සං සිදෙනවා.

    අසතියෙන් හිටියොත් ඇවිදින විටත් හිතෙන්නේ ගොඩක් දුර ගිය කියල. නමුත් සතියෙන් හිටියොත් ඒ අතර ගොඩක් දේ වෙනවා, ඇවිදින එක පවතින්නේ සුලුමොහොතයි කියල තේරෙනවා.

    • #2734

      admin

      පිංවත් මහත්මියට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වීම වැඩි ඇතක විය නොහැක. මෙත් සිතිනි

    • #3281

      chiranthi

      අශ්වසයේ දිගයි, කොටයි කියා දෙයක් නැහැ, එය “දිගයි, කොටයි” කියා ඇතිවූ සංඥාවක් පමනයි. එම සංඥාව ඇතිවුනේ නැත්නම් දිග-කොට බව දන්නේනැහැ. අශ්වසය කියන්නෙත් සංඥාවක් පමනයි, නැත්නම් එය දන්නේත් නැහැ

  • #2744

    devindi

    සිතට පැමිනෙන කුමන ආකාරයක සිතුව්ල්ලක් වුවද සියල්ල මගෙ පාලනයකින් තොරව පැමිනෙන බවයි මගේ අවබෝදය. නිරන්තරයෙන් මා සිතට දැන් සිතෙනුයේ සිතට එන කුමන සිතුවිල්ලත් අනාත්මයෙන් එන නිසා එයට නැවත ‘අනාත්මය “යන විශේශන පදය යෙදිමට අවශ්ය නැති බවක්ය..හදුන ගන්න සිතුවිල්ලට අනාත්මය යන වචන යෙදිය යුත්තෙ අනාත්මයෙන් හා ආත්මයෙන් යන දෙකෙන්ම සිතුවිලි එනවනම් පමනි කිය මට සිතෙයි..එහෙත් ආත්මයෙන් සිතුවිලි නො එන නිසා එන සිතුවිලි කොහොමත් අනාත්මයෙන් පමනක් එන නිසා , ආනාත්මෙන් එනවා කියලා කියන්න ඔනෙ නෑ කියා මට නිතර සිතෙයි.එන සිතුවිල්ල කුමක් වුවත් එය පැමිනි බව දැන ගන්නව හැරෙන්න මට කල හැකි දෙයක් නොමැති බවයි මට හැගෙන්නෙ.අනන්තවත් සන්සාරය පුරා මේ එන සිතුවිල්ල දැන ගන්නකොටත් එක අතිතය බව නොදැන ,මිරිගුවක් ලෙස හදුනා නොගෙන එය මගෙ කරන් පසු පස දිවීම කරපු නිසා නිරන්තරයෙන් භවයට ඇදුනා යැයි මට සිතේ.තෙරුවන් සරනයි

    • #2745

      admin

      නැවත නැවතත් අනාත්මය යනුවෙන් මෙනෙහි වීමත් අනාත්මයම බව අවබෝධ නොවූ බව නොදන්නේද? එයත් අනත්මයම නොවන්නේද? පරිනිර්වාණයට පත්වනතුරු මෙහි කෙළවරක් නොමැති බවත් නොවන්නේද? එයත් අනත්මයෙන් වුවක් නොවන්නේද?
      මෙත් සිතිනි

  • #2747

    Vishaka

    පින්වත් ස්වාමීන් වහන්ස –
    “සංඥා දෙමින් සිදුකල අතිධාවන තරගයෙන් තමා ඉවත්වුබව, නතර වු බව වැටහේ.”
    මගේ අත් දැකීම අනුව ඉහත වැකිය අනුමත කරමි ෙමාකද හුගක් වෙලාවට සිත විදර්ශනා සමාධියට යන බැවින් ඒහිදී ඉතා සංසිදුනු තාවයක් (series of these stages) මිස සංඥා දීමක් ෙනාකෙරේ. අවදිබව පමණක් දනී. සිතිවිල්ලක් වරින්වර ඒනබව පසුබිමෙන් වගේ දැනුනත් ඒය මෙනෙහි නොවන ගතියක් අත්දකී. මට සමහර විට සබ්දපවා අැසී නැතිබව පසුව තේරැම්යයි. මේ අනුව පශ්න දෙකක්. (1). අැහැරිලා ඉන්න ඒක දන්න බව සිතිවිල්ලක් ලෙස මෙනෙහි කල යුතද (මෙනෙහි කිරී මෙන් මේ මොහොත මගහැරෙනව ෙන්ද)? (2) භාවනාව දියුණුවනවිට සිතිවිලි වැඩියි කියන්නෙ කොයි වෙලා වටද?
    When the mind reach this Samadhi stage time to time waves and waves of Passadi come up and I tried to notice this as thoughts today. Should I just watch them as they are or try to note them as “thoughts” At one time today while in Samadhi there was an experience of shaking the body and also subtle vibrations in the body (sometimes). Do I need to just observe or note them as “thoughts”, please?

    තෙරැවන් සරණයි.
    My key board doesn’t seem to have some letters/symbols. hope you understand this.

    • #2748

      Uresha Rupasinghe

      (1). අැහැරිලා ඉන්න ඒක දන්න බව සිතිවිල්ලක් ලෙස මෙනෙහි කල යුතද (මෙනෙහි කිරී මෙන් මේ මොහොත මගහැරෙනව ෙන්ද)

      භාවනාවේදි කිසිවක් සිදුකිරීමට චේතනා නොකල යුතුය. කලින් එහෙම සිතුවිල්ලක් සමග භාවනාව ආරම්භ කිරීමම මාගේ වැටහීමට අනුව ආත්ම සංකල්පයයි. මක්නිසාද යත් මෙහි ‘කරන කෙනකු’ නැති බැවිනි. තමන් ඇහැරිලා සිටින බව තමාට සිතුවිල්ලකින් මෙනෙහි වුවහොත්, එය දැනගන්න. දැනගත්තේද සිතුවිල්ලකින් බව මෙනෙහි කරන්න. සිදුවන දේ දෙස පමණක් බලා සිටින්න. ඒ සියල්ල අනාත්ම ධර්මතාබව වැටහේවි. ඒ මත නැවත කිසිදු චේතනාවක් නොකරන්න. චේතනාවක් පහල වුවහොත් එයද සිදුවුවක් මිස තමා කල දෙයක් නොවන බව අවබෝධ කරගන්න. එලෙස වෙන දේ දකිමින්, දැනගනිමින් ඉදිරියට යාමයි මගේ භාවනා වාරයන් වලදි සිදුවන්නේ.. (ඒ ඔස්සේ ධර්මතා හෙවත් අත්‍යන්ත ලක්ෂණ පමණක් දැනගන්නා ස්වභාවයකට පත්වේ. එහිදි සංඥාදීම නතරවි ඇත).

      භාවනාව දියුණුවනවිට සිතිවිලි වැඩියි කියන්නෙ කොයි වෙලා වටද?
      මගේ ප්‍රායෝගික අත්දැකීමට අනුව විදර්ශනා සමාධියේදි සන්සිදුනු ස්වභාවයක් ඇතිවන්නේ නැත. විදර්ශනා භාවනාව යනු වෙන දේ දැනගැනීම වන බැවින් සිතුවිලි රහිත ස්වභාවයකදි දැනගැනීමක් සිදුවිය නොහැක. චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා සිදුවන සිතුවිලි පහලවන වේගය විදර්ශනා සමාධියේදි යම්තාක් දුරකට අප දැකගැනීමට ලැබේ. (100% නොවේ). ධර්මතා අවබෝධයට අප පත්වන්නේ ඒ ඔස්සේය. සිතුවිලි නොමැති සන්සිදුනු ස්වභාවයකදි ධර්මතා අවබෝධයක් (ප්‍රත්‍යක්ෂයක් හෝ ණයවිපස්සනාවක්)ද සිදුවිය නොහැක.

      තෙරුවන් සරණයි.

    • #2749

      admin

      විශාකා මහත්මියගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නොමතිද?

    • #2750

      admin

      පිංවත් මහත්මියගේ ආනාත්මය හරහා නිරෝධවුනාවූ මෙම ධර්මතාවයන්ගෙන් විශ්වයට ලැබෙන්නාවූ පණිවුඩය අප්‍රමාණ නොවන්නේද.?
      මෙත් සිතිනි

    • #2751

      achini

      ඔබතුමිය මෙහිදී අහැරිලා ඉන්න බව දන්න බව සිතිවිල්ලක් ලෙස මෙනෙහි කල යුතුද යනුවෙන් අසා ඇත්තේ පර්යංකයේදී විය යුතුයි. මාගේ අවබෝධයට අනුව ඇහැරිලා ඉන්න බව දන්නවා යැයි දැනීමද සිතිවිල්ලකි. ඇහැරිලා ඉන්න බව දන්නා බව දැනගත් බව සිතුවිල්ලක් ලෙස මෙනෙහි වී ඉවත් විය යුතුය. නැතහොත් ඒ මත චෙිතනා ඇතිවීමෙන් යලි යලිත් අසතියට පත්වෙිවි. ඇහැරිලා විදර්ශණා සමාධියක ඉන්නා විට කල යුතු වන්නේ කිසිදු චේතනාවක් නොකර අනාත්මයෙන් වෙනදේ දෙස බලා සිටීම පමණක්ම බවයි මගේ අත්දැකීම.

      පර්යංකය හෝ සක්මනක නැති විදර්ශණා සමාධිය දියුණු කෙනෙක්ගේ අනෙක් හැම වෙලාවක්ම සිතුවිලි වැඩි වෙලාවක් ලෙසයි මට හැගෙනේ. මන්ද ඒ ආයතන 6 හරහාම අරමුණු ගලා ඒම වැඩියි. මේ අරමුණු සියල්ලක්ම අවසානයේ සිතුවිල්ලක්. මෙයට සාපේක්ෂව පර්යංකයක හෝ සක්මනේදී සිතුවිලි යමිතාක් දුරකට සංසිදිලයි තියෙෙන්නේ. නමුත් කොතරමි සිතුවිලි වැඩි උනත් තියුණු විදර්ශණා සමාධියක සිටින කෙනාට ඒවා මෙනෙහි වි ඉවත් වී යෑම නිසා ඒ මොහෝතේ රාග ද්වෙිශ හට නොගනී.භවය සකස් වෙන චෙිතනා රැස් නොවේ

    • #2752

      Uresha Rupasinghe

      please note that this is a part of yesterday’s statement

      පින්වත් මහත්මිය,
      බුදුපියාණන් වහන්සේ විසින් දේශිත ධර්මයෙහි සත්‍යතාවය තමා තුලින් අවබෝධ විය යුත්තකි. ආර්ය පර්යේෂණය සිදුකල යුත්තේ තමා විසින්ය. ඔබතුමිය මතුකල ආකාරයේ ගැටළු එක් එක් අවස්ථාවන්හිදි, ධර්ම ශ්‍රවනයේදි මාහටද ඇතිවු බව සත්‍යයකි. ඒ ආකාරයට ධර්ම ශ්‍රවනයේදි ඇතිවන්නාවු ගැටළු සියල්ලටම පිළිතුරු ප්‍රායෝගික භාවනාවේදි සහ ඉන්පසුව සිදුකරන්නාවු පසු විපරේමදි ලැබෙන බව මගේ අත්දැකීමයි.

      ප්‍රතිපදාව තුල ගමන් කරන විට කලයුත්ත තමා තුලින්ම අවබෝධ කරවීම තථාගත ධර්මයේහි ඇත්තාවු පුදුම කරවන සුළු ලක්ෂණයකි. නමුත් සියලල සිදුවන්නේ අවිද්‍යාව තුල බැවින්, ආර්යන් වහන්සේ නමකගේ මගපෙන්වීම නොමැතිව, සද්ධර්ම ශ්‍රවනයක් නොමැතිව මේ ආර්ය මාර්ගයේ ඉදිරියට යාමක් නොමැත.

      ඔබ නගා ඇති ගැටළු සියල්ලට පිළිතුරු මගේ භාවනා අත්දැකිම් අනුව විස්තර කල හැකි නමුත් එම අත්දැකිම් ඔබට ප්‍රායෝගික විය නොහැක. අවසානයේදි අප සියළු දෙනාම අවබෝධ කරගන්නා ධර්මතාවය එකක් වුවද එය එක් එක් පුද්ගලයාට ප්‍රායෝගිකව ගෝචරවන්නේ විවිධාකාරයෙන් වන බවයි මාගේ වැටහීම. අපට ආර්යයන් වහන්සේ නමක්ගේ මග පෙන්වීම අවශ්‍යම වන්නේද ඒ නිසාමය.

      තෙරුවන් සරණයි. ඔබතුමිය වහා වහා ධර්මාවබෝධයට පත්වේවා !!!

  • #2756

    Vishaka

    Dear Bhante and Dharma friends, thank you for the replies but based on my experience I respectfully disagree about the notion that when a yogi gets closer to Nivana all yogis experience more thoughts. I understand the increase in the speed and the subtleness of bear awareness-knowledge as the yogi goes deeper so that their ability to comprehend/know the nature faster due to accelerated and penetrative power Satti-Sampajanya (but these are not synonymous with thinking).

    I have heard Lord Buddha has stated that Chethanaham Bikhave Kaman wadami.” More thinking more Kamma and more Bhava and more thinking groves our minds further into suffering and Bhava due to the ignorance. During the Vidasana Samadhi (as breath already dissolved) mind stays calm/quiet without bothered by the ripples of the thoughts and just with a bear awareness that it’s awake. Once in a while a thought or two comes in the background but fore-ground is quiet/calm moving towards (niveema) niroda of even the bear awareness (fading away). It’s like gradual extinguishing of a fire. Then, I believe the shaking of the body takes place when this bear awareness is completely faded away and mind met with the emptiness. But, then mind regains the awareness again move it towards niroda…. I believe this quietness of the mind was important for me to see the Nama Rupa Nirodaya during walking meditation. I noticed a leg was up but nobody or thoughts was claim it or naming it. Then I realized “I” “Myself” was not there. Also, I/myself is brought about by only my THINKING. When the thinking is at niroda no claiming and nobody to claim but had a bear awareness-knowledge of Satti-Sampajanya. This is similar to during walking meditation bear awareness of walking is happening but no ‘sanya’ of “left” “right”. Then, after a while we start noticing just Niroda of even the walking.
    During Vipasana Samadhi, there can be a awareness-knowledge about arising of waves and waves of Bodhidharma such as Pithi and one is not bothered (like a skinned cow) and live with Viveka. Sometimes I had an understanding the Vippasana Samadhi is like a white background where we can see the reality. When the mind is with Dharma experience moves towards Niroda/Nivana and when the mind is with Kelesas (thought) experience moves towards restlessness (cause and effect).
    In daily living, I notice there are different levels of thoughts, moments of no thoughts (finds out due to next thought), very superficial thoughts such as line drawn on a sandy beach and some thoughts grove bit deeper than those. But, I don’t entertain thoughts very long or notice if I do. Next step for me I believe to explore the field of Adukama Sukha in daily living. With Metta.

    • #2757

      admin

      This may be another junction to open up for revealing of other Yogis experiences how they felt.
      with metta,

    • #2758

      Uresha Rupasinghe

      “I have heard Lord Buddha has stated that Chethanaham Bikhave Kaman wadami.” More thinking more Kamma and more Bhava and more thinking groves our minds further into suffering and Bhava due to the ignorance”
      රහතන් වහන්සේලාටද සිතුවිලි පහල වේ. නමුත් උන්වහන්සේලාට කර්ම හෝ භවයන් සකස්වීමක් සිදුනොවේ. මෙම ධර්ම ප්‍රතිපදාව සිතුවිලි නැති කිරීම ඔස්සේ සිදුකල හැක්කක් නොවන්නේ පිරිනිවන් පාන අවස්තාව තෙක් සිතුවිලි පහලවීම උන්වහන්සේලාටද සිදුවන බැවිනි.. නමුත් නිරොධවු සිතුවිල්ලකට සංඥාදීම ඔස්සේ ….ආවාවු සිතුවිලි, මම කරගැනීම, මගේ කර ගැනීම, මගේ ආත්මය සිදුකරගැනීම උන්වහසෙගෙන් සිදුනොවේ. එනම් උපාධානයක් නැත. මෙහි චේතනා යනු අනාත්මයෙන් එන්නාවු සිතුවිල්ල, සිතුවිලි මාත්‍රයෙන් දැන නොගෙන, ඒ ඔස්සේ නැවත චේතනා පහල කිරිම බවයි මගේ වැටහීම

  • #2975

    chiranthi

    මමද මගෙද

    එක විනාඩි 5ක් ඔබට එන සිතුවිලි දිහා බලන්න.
    ඒවා එන්න කලින් ඔබ දැනගෙන හිටියද?
    ඒවා ඔබට නවත්වන්න පුලුවන්ද?
    එසේනම් මේ සිතුවිලි ඔබ ඇතිකළ ඒවාද?
    මෙය ඔබේ පාලනයේ තියෙනවද?
    ඇයි ඔබට අයිති නැති දේකට මම මගෙ කියා ගෙන දුක්විදින්නේ?

    • #2976

      chiranthi

      කාරුණික ස්වාමීන්වහන්ස

      ඔබවහන්සේගේ පහත දේශනාව අහනකොට, මම ධර්මයේ නොපිහිටිකල කොපමණ උකුණෝ මැරුවද කියා සිතිළ ලොකු වේදනාවක් ඇතිඋන, එත් සමගම සිහිය පිහිටලා ඉහත අදහස ඇති උනා.

      1001.02 කුසල් අකුසල් නොඅඩුව ගොඩගසා මගේ නිවන වලක්වන මම (කණිෂ්ඨ යෝ. උපදෙස් 10.01)
      :youtu.be/p4DjBOxNKKA?t=1080

    • #3019

      achini

      විනාඩි 5ක් මම එන සිතුවිලි දිහා බැලුවා
      ඒවා එන්න කලින් ඒ ආපු ඒවා ඒකක්වත් එනවා කියලා මම දැනගෙන හිටියේ නෑ
      ඒවා කොහොත්ම මට නවත්වන්න බෑ (නමුත් ආවාට පසුව දැනගෙන මෙනහිකිරීම මගින් චේතනා කිරීම දැන් නවතා ගන්න පුලුවන්)
      මේ සිතිවිලි කිසිවක් මම ඇතිකල ඒවා නෙමෙයි
      ඒවා කිසිවක් මගේ පාලනයේ නෑ
      මට අයිති නැති මේ දේවලට මම මගේ කියාගෙන දුක් විදින්නේ මා තුල ඇති අවිද්‍යාව නිසයි නේද. මම මේවා නිත්‍යයි සුඛයි, ආත්මයි කියන දෘෂ්ඨිගතවීම තුල නේද.

    • #3022

      admin
      Keymaster

      මේ සියල්ලත් සිතුවිලි බව නොතේරුනේද? කායානුපස්සනාවෙන් (ප්‍රත්‍යක්ෂයෙන්) තොරව මෙලෙස මනසිකාරයේ යෙදීම උපාදාන බව නොදන්නේද?

    • #3053

      achini

      අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ පිලිතුරට අනුව මා මෙම පිලිතුරෙන් සදහන් කර ඇත්තේ තනිකරම සිතුවිලි සමුදායක් බව පිලිගනිමි. මෙලෙස උපාදානයේ යෙදීම මගින් මා භවයම සකස් කර ඇති බවට මේ මොහොතේ අනාත්ම සිතුවිල්ලක් නිරුද්ධ වුණි. පසුගිය මාසයක කාලයක සිට මාගේ අසනීප තත්වයක් නිසා සහ වැඩ අධික බව නිසා මගේ භාවනාව අසාර්ථක බව අනාත්මයෙන් මට සිතුවිලි ඒ. බොහෝ විට අරමුණු ලෙසින් සිතුවිලි සමුදායක් පැමිනේ. නමුත් ඒවා මෙනෙහි වීම 10% ක් පමණි. සිතුවිලි ඇරනේනට වෙනත් අරමුණු බොහෝ සෙයින් අඩුවී ඇත. මම දැන් මෙතෙන චිත්තක්ෂණයෙන් බැහැර වී ඇත. අසතිය හා අයෝනිසෝමනසිකාරය බලවත් වී ඇති බවත් සිතුවිල්ලක් ලෙසින් ඇතුලතින් හැම විට මට උපදෙස් දෙයි. කුසලය යටපත් වී අකුසලය බලවත් වී ඇති බවත් අනාත්මයෙන්ම ඇතුලතින් සිතුවිලි සමුදායක් පැමිනේ. එවිටම ඇතුලතින්ම අනාත්මයෙන්ම මම ඉක්මනින් යථා තත්වයට පත්විය යුතු බවට සිතුවිල්ලක් එයි. නමුත් මේවා ඒ වෙලාවලදී ඒකත් සිතුවිල්ලක් ඒකත් සිතුවිල්ලක් ලෙස මෙනෙහි වීමක් මතකයේ නැත. මාගේ අවබෝධයේ හැටියට අසතිය සහ අයෝනිසේමනසිකාරය බලවත් වී මා track එකෙන් පිට පැන ඇත. මෙසේ මා අසාර්ථකයි යන සිතුවිල්ල නිරුද්ධ වු මෙහොතේම මා කොසේ හෝ යලි යතා තත්වයට පත්විය යුතුයි යනුවෙන් අනාත්ම සිතුවිල්ලක් එසැනින්ම නිරුද්ද වුවත් රෝගි තත්වය නිසා ඇතිවු කායික අපහසුතාවය නිසා නින්ද බලවත් වී වීර්ය අඩු වී ඇත.

      ඔබ වහන්සේගේ පිලිතුරත් සමග වැටුනු red light එක හරහා තිගැස්සීණි. මා යලිත් භවය සකස් කරන පෙර පාරේ ගමන් කරන බවට සිතුවිල්ලක් නිරුද්ධ විය. ඉක්මනින් නිවැරදි පාරට වැටිය යුතු බවටද සිතුවිල්ලක් නිරුද්ධ විය. ඔබවහන්සේට අප සැම වෙනුවෙන් ගෙෘරවාන්විත කෘත්‍යඥතාවය පලකරමි. මට මෙන් අප සැමටත් පාර වැරදුන අවස්ථා දුටු සැනින් barrier එකක් දාල පාර වැරදියි හරි පාරේ යන්නෙ කියා දෙනවට. අපේම කුසලයක් නිසා අපට මුණගැසුන කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මේ කුසල බලයෙන් නිදුක් නිරෝගිව අපවන් සසර අතරමන් වු බොහෝ දෙනෙකුට හරි පාර කියා දීමට තව බොහෝ කාලයක් ශාසනික මෙහෙවරක යෙදීමට අවස්ථාව උදාවේවා. ඒ සදහා අප සැමගේම කුසලයන් බලවත් වේවා.
      .

    • #3054

      admin
      Keymaster

      මෙයත් සිතුවිල්ලක් බව නොතෙරුනිද?

  • #3018

    Bds

    සිතුවිලි ගැන සිතුවිල්ලක්
    https://drive.google.com/open?id=0B6TRTMzSqnf_VzN3S2k0aFBiNUE

    බුදු සරණයි

    • #3055

      admin
      Keymaster

      මෙයත් සිතුවිල්ලක් බව නොතෙරුනිද? එයත් අනත්මයෙන් බව නොදනුනිද?

    • #3078

      achini

      අවසරයි ස්වාමීන් වහන්ස, ඒ සියල්ලක්මත් සිතුවිලි බව තේරිනි, එයත් අනාත්මයක් බවද දැනිනි ස්වාමින් වහන්ස

    • #3129

      chiranthi

      මගේ අවබෝදය සිතුවිලි එන එක නවත්වන්න බැහැ. ආවාට පසු ආවා කියල දැනගන්න එක විතරයි කරන්න පුළුවන්

    • #3130

      Bds

      එතුමිය කියන එකයි මගෙත් අබබෝධය. තවත් විස්තර කරනව නම්, සිතුවිලි ඇවිත් එතනම නිරෝධ වෙන හැටි තමාගේ දෙයක් නෙමෙයි වගේ සමාධියෙන් බලාගෙන ඉන්න පුඵවන්.
      බුදු සරණයි

    • #3131

      admin
      Keymaster

      තමාගේ දෙයක් නෙමෙයි වගේ යනු, තමාගේ දෙයකුත් තිබෙන බවද?

    • #3133

      Bds

      සමාවෙන්න ස්වාමීන් වහන්ස,
      ප්‍රත්‍යක්ෂයන් වචනයට දාන්න බෑ කියල ඔබවහන්සේ නිතරම කියන එක මෙතනදී තේරෙනව.
      බුදු සරණයි

  • #3132

    chiranthi

    අසතිය: “වම” කියන වචනය ප්‍රකට වීම
    සතිය: “වම කියවුන” කියල දැනගැනීම
    ප්‍රඥාව: ඒක සිතුවිල්ලක් හෝ සංඥාවක් කියල සිහිවීම
    යෝනිසෝමනසිකාරය (1)- අත්‍යයන්ත ලක්ෂණ පිළිබද සිහියෙන් මනසිකාරය,
    යෝනිසෝමනසිකාරය (2) – විදර්ශනාව
    යෝනිසෝමනසිකාරය (3) – විදර්ශනාව ආවර්ජනය කර දියුනු කල යුතු තැන් සොයාබැලීම
    අයෝනිසෝමනසිකාරය – අරමුණක් ප්‍රකටවූ බව නොදැන දිගටම චේතනා පහල කිරීම
    http://www.youtube.com/watch?v=z3fg52kNLxU

  • #3134

    Bds

    ප්‍රත්‍යයක්ෂය වචනයට දාන්න බැරි වුනත් මෙය සාකාච්චා පිටුවට යොමු කරන්න ඕනෙ කියල අනාත්මයෙන් සිතුවිල්ලක් ආවා.

    ධාතු මනසිකාරය ගැන අවබෝධයක් ලබා ගන්න මම මාස දෙකක පමන කාලයක් සිට ස්වාමීන් වහන්සේගේ උපදෙස් හා දේශණා වලටත් කමටහන් සාකච්චා වලටත් සවන් දෙමින් අවශ්‍යයයි කියල හිතන කරැනු සටහන් කර ගනිමින් ගොඩක් මහන්සි වුනා. ඒ සුතමය දැනුම ප්‍රත්‍යයක්ෂයට ගලපමින් බැලුවා. සමහර වෙලාවට මේක තමයි ධාතු මනසිකාරය කියන්නෙ කියල හිතාගත්තත්, නැවත දේශණාවකදි තේරෙනව ඒක නෙමෙයි කියල.

    ඊයේ මම දේශණා තුනටම (68.01,68.02,68.03), සජීවීව සවන් දුන්නා. කලින්ට වඩා යමක් තේරැනු බව දැනුනා. අද උදේ මම භාවනාවට වාඩි වුනා අධිෂ්ඨානයකින් හෝ යෝනිසෝමනසිකාරයකින් තොරව. සමාධියේ ඉන්නකොට ඇඟේ කොටස්වල දැනීම් ස්වභාවයක් ඇතිවුනා. එතකොට වචන ටිකක් ආවා “අතේ ඔලුවේ නම් දැනීම් දැනෙන්නේ එතන සංඥාව තියෙනවනේ කියල”. එතකොටම සිතුවිලි ආවා “ස්වාමීන් වහන්සේ නිතරම කියනවනේ ධාතු මනසිකාරයේදී කොතනින් දැනීම එනවද කියල කියන්න බැහැ කියල”. ඒකෙන් පස්සෙ ආපහු සමාධියට ගියා. කුෂන් එකේ වැදුනු කොටස් හැර මුඵ ඇඟම නොදැනී ගියා නමුත් අර දැනීම් ගතිය හැම තැනකම දැනුනා. බොහෝම සියුම් ඇතිවීම් නැතිවීම් ස්වභාවය තිබුනා. මේක තමයි ධාතු මනසිකාරය කියන්නෙ කියල වචන ආවා. ඒ ස්වභාවයෙ ඉඳල ටික ටික ශරීරයේ කොටස් ප්‍රකට වෙමින් සමාධියෙන් මිදුනා. පැයක් පමනයි භාවනාව සිදුවුනේ.

    මට මේ ඇඟ නොතේරී ගිහින් ඒ ගැන දැනීමෙන් (මැරිල නැහැ, නින්දෙත් නෙමෙයි) ඉන්න එක නිතරම අත්දැකල තිබුනත් එතන අභ්‍යයන්‍තරයේ සිදුවෙන මේ ඉතා සියුම් ක්‍රියාවලිය කවමදාකවත් ප්‍රත්‍යයක්ෂයට අහුවෙලා තිබුනෙ නැහැ.

    අනාත්මයෙන් ආ වචන ටිකක් පමනි.

    බුදු සරණයි.

    • #3135

      admin
      Keymaster

      මෙවැනි අත්දැකීම් Skype හරහා කමටහන් සාකච්චාවට යොමුකලයුතුයයි, චේතනා පහල නොවන්නේද?

    • #3136

      Bds

      අවසරයි ස්වාමීන් වහන්ස,
      ඒ ආපු වචන වලට අමතර වෙන වචන පහලවූ බවක් මතක නැහැ. Skype එකට ඉදිරියේදි එකතු වෙන්නම්.
      බුදු සරණයි.

  • #3137

    Yha

    අවසරයි ස්වම්න්වහන්ස, සතිය ,සම්පජ්හන්‍ය මගින් අරමුන මෙනෙහිකර උපාදානය විම වලකිමෙදි සන්ස්කර සහ වින්ජාන ස්කන්ඩ අතිවීම කෙසෙ සිඩුවේද?

    • #3139

      admin
      Keymaster

      පින්වත් මහතානෙනි,

      ඔබගේ අත්දැකීම, Skype හරහා කමටහන් සාකච්චාවේදී යොමුකිරීම සුදුසු නොවේද?

    • #3142

      Yha

      ස්වාමින්වහන්ස, ලන්කාවෙ වේලාව සම්බන්ද ගටලුවක් අත, උත්සහ කර බලන්නම්. අත්දාකිම් මත හටගත් අරමුනෙහි පන්චස්කන්ඩය සිහිය සහ සම්පජන්‍ය නමති වෙනයම් පන්චස්කන්ඩ මගින්
      නවතිමක් ලෙස දානෙයි.තෙරුවන්සරනයි.

  • #3138

    Chamila

    ගෞරවනීය ස්වාමීන්වහන්ස

    භාවනාවේදී මෙන්ම එදිනෙදා ධාතු මනසිකාරය පරකඨ වූ අවස්ථාවල දී සිතුවිල්ලක් කියා මෙනෙහි වුනා. ඒ අවස්ථා වලදී එයත් අනාත්මයෙන් ආව සංඥාව මෙනෙහි කරල අත හැරියා.

    ඔබ වහන්සේගේ දේශනානු ධර්මානුශාසනා නැවත නැවත ශ්‍රවනය කරනවා.

    භාවනා කරන අවස්ථාවලදී සිතුවිලි නොමැති හිස් අවකාශයක් පකට වෙන අවස්තා කීප වරක් අත්වින්දා. එයද සම්මා සමාදිය, කියා කියවුනා. එයත් අනාත්මයෙන් ආවා. එයත් අපගේ පලනයෙන් තෙරයි කියා වැටහුනා

    තෙරැවන් සරණයි

    • #3140

      admin
      Keymaster

      පින්වත් මහත්මියනි,

      ඔබගේ අත්දැකීම, Skype හරහා කමටහන් සාකච්චාවේදී යොමුකිරීම සුදුසු නොවේද?

  • #3143

    admin
    Keymaster

    ඉදිරිපත් කරඇති තොරතුරු ඉතාමත් සාරාංශගත බැවින් උපදෙස් සැපයීම යෝග්‍යය නොවන්නේ නොවේද?
    ධර්ම දේශනා මෙන්ම කමටහන් සාකච්චා ද ශ්‍රවනය කිරීම සුදුසු නොවන්නේද?

  • #3150

    Chiranthi

    සංඥාවයි දැනගත්තේ

    සිතුවිලි සංසිදුනද, එය දැනගත්තේ කොහොමද?
    සිතුවිලි සංසිදුනේ නැත්ද, එය දැනගත්තේ කොහොමද?
    දෙකම දැනගත්තේ එකම විදිහටද?
    එහෙනම් ලොබ, ද්වේශ, අලොබ, අද්වේශ, මේ ඔක්කොම දැනගන්නේ එකම විදිහට නේද?
    එහෙනම් ඒවායේ වෙනසක් තියෙනවද?
    ඒවාට ආශාකරලා හෝ ද්වේශකරලා වැඩක් තියෙනවද?
    මේ විදිහටම සෑම මොහොතක්ම මැදිහත්ව බාරගන්න පුලුවන්ද?
    එතකොට තවදුරටත් දුක තියෙනවද?

    //youtu.be/fj2hXSqUmPc, දෙශනාව අසිමෙන් නිරුද්ධවු සංඥාවක්

  • #3151

    chiranthi

    ධතුමනසිකරය කියන්නේ පංචද්වරික චිත්ත වීති ප්‍රකට වීම පමනයි සිද්දවෙන්නේ, මනොද්වරික වීති බවට පත්වෙන්නේ නැහැ. මගේ අවබෝදය නිවැරදිද? දෙශනාවක් අසිමෙන් නිරුද්ධවු සංඥාවක්.

    • #3154

      Bds

      සුතමය දැනුමට සහ ප්‍රත්‍යක්ෂයට අදාලව අනාත්මයෙන් මතුවූයේ මෙයයි.
      චිත්ත වීදියක් ඇතිවුනා නම් එහි වස්තු රෑපය ඇසුරැ කරගෙන ඇතිවන ජවන් සිත් පෙලක් අනිවාර්යයෙන්ම ඇතුලත් වෙනවා. ඒ කියන්නේ එතන චේතනා පහලවෙලා. ධාතු මනසිකාරයේදී කාය විඤ්ඤාණයේ ඇතිවන දැනීම පමනි විඳින්නේ.
      බුදු සරණයි.

    • #3155

      Bds

      සමාවෙන්න. ඉහත සටහන මෙසේ නිවැරදි වියයුතුයි.

      සුතමය දැනුමට සහ ප්‍රත්‍යක්ෂයට අදාලව අනාත්මයෙන් නිරෝධ වූයේ මෙයයි.
      චිත්ත වීදියක් ඇතිවුනා නම් එහි වස්තු රෑපය ඇසුරැ කරගෙන ඇතිවන ජවන් සිත් පෙලක් අනිවාර්යයෙන්ම ඇතුලත් වෙනවා. ඒ කියන්නේ එතන චේතනා පහලවෙලා. ධාතු මනසිකාරයේදී කාය විඤ්ඤාණ නිරෝධවීමේ දැනීම පමනි විඳින්නේ.
      බුදු සරණයි.

    • #3156

      chiranthi

      විතික්‍රමනයකින් තොරව සිත් පහල වෙන්නේ නැහැ. අභයන්තරයේ මෙනෙහිවීම කියන්නේ පංචද්වරික චිත්ත වීති වල ඇතිවන ජවන් සිත්.

    • #3161

      Bds

      අනාත්මයෙන් නිරෝධවුන සුතමය සංඥා ටිකකුයි දිගහැරෙන්නෙ.

      පංචද්වාරික චිත්ත වීථි කියන්නෙ ආයතන 5න් එන අරමුණු නිසා ඇතිවන සිත් පේලියකුයි. ඒ චිත්ත වීථියේ 8 වන සිත වන වොත්තපන සිතයි, විනිශ්චය කරල පලවන සංඥාව දීමට ක්‍රියා කරන්නේ. ඒකට උපේක්ෂා සහගත මනෝද්වාර වර්ජන සිත කියලත් කියනවා. වොත්තපන සිත ඇතිවෙන්නේ වස්තු රෑපය ඇසුරැ කරගෙනයි. ඒක ක්‍රියා සිතක්. ඒකට ගෝචර වෙන්නෙ ආයතන 5න් එකකින් ඇතිවුන ගෝචර විඤ්ඤාණයයි. ඒ විනිශ්චයට අනුවයි ජවන් සිත් පහල වෙන්නේ. ජවන් 7 කුසල්, අකුසල් හෝ ක්‍රියා සිත් වීමට පුඵවන්.

      ගෝචර විඤ්ඤාණ 5 හේ තියෙන්නෙ චෛතසික 7 යි (සර්ව චිත්ත සාධාරන 7). එහි එක චෛතසිකයක් මනසිකාර චෛතසිකයයි. මට තේරෙන විදිහට කාය විඤ්ඤාණයෙ මනසිකාරය එහි ප්‍රතිපලයක් වෙන්න ඕනෙ.

      බුදු සරණයි

    • #3285

      chiranthi

      පංචස්කන්ධයක් ඇති උනා කියන්නේ පංචද්වරික චිත්ත වීති ප්‍රකට වීම, පංචඋපදන ස්කන්ධයක් ඇතිවීම කියන්නේ මනොද්වරික වීති වීමයි. පංචද්වරික චිත්ත වීති වලින් නැවතුනොත් නැවත උපතක් නැහැ

  • #3162

    admin

    මෙම සියලු මනසිකාරයන්, ඔබව නැවැත නැවැතත් භවයට ගෙන යන බව නොතේරේද? එම මනසිකාරය නතර කලයුත්තක් බව නොතේරේද?

    • #3279

      chiranthi

      ස්වාමීන්වහන්ස සෑම මොහොතකම වගේ සිතුවිල්ලක් හෝ සංයාවක් බව සිහිවෙනවා. එත් සෑම මොහොතකම අතහැරෙන්නේ නැහැ. නැවත ක්‍රියාවට නැම්විමක් තියෙනවා. ඒ බව දැනගන්නවා. මෙයත් සිතුවිල්ලක් බව වැටහුනා නමුත් මේ අදහස ප්‍රකාශ කිරීම සිද්ද උනා

    • #3296

      admin
      Keymaster

      සංඥාවක් නම් නැවැත ක්‍රියාවට නැංවුනේ කෙසේද? එයත් සංඥාවක් බව නොවැටහුනේද?

  • #3280

    chiranthi

    අශ්වසයේ දිගයි, කොටයි කියා දෙයක් නැහැ, එය “දිගයි, කොටයි” කියා ඇතිවූ සංඥාවක් පමනයි. එම සංඥාව ඇතිවුනේ නැත්නම් දිග-කොට බව දන්නේනැහැ. අශ්වසය කියන්නෙත් සංඥාවක් පමනයි, නැත්නම් එය දන්නේත් නැහැ

    • #3282

      chiranthi

      posted on the wrong thread, pls remove

    • #3295

      admin
      Keymaster

      Why you want to get responsibility on this.Don’t you understand, this too is a perception.

    • #3297

      chiranthi

      I no longer feel responsible for any of this.

  • #3298

    chiranthi

    අන්තයේද – මැදද?

    මලක් දැක්කම;
    “මල තියෙනවා” කියනනේ එක අන්තයක්,
    “මලක් නැහැ” කියනනේ තව අන්තයක්,
    මල දැක්කම, “ඇහැ නිසා ඇති උන චායාවට දීපු සංඥාවක්” කියල දැනගතම ඉන්නේ මැද – ඉන්නේ මාර්ගයේ – ඉන්නේ නිවනේ.
    ඒකත් සිතුවිල්ලක් කියල දැනගතම නැවත ඉන්නේ මැද.
    මෙයත් නිරෝධවුන සංඥාවක්.

    • #3299

      admin
      Keymaster

      මෙම සියල්ලම චේතනා බව නොවැටහුනේද? සංඥාව, සංඥාව ලෙස අවබෝධවූවේනම්, මෙවැනි චේතනා පහලවිය හැකිද?

  • #3303

    chiranthi

    We know or We don’t know:

    We know we can’t born whenever we want, We know we can’t choose our parents. We know we can’t choose to be a woman or man.
    We know we can’t choose when we get sick or not. We can’t choose when to get pregnant or not. We can’t choose whether to have a boy or girl. We can’t choose how our kids behave toward us. We can’t choose how or when we are going to die. We know all of this is “nature’s wish”.
    But we are arrogant enough to think that we do the thinking.

    • #3304

      admin
      Keymaster

      What’s the purpose of all these thinking (perceptions). don’t you know that these thinking generate more & more existence for you ?

  • #3308

    Bds

    අනාත්මයෙන් නිරෝධ වුනු වචන පෙලක් පමනි.

    අප කෙරෙහි මහත් කරැණාවෙන් අපට සංඥා උපාදානය නොකර ඉන්න අවබෝධ කරවන්න කරන උත්සාහයට මටත් යමක් එකතු කරන්න අවසරයි ස්වාමීන් වහන්ස.

    පහත දැක්වෙන්නේ 2014 මැයි මාසයෙ දිනක භාවනාවේදී මා ලැබූ අවබෝධයක් ගැන ලියා තැබූ සටහනකින් කොටසක්;

    “………….. හොඳ දවසක් නිසා වත්ත ටිකක් සුද්ද කරන්න ඕන කියල හිතුනා. bin එක එලියෙම තිබුන නිසා ලේසි වුනා. පැයක් විතර වැඩ කරල ඇවිත් කෙලින්ම භාවනාවට වාඩි වුනා. හොඳ සමාධියකට ගියා. මෙහෙම සමාධියේ ටික වේලාවක් ඉන්න කොට එකපාරටම bin එක මතක් වුනා. එතකොටම හිත ගිහින් bin එක බදා ගත්තා. – උදාහරණයක් දුන්නොත් 6″ ක විතර වට රවුම ඇති චුයින් ගම් එකක් එකේ පියනේ ඇලුනා වගේ. ඒ එක්කම භාවනාවෙන් එලියට ආවා. ඒ වෙලාවේ මැරැන නම් එකේ චූටි සතෙක් වෙන්න තිබුනා.
    (මේ දවස් වල නිතරම වගේ කල්පනා වුනේ බුදු හාමුදුරැවො දේසනා කරපු – හිත හරි විසිතුරැයි, ඒකයි තිරිසන් ලෝකය මෙච්චර විසිතුරැ කියල කියපු එක ගැනයි. එහෙම උපාදානය ඇති වෙන්නෙ කොහොමද කියල කුතුහලයක් තිබුනා.) අද ඒක ගැන හොඳ අවබෝධයක් ලැබුනා. සසර කොච්චර බයන්කරද කියල හිතුනා.”

    bin එක මතක් වෙනකොටම උපාදානය වෙලත් ඉවරයි. අපට මරණ චිත්තක්ෂණයේ එන සිතුවිල්ල “ඒකත් සිතුවිල්ලක්” කියල මෙනෙහි කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒකයි මේ මොහොතයි අපේ මරණය කියන්නෙ.

    බුදු සරණයි.

  • #3309

    chiranthi

    ආශ්‍රව සංසිදවා, කලකිරීමටත් – අතහැරීමට, අවබෝධකර ගතයුතු ප්‍රධාන ධර්මතා 2ක් මම දකිනවා.

    1. අපි දෙයක් දැනගන්නේ සංඥාව මගින් කියන අවබෝදය – ශබ්දය දැනගත්තේ “ශබ්දයක්” කියන වචනය මෙනෙහිවූ නිසා. මේක මට නිතරම ප්‍රකට වෙනවා. ඒ ගැන සැකයක් නැහැ

    2. එක චිත්තක්ෂණයක් නිසා තව චිත්තක්ෂණයක් හට නොගන්න බව – “මල ලස්සනයි” කියන සිතුවිල්ලත් “ඒක කඩාගන්න ඕන” කියන සිතුවිල්ලත් එකකට එකක් independent කියල දැනගැනීම – මෙය ස්ථිර අවබෝධයට යන්න මට තව දහස් වරක් පරීක්ෂා කලයුතුයි කියා දැනෙනවා.

    අනාත්ම සිතුවිල්ලක්.

    • #3310

      admin
      Keymaster

      මෙය අනෙක් ආර්ය ශ්‍රාවකයන්ගේ අත්දැකීම් සමග සාකච්චා කිරීමට හැකිවන ලෙස ඊ මේල් කිරීම නොවටිද?

  • #3422

    Bds

    702.13 බුදු පියාණෙනි, අනාත්මය තුල මම හිරවුනි (යෝ. විදර්ශනා අත්දැකීම් 7.15) (165)

      00.46.00 සිට
      ……..
      ……..
      “සක්මන් භාවනාවේදී…. මගේ ඉදිරියට ඡායාවක් වගේ දෙයක් පෙනිල ඒක කුඩාවට පෙනිල ….. ටික වේලාවකදී විශාල වෙලා (චලනය වෙලා) නිරෝධ වුනා. … අනාත්මයෙන් එන සිතුවිල්ලක්. මගේ පාලනයෙන් තොරයි. ඒක වේගයෙන් සිදුවෙනවා. … සිතුවිල්ලක් කියල මෙනෙහි කලා. … ධර්මතාවක් කියල වැටහුනා. මොකක්ද කියල අඳුරගන්න බැරිවුනා. … ”
      … එතකොට ඕක සක්මනේදි සිද්ධවුනේ. … රෑපය දැක්කෙ ඇහැ හරහාද? ….
      “ඇහැ හරහා නෙමෙයි. … රෑපයක් කියල දැක්වුනාට … මෙනෙහි වුනේ සිතුවිල්ලක් කියල. … ඇහැ හරහා නෙමෙයි කියල”
      සිතිවිල්ලක් කියල මෙනෙහි වුන නිසා තමන් දන්නව ඇහැ හරහා ආවෙ නැහැ කියල. එතකොට ඇහැ හරහා ආවෙ නැත්නම් ඒකෙ රෑපයක් තියෙන්නෙ කොහොමද කියල තමන්ට අවබෝධ වුනාද නැද්ද?
      “අනාත්මයෙන් ආවා රෑපයක් කියල.”

      “අවබෝධයකට ගියා. ඒවුනාට පැහැදිලි කරගන්න අමාරැවුනා. වේගයෙන් ඒක සිදුවුනේ. … ගැඹුරැ ධර්මතාවය තියෙනවා. ඒවුනාට මොකක්ද කියල තේරැම් ගන්න අමාරැයි. … ”
      … දැන් තමන් මොකක්ද අත්වින්දේ?
      “අපිට කිසිම දෙයක් අපේ පාලනයෙන් තොරයි, මේක වේගයෙන් සිදුවන අනාත්මයෙන් සිදුවන දේවල් මිසක් අපි කරන දෙයක් නෙමෙයි කියල … වචනයක් ආවා.”
      … අත්‍යයන්ත ලක්ෂණ පැත්තකින් තියල වෙන දේවල් සොයනවා. … මේකට ඇතිවූ රාගය නිසා මේක සංඥාවක් බව දැනගත්තෙ නෑ. … අනාත්මය තුල ආත්මයක් හොයනවා. මොකක්ද අනාත්මය? ධර්මතාවය ඉස්සරහට එනවා. ධර්මතාවය අවබෝධ වෙනවා. අවබෝධ වුනාට පස්සේ, ධර්මතාවය අවබෝධ වීමට ආපු අත්‍යයන්ත ලක්ෂණය අල්ලගන්නවා මම දැන් ඉතුරැ ටික කරන්න ඕනෙ කියල. ඒකට තමයි අනාත්මය ආත්මයක් කරගන්නව කියන්නෙ. … අනාත්මය විතරක් අවබෝධ වෙලා හරියන්නෙ නැහැ. ත්‍රිලක්ෂණයක් තියෙනව අවබෝධ කරගන්න. …
      “වේගයෙන් වෙනස්වීම දැකපු තැන … අනිත්‍යය … කියන ධර්මතාවය ඇවිල්ල තියෙනවා. … මට ඕන විදිහට පවත්වන්න බැහැ කියනකොට දුකත් තියෙනවා.”
      … ඔය ධර්මතා 3 එකිනෙක කැරකිලා එන්නෙ. වෙස්මූනු දාගෙන එන්නෙ. වෙස්මූණ ගලවන එකට තමයි ප්‍රත්‍යයක්ෂය කියන්නෙ. … අනාත්මය අවබෝධ කරගත්තා. මේ අනාත්මය තුල ආත්මයක් සොයන නිසා අනිත්‍යය අවබෝධ වුනේ නෑ. … වෙනස් වෙන වේගයට අහුවුනාම තමන් ඒක රෑපයක් විදිහට බාරගත්තා. හැබැයි එතන රෑපෙත් අවබෝධ වෙලා තියෙනවා මේක ඇහෙන් පෙනිච්ච එකක් නෙමෙයි කියල. … මේක සිතුවිල්ලකින් ආවෙ කියල. ….. දැන් මීට වඩා අවබෝධයක් තියෙනව ඔතන. … මම දැන් කියපු ටික හරහා. …

      මේ ලෝකෙ මේ අය නිත්‍යය විදිහට අල්ලගෙන ඉන්න එකක්, මේක නිත්‍යය නෑ මේක බොරැවක් කියල කැඩිල තියෙනව එතන හොඳට. මුලදිම ඒක කැඩිල තියෙනව. …

      … මේ රෑපය මම ඇහෙන් නෑයි කියල නෝන කියනවා. ඒක ආවෙ කොහෙන්ද කියල ඇහුවම ඒක සිතුවිල්ලකින් දැනගත්තෙ කියල කියනව. ඒ හරහා ලොකු ධර්මතාවයක් මගේ ලඟට ආව ……. ආව නම් ඒ මොකක්ද කියල කියන්න පුඵවන්ද? …. (යථාභූත ඥාණ දර්ශණය ඇතිවීමට)…..

      … මේ හැම දෙනාම හිතන් ඉන්නෙ රෑප බලන්නෙ ඇහෙන් කියල. …
      මේක තමයි මේ රෑප කලාප කියන්නෙ. මේක කැඩිල සුනුවිසුනු වෙලා යනව තමන් බලන් ඉන්නව. අනිත්‍යය අවබෝධ වුනා නම් රෑප කලාප කියන්නෙ මොකක්ද, රෑප කලාපයේ වේගය දැනගන්න තිබ්බා අතනදී. ඒක දකින්න බැරිවුනේ අනිත්‍යය දැක්කෙ නෑ. ඒක අල්ල ගත්ත නිත්‍යය සංඥාවෙන්. ….
      … මේ රෑප කලාප කැඩෙන එක බලාගෙන ඉන්නව ඊට වඩා වැඩි වේගවත් කෙනෙක්. මේ ලෝකය කියන්නෙ වේගයන් දෙකක් බව අවබෝධ කරගන්න තිබ්බා. ඒක වැදගත් ධර්මතාවයක්. වේගයන් දෙකක් ක්‍රියාත්මක වන්නෙ. එකක් රෑප කලාප කැඩෙන එක තමන්ට පේනවා. ඒක අවබෝධ වෙනවා. හැබැයි ඒ අවබෝධ වෙන්න නම් ඊට වඩා වැඩි වේගයකින් ඒක දිහා බලන්න එපැයි. …
      … ඊට වඩා තව ධර්මතාවයක් ආව මුල මට්ටමේ අවබෝධ කරගන්න. ඒක තමයි මේ නෝනා කියන්න හැදුවෙ. මේ ආයතන ගැන. … හිතාගෙන ඉන්නෙ රෑප බලන්නෙ ඇහෙන් කියල. දැන් මේ … විස්තර කරන්නෙ … රෑපයක් ගැන. … 100% ක් තහවුරැ වෙලා තියෙනව, ප්‍රත්‍යයක්ෂ වෙලා තියෙනව, විචාරයෙන් පිලිඅරන් තියෙනවමේක ඇහෙන් දැක්කෙ නෑ කියල. … එහෙනම් ඇහෙන් රෑප බලනවයි කියල තිබුනු මිථ්‍යා විශ්වාසය මේ සියලු දෙනාටත් දැන් නැති කරගන්න වෙනව ඇහැට නෙමෙයි රෑප පේන්නෙ කියල. … කනට නෙමෙයි සද්ද ඇහෙන්නෙ … මේවා ඔක්කොම රෑකඩ. රෑකඩය නටන්නෙ ඔය එකක්වත් ඇතුව නෙමෙයිනෙ. නූලෙන් නටන්නෙ. එහෙනම් මේ සියල්ලම මේ රොබෝ. හැබැයි ඒ රොබෝ වැඩ කරන්න අරව අවශ්‍යයත් නෑ. ඒ අවබෝධය ගන්න ඕනෙ අනික් පැත්තෙන්. මේ ආයතන 6 ක් ගැන කතා කරාට … දැන් මේ නෝනා ඔප්පු කරනව, ඇහැ නැති වුනාට රෑප පේනව කියල. එහෙනම් ඇහැ නැතිවුනාට රෑප පේනව නම් ඇහැ තියෙන වෙලාවෙත් රෑප බලල තියෙන්නෙ කවුද? ඇහැ තියෙන වෙලාවෙත් රෑප බලල තියෙන්නෙ ඇහැ නෙමෙයි කියල තේරෙනවනේ දැන්. …
      …… ජීවිතේ කියන්නෙ මනෝ විකාරයක්. ඒ මනෝ විකාරය තමයි මෙ පෙන්නල තියෙන්නෙ. …. (ධර්ම කරැනු මදි නිසා අවබෝධ වුනේ නෑ) ….(ධම්මට්ඨිති ඥාණය – ධර්මය කෙරෙහි නොසැලෙන ඥාණය) ….
      ….

  • #3423

    shiromi

    ඇස් නැති අන්ධ වුවකුගෙන් එක්තරා ස්වාමින් වහන්සේ නමක් ඔබට රුප පෙනෙන්නේ නැති නිසා ඇස් ඇත්තන්ට මෙන් ප්‍රශ්න අඩුයි නේද ? කියා ඇසුවිට ඔහු පවසා තිබුනේ ඇස් තිබෙන අයටත් වඩා හොදින් කිසිම අඩුවක් නැතිව ඔහුට පෙනෙන බවයි ….

    රුපයන්ගේ (අභ්‍යන්තර හා බාහිර රුප දෙකක් අතර ස්පර්ශය නිසා ) එයට නම් ගම් එනම් සංඥා දෙන්නා (නාමය/මනෝ වින්ඥානය ) ගේ වැඩය තවත් එකක් . දෙකම සම්බන්ධය අවිද්‍යාවම නිසාම මයි. විඥානය මායාවක් බව අමතක නොකරනු. එහි කාර්ය, නැතිදේට සංඥා දිමයි.
    ඒ නිසයි අපි ප්‍රකට වෙන අරමුණු දැනීම් මාත්‍රයෙන්ම මෙනෙහි කර ඉවත් කලයුත්තේ. සංඥා දෙන්නාව කොටු කරගෙන සංඥා නොදෙන ලෙස වැඩ පැවරීමයි අපි භාවනාවේදී ප්‍රගුණ කරන්නේ.

    මම කියා ගන්නා ලෝකයම සංඥා විපල්ලාසයක්…. සංක්ෂිප්තව කියනවා නම් සංඥා දීම නතර වීම මයි නිවන…

  • #3539

    Bds

    සංඥා සංසිඳීම ගැන ගරැතර ස්වාමීන් වහන්සේගෙන් නිරෝධ වුනු, “KS 06 යෝගාවචර විදර්ශනා අත්දැකීම් (170)” සාකච්චා වෙන් කොටසක් (1.51.40 සිට), පහත දැක්වෙන පරිදි ගොනුවුනි.
    … …..
    …. භාවනාව කියන්නෙ මෙතනදි බලාගෙන ඉන්නනේ තියෙන්නෙ … බලාගෙන ඉන්නකොට වෙන්නේ දියවීමතමා. කොයික දියවුනත් දියවෙන්නෙ තමන්ගේ තිබෙන්නාවූ මතකය. රෑපය කියන්නෙ මේ තිබෙන්නාවූ මතකය. වම දකුණ කියන්නෙ මතකය. මුලින්ම දියවෙන්නෙ මේ ආයතන 6. මේ ආයතන 6 සම්බන්ධයෙන් විවිධාකාර වූ නම් දීල තියෙනව. … ශරීරයේ තියෙන කෑලි වලට ලක්ෂගානක් නම් දීල තියෙනව. එක එක ඒවාට එක එක නම් දීල තියෙනව. දණහිසේ කැක්කුම … … විවිධාකාර වූ නම් වලින් කියනවනේ මේ ටික. .. ඔය කියන ඔක්කොම ටික ක්‍රමානුකූලව ක්‍රමානුකූලව දියවෙමින් යන එකනෙ මුලින්ම වෙන්නෙ. …
    (රෑපය දියවීම පහල විස්තර වෙනවා)
    …. පරියන්කයේදී අපි ගන්නෙ රෑප 5 යි. ඒක තමයි අපට ප්‍රකට වෙන්නෙ. ඒක රඵ විදිහට ගොරෝසු විදිහට ප්‍රකට වෙනවා. භාවනාවට ආධුනිකයකුට ආශ්වාසය කිව්වහම හරි විශාල දෙයක්. … ආශ්වාසය කියන එක ගැනීම හරහා … මීට පෙර තමන්ගෙ නොදන්න රෑප ටික නිකම්ම දියවෙනව. මේ ටික ගන්නකොට තමන්ගෙ මීට පෙර කෑම, බෝංචි කියන එක … ඒවා නිකම්ම දියවෙලා යනවා. ඒවා එලියට එන්නෙ නැතිව ඒවා ක්‍රමානුකූලව සංසිඳෙනවානෙ. මුලින් පටන් ගන්නකොට ආශ්වාසය බලාගන්න බෑ … පේන්නෙ කාපු කෑම ටික…. ගේදොර, රස්සාව ….. ඒක එන්නෙ මොන විදිහටද? සංඥාවක් විදිහට. සිතුවිල්ලක්නෙ එන්නෙ. හැබැයි සිතුවිල්ලක් කියල දන්නෙ නෑනෙ. … සිතුවිල්ලක් බව දන්නෙ නැති තරමට ඒකත් එක්ක ඉන්නවා. (තව තව සිතුවිලි හදනවා). … (මේ ආයතන 6 හරහා දාගත්තු කාමගුන 5 තමයි මුලින් එන්නෙ). …… සිතුවිල්ලක් විදිහට ඒ රෑප ආවෙ … … ඇතුලෙ තිබිල. …. මීට පෙර ඇතුලට ගිහිල්ල තියෙනව කොහේ හරි කාලෙක. …. මේක මේ වෙලාවෙ ඇතුලෙ ඉඳල ආව. … මෙතෙක් කල් ඇහෙන් රෑප දැකපු මනුස්සයට දැන් තේරෙනව ඇහැ නැතුවත් රෑප පේනව කියල. … දැන් තේරෙනව. …. ඇහැ කියන එක රෑකඩයක්. ඇහැ කියන්නෙ මිථ්‍යාවක්. … චක්ෂු විඤ්ඤාණයක් හටගන්නෙ නැතිව … රෑපයක් පෙන්නල තියෙනව. … එහෙම එකක් වෙන බව දැන ගන්නව භාවනා කරන්න පටන් ගත්ත එක්කෙනා. … ඔය ටිකට අපි කියනව … රෑපය කියල. … ඊට පස්සේ ඒ රෑප ටික එහෙමම තියෙද්දී ඒ වෙනුවට අපි (යෝනිසෝමනසිකාරයෙන්) දාගත්තාවූ මේ ආයතන 5 මෙනෙහි වෙන්න පටන් ගන්නවා. ශබ්ද, වේදනා, සිතුවිලි, ආශ්වාස, ප්‍රාශ්වාස ….. (මේ මෙනෙහි වීමත්) ටිකෙන් ටික අඩුවෙවී යනවා. අඩුවෙවී ගිහිල්ල නොකියවෙලාම යනවා. අන්න ක්‍රමානුකූලව රෑපය දියවෙලා දියවෙලා ගිහිල්ලා රෑපය නැතුවම ගියා. … මුලදී දැන ගන්නෙ හෝන් ගැහිල්ල. ඊට පස්සෙ ශබ්දය කියල. දැන් ශබ්දයත් නෑ. ඒකත් දියවුනා. ….
    (රෑප සංඥාව දියවීම පහල විස්තර වෙනවා)
    …. දැන් ඊට පස්සෙ පරිසරයේ ශබ්ද තියෙනවා. ශබ්ද තිබ්බට තමන්ට බාධාවක් නෑ. ශබ්ද කියල දැනෙන්නෙත් නෑ. … දැන් මේ ශබ්ද කියන එක දැනගන්නව සිතුවිල්ලක් විදිහට. … ඒවගේ තමයි රෑපෙටත්. … සිතුවිල්ලක් කියල දැනගන්නවා. … එන්නාවූ එන්නාවූ සියඵ සිතුවිලි ටිකත් ඊට පස්සෙ දිය කරන්න ඕනෙ. ඒක දිය කරනකොට තමයි මේ ධාතු ටික එන්නෙ……
    (ධාතු දියවීම පහල විස්තර වෙනවා)
    … (උදා:) රෑපයේ සංඥාවක් විදිහට ධාතු පෙන්නුවා. ධාතු පෙන්නුවහම ඒක ආපෝ කියල අල්ල ගත්තා. දැන් එහෙනම් ඕකත් දියවෙන්න ඕනෙ. ඕකත් දියවෙනකොට ආපෝවත් තේරෙන්නෙ නෑ.
    (ධාතු සංඥාව දියවීම පහල විස්තර වෙනවා)
    ඊළඟට එනව ඒකෙත් සංඥාවක්. ආපෝද කියාගන්න බැරි, වැගිරෙනවද පිඩුවෙනවද කියා ගන්න බැරි, තද වෙනවද බුරැල් වෙනවද කියාගන්න බැරි සංඥාවන් මට්ටමට ඕක දියවෙනවා. … ඒක තමයි කියන්නෙ ධාතු සංඥාව. ධාතුවත් සංඥාවක් බවට පරිවර්තනය වෙනවා. මුලින් රෑපය රෑප සංඥාවක් බවට පරිවර්තනය වෙනවා. ඒකත් එක්ක ධාතු එනවා. ධාතුවත් දියවෙලා දියවෙලා ගියාට පස්සෙ, ධාතුවටත් නම් ගම් කියාගන්න බැරි – කියාගන්න පුඵවන් අතර මැද මට්ටමක් එනවා. අන්න එතකොට ධාතු සංඥා. තදගතිය බුරැල් ගතිය නොදැනයි එතකොට ධාතු කියන්නෙ. …. තද ගතිය බුරැල් ගතිය එක්කයි පඨවි කියන්නෙ. …
    හැබැයි ඕවා අත්දකින්න ඕනෙ. මේ බණ ඇහුවට හරියන්නෙ නෑ. අන්න එතකොට ඕකත් දියවෙලා දියවෙලා ගියහම අන්තිමට වචන ප්‍රකාශ කරන්න බැරි මට්ටමක් එනව. මේවා මේ මට්ටමට එන්නෙ කොයි වෙලාවෙද? මේ විතක්කය තියෙනකම් මුලින් විතක්කයෙ වම දකුණ හැලෙනව. වම දකුණ විතක්කය හැලුනට පස්සෙ ඒ වෙනුවට සිතුවිල්ලක් කියන විතක්කයට එනව. ආශ්වාසය ප්‍රාශ්වාසය කියන විතක්ක හැලෙනව. සිතුවිල්ලක් කියන විතක්කය එනව. ඊට පස්සෙ සිතුවිල්ලක් කියන විතක්කයත් ඉවර වෙලා ඔය ධාතු කියන විතක්කයට එනව. …. ඒකත් හැලුනට පස්සෙ එතන සිතුවිලි වලට එනව. ඒකත් හැලෙනව. එතකන් විතක්කය තියෙනව. …. ඔතනට ගියාම කට්ටිය හිර වෙනවා (ධ්‍යාන). … නිත්‍යය සංඥාව තුල සුඛයක් තියෙනව මේ සිතුවිලි ටික යටපත් වෙනකොට. අන්න ඒක කඩාගෙන ඉස්සරහට ගිය එක්කෙනාට, නැවත විදර්ශණාව ආරම්භ කරල විදර්ශණාව කරාට පස්සෙ එයාගෙ මේ සියල්ල සංසිඳෙනව. ….
    (ධාතු මනසිකාරය පහල විස්තර වෙනවා)
    ….. විතක්කය අභ්‍යයන්තරයෙන් වැඩ කරන්න පටන් ගන්නව. මෙනෙහි කිරීම අභ්‍යයන්තරයේ වෙනව. … තමන්ට යමක් ප්‍රකට වීම නතර වෙනවා. ….. නතර වෙන්නෙ සංඥාව. එතෙක් කල් සංඥාව තමයි ප්‍රකට වුනේ. රෑපය කියල ප්‍රකට වුනෙත් සංඥාව. හැබැයි දැනගත්තෙ නෑ. සංඥාව කියල රෑප සංඥාව විදිහට ප්‍රකට වුනෙත් සංඥාව. … ධාතු විදිහට ප්‍රකට වුනෙත් සංඥාව. …. ධාතු සංඥාව විදිහට ප්‍රකට වෙන්නෙත් සංඥාව. … මේ සියල්ල ඉවර වුනාට පස්සෙ අප්‍රකට තත්වයක් එනවා. ඒකට තමයි කියන්නෙ ධාතු මනසිකාරය කියල. ධාතුව මනසිකාර වෙනවා. ධාතුව කියන්නෙ රෑප කලාපය. රෑප කලාප මනසිකාර වෙනව. ඒගොල්ල වැඩ කරනවා. හැබැයි ඒකට නම් ගම් කියාගන්න කෙනෙක් නෑ. …. නම් ගම් හොයාගන්න තරම් ඝනත්වයකට පත්වෙලා නෑ. ඝනත්වයක් තිබුනොත් විතරයි නම් ගම් දීගන්න පුඵවන්. ආකාරයක් තියෙනව නම්, හැඩතලයක් තියෙනව නම්, සටහනක් තියෙනව නම්, වර්ණයක් තියෙනව නම් ඒකට නමක් හදන්න පුඵවන්. එහෙම නැති තැන නමක් හදාගන්න බැරිවෙනවා. බැරිවෙච්ච වෙලාවේදී නම් ගම් දෙන එක නතර වෙනවා. නම් ගම් දෙන එක නතර වීම තමයි කියන්නෙ මෙනෙහිවීම නවතිනවයි කියල. සංඥාව එලියට එන එක නතර වෙනවා. …. ඔතන තමයි ඔය ගෝචර විඤ්‍ඤාණය. ඒක තමයි රහතුන් වහන්සේ ගෝචර විඤ්ඤාණය හටගත්ත තැනින්ම නතර කරනව. ගෝචර විඤ්ඤාණය කියල කිව්වෙ මේ රෑප කලාප ස්පර්ශවීම. ආශ්වාසයේ ගෝචර විඤ්ඤාණය කිව්වෙ මේ නහයේ රෑප කලාප ටිකයි හුලං රැල්ලේ රෑප කලාප ටිකයි එකට ස්පර්ශ වෙනව. නම ගම දීගන්න බැරි නම් අන්න ආශ්වාසය සංසිඳිල තමන්ට දැනීමක් නැතුව යනව. …. රෑපය දියවෙන වෙලාවේදී අපි කියන්නෙ කාය සංස්කාර වචී සංස්කාර සංසිඳෙන්න ඕනෙ. ඒ කියන්නෙ විතක්ක විචාර. කාය සංස්කාර සංසිඳෙන්න ඕනෙ ආශ්වාස ප්‍රාශ්වාස ….. සද්ද වේදනා සිතුවිලි ….. ඊට පස්සෙ චිත්ත සංස්කාර වේදනා සංඥා දෙක. ඔය දෙක සංසිඳෙනව.
    (විමුක්ති සිත පහල විස්තර වෙනවා)
    ඔය දෙක සංසිඳුනායින් පස්සෙ තමන් මේ ලෝකෙ මුකුත් දන්නා නැති මට්ටම. ඒ වෙලාවෙ තමයි නිවනට දොරටුව ඇරෙන්නෙ. ඕකට තමයි අපි කියන්නෙ සිතේ විමුක්තිය කියල. … වීත රාගී, වීත ද්වේශී, වීත මෝහී සිත. ඒ වෙලාවට මේ ඔක්කොම සංසිඳිල. හැබැයි ඕක සදාකාලික නෙමෙයි. චිත්තක්ෂණයයි. … විදර්ශණා කරන එක්කෙනා, මේ අපි යන්නෙ ක්ෂණික සමාධිය තුල. ක්ෂණික සමාධිය කියන්නෙ ඔන්න ඕක. හදා ගන්නව. ආයෙ කැඩෙනව. හදා ගන්නව. ආයෙ කැඩෙනව. හැදෙනව කියන්නෙ මේ අරමුණ දැනගත්ත නම් එතනින් ඉවරයි. දැන ගත්ත බව දැන ගන්නව. … විදර්ශණා සමාධිය. ඇතුලත රෑප කලාප වැඩ කරනව. එලියට දීගන්න බෑ. ඒකයි ධාතු මනසිකාරය කියල කියන්නෙ. ධාතු මනසිකාරය හැම චිත්තක්ෂණයක් පිටුපස්සෙම හැදෙන්න ඕනෙ. හැදිච්ච වෙලාවේදී දැනගන්න ඕනෙ. එක චිත්තක්ෂණයකින් ඕක දැනගන්න බැහැ. ඒක නිසා චිත්තක්ෂණ 4 ක් 5 ක් වත් එකතු වෙන තරමට වැඩි දියුණු කරන්න කාලයක් යනවා. ඒකටයි ඉවසන්න කියන්නෙ. ඒක ඉවසපු එක්කෙනාට, මේ රෑප දියවෙලා ගිහිල්ලා සංඥාවක් නැති හිස් තැනක් හම්බවෙනවා.
    (නිවන)
    අන්න ඒ විවේක කාලය, තමන්ට ඒ බවත් නොදැනී ගිය වෙලාවට, ඒකයි නිවන. එතකොට තමන්ට චේතනාවක් පහල වෙනවා, මේක තමයි නිවන කියල. ඒක පහල වෙන්නෙ අනිදස්සන විඤ්ඤාණය හරහා. විඤ්ඤාණය එතකොට වැඩ නැහැ. නාමරෑප නිරැද්ධ වෙලා තියෙන්නෙ. නාමරෑප නිරැද්ධ වෙච්ච නිසා රෑපය ගැන කතා කරන්න කෙනෙක් නෑ. කතා කරන්න කෙනෙක් නැති වෙලාවේදී අනිදස්සන විඤ්ඤාණය හරහා තමන්ට පෙන්නුම් කරල දෙනව මෙන්න විවේකය ලැබුන කියල. නිවන කියන්නෙ විවේකය. ඔන්න ඕකටයි මේ සියඵ දෙනාම යන්න උත්සාහ කරන්නෙ. …..
    ……
    …….
    බුදු සරණයි

    • #3540

      chiranthi

      Much merits. this is very helpful.

  • #3543

    Uresha Rupasinghe

    ඔබතුමියට රූපය දියවිමේ සිට උතුම් නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය ප්‍රත්‍ය වේවා !

    තෙරුවන් සරණයි

  • #3549

    admin

    ස්වාමින්වහන්ස,

    මගෙ හිත දැන් නිතරම කලකිරුනු ස්බාවයෙනුඉ පසුවන්නෙ.සිතුවිල්ලක් පැමිනිමම දැන් මට දුකක් වෙලා.හිතට කිසිම අරමුනක් එන්නෙ නැත්නම් හොදයි කියලයි නිතරම හිතෙන්නෙ.මෙ සියල්ලමත් සිතුවිලි.ඉස්සර ඉදන්ම මන් මානසික සැනසුම සොයපු කෙනෙක්.මෙ බාවනාවටත් මන් ඇලිල තියෙන්නෙ එතන මානසික සුවය තිබෙන නිසයි.ඉස්සර මන් හිතුවෙ හොද ‍රැකියාවක් සල්ලි හොදට තිබ්බොත් සතුටින් ඉන්න පුලුවන් කියලා.එත් දැන් අරමුනක් එන එකම මට දුකක් වෙල තියෙන නිසා එවගෙ සැපයක් පෙන්නෙ නෑ ස්වාමින්වහන්ස.මට වෙලාවකට හිතෙනවා එකම මනුස්සයෙක්වත් නොපෙනෙන තැනකට යන්න.එත් දුක පැමිනෙන්නෙ මගෙ හිතට සිතුවීලක් ආවමයි.මට ගොඩක් වෙලවට මහනවෙන්න යන්න හිතෙන්වා ස්වාමින්වහන්ස.මම දැනට අවුරුදු 4ක ඉදන් දාන දිලා ප්‍රාර්තනා කරෙ මට මෙ පිනෙන් මහන්වෙලා නිවන් දකින්න ලැබෙන්න කියලයි.නමුත් දැන් තෙරෙනවා මහනකමෙත් නිවන නැ.එක තියෙන්නෙ අබ්යන්තරෙයි කියල.බාහිර දෙවල් එක්ක මට නොගැටි ඉන්න තරම් මගෙ තන්හාව තවම අඩු වෙලා නැති බව මට තෙරෙනවා.බොහොවෙලාවට යම් දේවල් වලට කෙන්ති අරන් විනඩි 5ක් වගෙ යනකොටයි මට සතිය පිහිටෙන්නෙ.නමුත් අර විනාඩි 5 මගෙ හිතට හරිම අපහසුයි ස්වාමින්වහන්ස.මන් කලින් ඉදන්ම මහනවෙන්න යන්න තැන් පවා හොයල තියෙනවා.නමුත් ලන්කාවෙ ගැහැනු අයට මහන වෙන්න හොද තැන් තිබෙනවද කියා මට සොයාගන්න බැරි උන.මහනවෙන්නත් වෙලාවක් එයි කියල එක එනකන් බලන් ඉන්න එකයි දැනට වෙන්නෙ ස්වාමින්වහන්ස.හිත හරිම නොසන්සුන්.සහනයක් නැ ස්වාමින්වහන්ස.පැම්නෙන සැම සිතුවිල්ලක්ම මගෙ කර නොගෙන ඉන්න මට බැරිවෙලයි තියෙන්නෙ.ස්වාමින්වහන්ස ඉවසිමෙන් බල ඉන්නව හැරෙන්න මට කරන්න යමක් තව තිබෙද?ඔබවහන්සෙගෙ කරුනාවට මගෙ මෙ ප්‍රශ්නය යොමු වෙලා මට පිලිතුරක් ලබදීමට ඔබවහන්සෙගෙ අනාත්මයට සිතේවායි පතමි.කරුනාවෙන් පිලිතුරක් ලබාදෙන්න ස්වාමින්වහන්ස.සිතෙ කලකිරුනු ස්බාවය සිතුවිල්ලක් ලෙස මෙනෙහි වුවත් එයමයි නැවතත් පැමිනෙන්නෙ.සිතේ අසහනකාරි ස්බාවයෙනුයි පසුවන්නෙ
    තෙරුවන් සරනයි

    ස්වාමීන්වහන්සේගේ පිළිතුර

    මෙය භාවනාව වැඩිදියුණු වන ස්වබාවයක් බවට මෙනෙහි නොවුනිද?. පංච ඉන්ද්‍රියන් සහ පංච බල වැඩිදියුණු වනවා නොවේද? කලකිරීම දැනගත්තේ කෙසේද? එය සංඥාවක් බව නොතේරුනිද? කලබලයට පත්විමම නිවන වලක්වන්නක් බව නොතෙරුනිද? එවැනි සංඥාවක් පැමිණි බව නොදන්නේද?

    සිදුවියයුතු සියල්ල ඒ ආකාරයට සිදුවන බවත් නොසිදුවියුත්තක් සිදු නොවන බවත් තේරුම් ගැනීමට තමාගේ ඉවසීම ප්‍රමාණවත් නොවන බව නොතේරුනිද?

    ඉවසීමේ සීමාවක් නොමැති බව තේරුම් ගත් චිත්තක්ෂණය උදාවන තුරු, ඉවසියයුතුබවට වන අවබෝධ මට්ටම දියුණු වනතුරු ඉවසිය යුතු නොවේද?

    ඔබගේ අනන්‍යතාවය නොපෙන්වනසේ මෙම ගැටලුවත්, පිළිතුරත් අනෙකුත් පිංවතුන් අතරේ බෙදාහැරීම සම්බන්දයෙන් විරෝධතාවයක් නැතැයි චේතනාවක් පහලවූ බව දැනුනි.

    • #3551

      Bds

      ගරැතර ස්වාමීන් වහන්ස,

      එතුමියගේ ප්‍රශ්ණ වලට මගේ අත්දැකීම් හරහා නිරෝධවුනු වචන ටිකකි පහත දැක්වෙන්නේ.

      “මගෙ හිත දැන් නිතරම කලකිරුනු ස්බාවයෙනුඉ පසුවන්නෙ.සිතුවිල්ලක් පැමිනිමම දැන් මට දුකක් වෙලා. හිතට කිසිම අරමුනක් එන්නෙ නැත්නම් හොදයි කියලයි නිතරම හිතෙන්නෙ.මෙ සියල්ලමත් සිතුවිලි.”

      සිතුවිල්ල එන එක දුකක් තමයි. ඒකයි සිතුවිල්ලමයි (පංච උපාදානස්කන්ධයමයි) දුක කියල දේශණා කරල තියෙන්නෙ. සිතුවිල්ල ඉබේ එනඑකක් මිසක් මම කරන එකක් නෙමෙයි, බුදු හාමුදුරැවො කියනව මෙතන මම කියල කෙනෙක් නෑ කියල, මේ සිතුවිලි මට පාලනය කරන්න බැරි ඒ නිසානේද කියල නිතරම හිතන්න. අරමුණක් එන්නෙ නැත්නම් හොඳයි කියල හිතන එක නවත්තල අර විදිහට හිතන්න. අරමුනු එක්ක වෛර බැඳ ගන්න එපා. කවදහරි දවසක ඔබගේ භාවනාවේදී හෝ දවසේ සිත සමාධිමත්වූ යම් වෙලාවක නිවන් චිත්තක්ෂණය අත්විඳින්න ලැබුනොත්, ඊටපසු චිත්තක්ෂණයේ දී මේ සිතුවිලි නිසා විඳින දුක නැති වීම නිසාම උපන් ඒ නිවන් ච්ත්තක්ෂණයේ තණ්හාව නැති සුවය අවබෝධ වුනොත් ඔබට ඒ මොහොතේම දුකේ නිරෝධය අවබෝධ කරගන්න පුඵවන්. එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනව.

      “ඉස්සර ඉදන්ම මන් මානසික සැනසුම සොයපු කෙනෙක්.මෙ බාවනාවටත් මන් ඇලිල තියෙන්නෙ එතන මානසික සුවය තිබෙන නිසයි.ඉස්සර මන් හිතුවෙ හොද ‍රැකියාවක් සල්ලි හොදට තිබ්බොත් සතුටින් ඉන්න පුලුවන් කියලා.එත් දැන් අරමුනක් එන එකම මට දුකක් වෙල තියෙන නිසා එවගෙ සැපයක් පෙන්නෙ නෑ.”

      ඇත්තටම ඔබ කියන එක හරි. මම ගැන කිව්වොත් මට දැන් අවුරැදු 9 කට (2007) ඉස්සෙල්ල එකපාරටම සිතුවිල්ලක් ආවා අපි මේ මොනවද කරන්නෙ කියල. කෑම උයනව, උයපු ඒව සුද්ද පවිත්‍ර කරනව, කනව, …, ආපහු උයනව ….. බඩ පුරවන්නයි , ඉන්න තැනකටයි, ඇදුම් පැලදුම් බෙහෙත්හේත් වලටයි සල්ලි හොයන්නනෙ අපි රස්සාවල් කරන්නෙ. රස්සාව කියන්නෙත් පුදුම දුක් ගොඩක්නෙ බලාගෙන යනකොට. රස්සාව සොයාගන්න ඉගෙන ගන්නත් පුදුම දුකක්නෙ වින්දෙ (මගේ දරැව විදින වදය මට පේනව දැන්)

      “නමුත් දැන් තෙරෙනවා මහනකමෙත් නිවන නැ.එක තියෙන්නෙ අබ්යන්තරෙයි කියල.බාහිර දෙවල් එක්ක මට නොගැටි ඉන්න තරම් මගෙ තන්හාව තවම අඩු වෙලා නැති බව මට තෙරෙනවා.බොහොවෙලාවට යම් දේවල් වලට කෙන්ති අරන් විනඩි 5ක් වගෙ යනකොටයි මට සතිය පිහිටෙන්නෙ.නමුත් අර විනාඩි 5 මගෙ හිතට හරිම අපහසුයි …….”

      මටත් හරියට කේන්ති ගිය කෙනෙක්. ඔබට විනාඩි 5 කට පස්සෙ හරි සතිය එනව. ඒක කොච්චර ලොකු දෙයක්ද. මම ඒ දවස්වල දවස් ගනන් පුපුර පුපුර ඉන්නවා. හැබැයි පස්සෙ මටම ලැජ්ජයි වුනු දේට. 2007 ම දවසක් මට දේවානන්ද හාමුදුරැවන්ගෙ බනක් අහන්න ලැබුනා. උන්වහන්සේ කිව්වා කවුරැ හරි තමන්ට බැන්නොත් ඒ මනුස්සයත් එක්ක තරහක් ඇතිකරගන්න එපා කියල. හේතුව ඒ මනුස්සය නෙමෙයි බැන්නෙ, ඇතුලෙ චාජ් වෙලා තිබුන ශක්තිය හේතු සකස් වෙන කොට දොට්ට පැන්න කියල. එතකොට මට හරි සතුටක් ආවා මම නෙමෙයිනෙ බනින්නෙ. ඒ වගකීම මම ගතයුතු නැහැ කියල. මම කල යුත්තේ මේ ශක්තිය discharge වෙන විදිහට කටයුතු කල යුතුයි කියල. ඊට පස්සෙ ඉඳල ඇතුලෙන් තරහ ආවත් ඒක ක්‍රියාවට නොනග ඉන්න මහන්සි ගත්තා. මේවට ක්ෂනික විසඳුම් නැති බව අපි තේරැම් ගන්න ඕනෙ.

      “මන් කලින් ඉදන්ම මහනවෙන්න යන්න තැන් පවා හොයල තියෙනවා.නමුත් ලන්කාවෙ ගැහැනු අයට මහන වෙන්න හොද තැන් තිබෙනවද කියා මට සොයාගන්න බැරි උන.මහනවෙන්නත් වෙලාවක් එයි කියල එක එනකන් බලන් ඉන්න එකයි දැනට වෙන්නෙ …. හිත හරිම නොසන්සුන්.සහනයක් නැ ….. පැම්නෙන සැම සිතුවිල්ලක්ම මගෙ කර නොගෙන ඉන්න මට බැරිවෙලයි තියෙන්නෙ…….. ඉවසිමෙන් බල ඉන්නව හැරෙන්න මට කරන්න යමක් තව තිබෙද?”

      ඔබ හරි. ඉවසීම තමයි අවශ්‍යය. හැබැයි ඉවසීම කියන්නෙ තව බලාපොරොත්තු හදාගන්න එක නෙමෙයි. ඒ එන සිතුවිල්ල දුකක් කර නොගෙන ඉන්න ක්‍රමයක් හොයා ගන්න ඕනෙ. මට තේරැනා මේ හුඟක් දුක් වලට මුල අපේ බලාපොරොත්තු (hopes) සහ පසුතැවිලි (guilt) කියල. උදාහරනයක් විදිහට ගෙදර එනකොට තේ එක බොන්න කිරි නෑ. බින් එක ගෙට අරගෙන නෑ වගේ සුඵ ඒවටත් දුක හිතෙනව. මම 2010 යෙයි භාවනාවට යොමුවෙලා සමාධිය හදාගන්නකම්ම ඔය වගේ ඒවයි පැටලි පැටලියි හිටියෙ.

      “සිතෙ කලකිරුනු ස්බාවය සිතුවිල්ලක් ලෙස මෙනෙහි වුවත් එයමයි නැවතත් පැමිනෙන්නෙ.සිතේ අසහනකාරි ස්බාවයෙනුයි පසුවන්නෙ”

      ඒ කියන්නේ මේ සිතුවිල්ල ඔබ අල්ලගෙනයි ඉන්නේ. ඒහුරැව ආයිත් ආයිත් එනවා. සිතුවිල්ලක් ආවම මම ඒක සිතුවිල්ලක් කියල මෙනෙහි කරනවයි කියන එක බොහෝවාරයක් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට සිහියෙන් මනසිකාරය කරන්න. එතකොට අවශ්‍යය නැති සිතුවිල්ලක් එනකොටම ඒකත් සිතුවිලලක් කියල මෙනෙහි වෙලා ඒ ආපු සිතුවිල්ල ඔස්සේ සිතන එක නතරවෙනව.

      බුදු සරණයි

    • #3556

      achini

      ඔබගේ ගැටලුවට සටහනක් තබන්නට මා හට ද සිත් වුයේ නිවන මේ මොහොතේදී යෝගාශ්‍රමයේ ධම්මානුධම්ම වැඩපිලිවෙලට අනුගත වෙන්නට කලින් මා ද සිටියේ ඔබ ඉන්නාවු වන් තැනක නිසායි. මේ මොහොතේ මා තුලින් මේ නිරෝධ වන්නේද අතීතයේ නිරුද්ධ වු උපාදාන, සිතුවිල කන්දරාවක්ම බව දැන ගනිමින්ම මෙසේ සටහනක් තබමි.
      ඔයා වගේම මාත් ඉස්සර හිතුව අය්යෝ මේ සිතුවිලි මොන තරම් වදයක්ද.මේව එන්නේ නැත්නම් හිතට කොච්චර දෙයක්ද. ඒත් දැන් දන්නව ඒක නවත්වන්න පුලුවන් දෙයක් නොමෙයි නේද. ඒක අනාත්මයෙන් අපි සංසාරයක් පුරාවට කරන ලද හේතුන්ගේ සකස් වීමක් හරහා පැමිනෙන්නා වු තණ්හාවක් නේද. මේ මුලු ලෝකයම සිතුවිලි මතයි සංඥා මතයි ගොඩනැගිලා තියෙන්නේ. මේ ලෝකයම හරියට වැඩකරන්රෙන් සංඥා පද්ධතියක් මතයි කියලයි මට හිතෙන්නේ. සිතුවිල්ලක් පැමිණීම ඇත්තටම දුකක් තමයි. මේ චිත්තක්ෂණයටත් එය සිතුවිල්ලක් ලෙස මෙනහිකර අයින් නොකරන තාක් කල් තණ්හාව හරහා උපාදාන සිද්ධ වෙනවා. හේතුථල ධර්මයේ තියෙන්නේ තණ්හා පච්චයා උපාදනා…උපාදනා පච්චයා භවෝ…භව පච්චයා ජාති,ජරා,මරණ, සෝක, දුක්ඛ, දෝමනස්ස… ඔය ටික ඔක්කොම සකස් වෙනව නේද.
      ඔයා වගේම මාත් ඉස්සර මගේ අම්ම තාත්ත අය්ය නැතිවෙච්ච දුකට සැනසීමක් හොයාගෙන ධර්මයට ආපු කෙනෙක්. පිස්සුවෙන් වගේ අතන හොද හාමුදුරුවෝ කෙනෙක් ඉන්නව කිව්වම එතනට දුවනවා. තව තැනක තව හාමුදුරුවෝ කෙනෙක් ඉන්නව කිව්වට එතනට දුවනවා. ඉවරයක් නැති පිස්සුවක්. පිටු ගනන් ධර්ම දේශනා අහ අහා ලිව්වා. භෙෘ.තික දේවල් බලාපොරොත්තුවෙන්මයි දාන දුන්නේ. ඔයාට වගේම රස්සාවක් නැති කාලේ රස්සාවක් තිබුණනම් කොච්චර හොදද කිය කියා රස්සාල් හෙව්වා. රස්සාවක් ලැබුනා. ඒත් ඒකෙ හොයපු සතුට සැනසීම තිබුණද? මේවා සියල්ලක්ම අපේ පාලනයෙන් තොර අනාත්මයෙන් නිරුද්ධ වු දේවල් නේද. මගේ ප්ලෑන් 100ක් තිබුණනම්. ඒකෙන් එකක් වත් මට ඕන විදිහටම සිද්ධ වුනාද? ඔයා කියනව ඔයාට හිතෙනව කියල එකම මනුස්සයෙක් වත් නැති තැනකට යන්න කියල. එහෙම ගියොත් අපිට කෝ විදර්ශණාවට පසුබිමක්. හොදට මේ ආයතන 6ටම අරමුණු තියෙන තැනක නේද අපිට අපිව පරීක්ෂා කරගන්න පුලුවන් අපි ඉන්නේ කොතැනද කියල දැනගන්න පුලුවන්. ඔයාට වගේම මටත් මහන වෙන්න යන්න හිතුන වාර අනන්තයි අප්‍රමාණයි ඒ දවස්වල මාත් මහන කමේ නිවන තියෙනවද නැද්ද කියල බලන්න මෙහෙණි ආරාම 15ක විතර රැකියාවෙන් නිවාඩු දාල නතර වෙලා ඉදල පරීක්ෂණ කලා. ඒත් ඒ තැන් ගිහි ගෙදරට වඩා ගැටලු. ඒ නිසා ඒ අදහසත් කලකිරීමෙන්ම අතහැරියා.

      එත් නිවන මේ මොහතේදීම ධම්මානු ධම්ම ප්‍රතිපදාවට අනුගත වෙලා ඉන්න මේ මොහොතේදි දැන් දන්නවා නිවන තියෙන්නේ ආරාම වලවත්, ආරණ්‍යවලවත්, සුදුරෙද්දේවත්, කහ සිවුරෙවත් නෙමෙයි කියල. ඒක තියෙන්නේ මේ මොහොතේ මම දැන් මෙතන චිත්තක්ෂණයේ මේ දියුණු කරන් යන රාග,ද්වේශ, මෝහ නැති චිත්තක්ෂණ හරහා දියුණු කරන් යන විදර්ශණා සමාධිය තුල පමණක්මයි කියලා.

      සෑම සිතුවිල්ලක්ම පෘථග්ජන ලෝකයේ අපි අපේ කරගන්නයි, අපේ ආත්මය කරගනිමින් නේද ඉන්නේ. බුදුකෙනෙක් මේ ලෝකෙට පහල වෙලයි මේක අපේ නොමෙයි, මේක අපේ ආත්මය නොමෙයි. මේක නිත්‍ය දෙයක් නොමෙයි හැම වෙලේම වෙනස් වෙමින් යන වේගයක් කියන ධර්මතාවය පෙන්නලා දුන්නේ. මානසික සුවය සොයාගෙන භාවනාවට ඇලිල කියන්නෙත්, සාමාන්‍ය ජීවිතේ කේන්තියෙන් නොසන්සුන් තාවයෙන් ඉන්නවා කියන්නේත් අපි තුල රාග,ද්වේශ, මෝහමයි නේද බලවත් වෙලා තියෙන්නේ. අපි හැමෝම එක් එක් අන්ත වල ඉන්නේ දුකට සාපේක්ෂව සැපයි කියනව. සැපට සාපේක්ෂව දුකයි කියනවා. මේ මුලත් අගත් නැති මැදට උපේක්ෂයි කියනව. ඔය තුනෙන් කොහේ හරි තැනක නේද අපි සාපේකෂකව හැම වෙලේම නතර වෙලා ඉන්නේ.

      ඉතින් මහණ වෙන්න හොද තැනැක් ලැබෙයි කියන බලාපොරොත්තු ඇති කරන් ඒමත උපාදාන කරන් ඉන්නව කියන්නේ ඔයා තවත් භවයම සකස් කිරීමක් නේද. දුකම සකස් කිරීමක් නේද. ස්වාමීන් වහන්සේ දේශණා කරන ආකරයට සිදුවිය යුත්ත ඒ ආකාරයට සිදුවන බවත් නොසිදිවිය යුත්තක් සිදු නොවන බවත් යන දේ තමයි මගේ පෙෘද්ගලික අත්දැකීම් හරහා ලැබී ඇති අවබෝධයත්. මේක සීමාවක් නැති ඉවසීමක්. බලාපොරොත්තුවක් නැති ඉවසීමක්. අනාත්මයෙන් වෙන දේ බලාසිටීමක් පමණයි සිදුවිය යුත්තේ. අපේ ජීවිත වල කලකිරීම් විවිධාකාරයෙන් විව්ධ අවස්ථාවලදී පැන නගිනවා නේද. ඒක හැමෝටම පොදු වු ධර්මතාවයක්. ඔබගේ සිතේ පවතින්නාවු කලකිරීම් ස්වභාවය තුලම ඉවසීමෙන් අනාත්මයට ඉඩදී ඔබ මේ ධර්මානු ධර්ම ප්‍රතිපදාව තුල එතන එතන එන එන කෙලෙස් කපමින් වෙන දේ බලාගෙන මෙවැනි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කොනෙක් අපේ පිනට අපිට මුණ ගැහුණු මේ අවස්ථාවේ දි ඔයා කෙලෙස් තවන වැර ඇතිව සිහියෙන් නුවනින් වැටි වැටි හරි නැගිටින්න උත්සාහ කලොත් ඉදිරියේදී ඔබගේ කුසලය බලවත් වී අකුසලය යටපත් වී ඔබ සොයනා මානසික සැනසීම නිවනේ අසිරිය අත්විදීමට හැකි වේවි.

      මේත් නිරුද්ධ වුයේ සිතුවිලි රාශීයක් අයෝනිසෝ මනසිකාරයක් වුවත් මාත් ඔබ වැනි තැනක මීට පෙර සිටිය නිසා ඔබටම එය ආවේණික දෙයක් නොවන බවත් අපි හැමෝටමත් ඔය වැනි තත්වයන්ට පත්විය හැකි බවත් ඔය වැනි තත්වන්ට පත් වී ඇති බවත් හගවන්නට ඔබගේ ගැටලුවට තැබුවාවු සටහනකි.

    • #3558

      admin
      Keymaster

      මේ සියල්ලත් චේතනා පමණක්ම බව අවසානයේදී හෝ දැනගැනීම සතිය නොවන්නේද? නොනැවතී වෙනදේම බලා සිටින විට තව තවත් අප්‍රමාදීව සතිමත් නොවෙවිද?

    • #3557

      admin
      Keymaster

      උරේෂා රූපසිංහ මහත්මියගේ පිළිතුර,

      පින්වත් ඔබ කලකිරුණු ස්වභාවයකින් පසුවන බව ඔබ දැනගත්තේ කේසේද යන්න මදකට විමසා බලා ඇත්ද?
      එය වචන මාත්‍රයකින් පැමිනි සංඥාවක්ම පමනක් මිසක් සත්‍ය වශයෙන් පවතින්නාවු ස්වභාවයක් නොවේ.

      ඔබ ‘මානසික සැනසුම’ නම් සංඥාව පවතින දෙයක් වශයෙන් නිත්‍යව ගෙන ඇති බැවින්, එය සෙවීමට අසාර්ථක උත්සාහයක දිගින් දිගටම නිරතව ඇතිබව පෙනේ. ‘මානසික සැනසීම’ යනුද අභ්‍යන්තරයෙන් මතුවන්නාවු හිස්ම හිස් සංඥාවක්ම වන බැවින්, නැති දෙයක් පවත්වා ගැනීමට ඔබ විසින් මේතාක් දරන ලද අසාර්ථක වැයමේ ප්‍රතිපලයක් වශයෙන් පින්වත් ඔබ තුල ඔබ කෙරෙහිම විශාල ද්වේෂයක් සකස් වි ඇත. ඔබ භාවනාවට මාර්ගයට අවතීර්ණ වි සිටින්නේද ඒ ආකාරයේ (මානසික සුවය නම්වු) හිස් සංඥාවක් නිත්‍යව පවත්වාගෙන යාමේ අරමුණිනි.

      නොපවතින යමක් කෙසේ ලැබිය හැකිද යන අවබෝධයට පත්වුයේ නම්, ‘මානසික සැනසීම’ නම්වු අපේක්ෂාව අතහැරියේ නම් ඔබට ඒ අවස්ථාවේ සිටම සැනසීම අත්දැකිය හැකිය.

      අප සියළුදෙනාම මේ උතුම් වු විදර්ශනා භාවනාවට අවතීර්ණවීමේ මුලික ඵලය වන්නේ අප තුල ඇත්තාවු කෙලෙස් ක්ෂය කිරීමය. දැනගෙන දැකගෙන කෙලෙස් ක්ෂය කිරීමේ අන් ක්‍රමවේදයක් නොමැත. “කලකීරීම”, “මානසික සැනසීමක් නැත” ආදී වශයෙන් වචන මාත්‍රයෙන් ඔබ තුලින් ඉස්මතුවන්නේ ඔබ තුල ඇත්තාවු කෙලෙස්ම වේ. ඒවා ප්‍රකට වන සැම අවස්තාවකදීම දැනගෙන මෙනෙහිවුවානම් නැවත නැවත,, නැවත නැවත මෙනෙහි වුවානම් ඒ අවස්ථාවේදි ඔබ අත්විදින්නේ මේ විශ්වයේ කෙනකුට අත්විදිය හැක්කාවු උතුම්ම සැනසීම වේ.

      ඉස්සර මන් හිතුවෙ හොද ‍රැකියාවක් සල්ලි හොදට තිබ්බොත් සතුටින් ඉන්න පුලුවන් කියලා.එත් දැන් අරමුනක් එන එකම මට දුකක් වෙල තියෙන නිසා එවගෙ සැපයක් පෙන්නෙ නෑ ස්වාමින්වහන්ස.

      බුදුපියාණන් වහන්සේ විසින් සළායතන විභංග සුත්‍රයේ දේශනා වු ආකාරයට පින්වත් ඔබතුමියගෙන් ලෞකික සෝමනස්සය (හොද ‍රැකියාවක් සල්ලි හොදට තිබ්බොත් සතුටින් ඉන්න පුලුවන්) දුරුවි ඇතිබව හැගේ. එසේ වන්නේ ඔබ නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කලාවු සෝමනස්සයන් ඔබ ඇසුරු කර ඇති හෙයිනි. තවදුරටත් භාවනාවට අනුගත වීමෙන් ඔබ තුල මේ ආකාරයට පහලව ඇත්තාවු නෛෂ්ක්‍රම්‍ය ඇසුරුකලාවු දෝමනස්සය, නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කලාවු සෝමනස්සයෙන් (රූපයාගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව විදර්ශනාවෙන් දැකීම හේතුවෙන් හටගන්නාවු සෝමනස්සය) දුරුකල හැකිය. එන කිසිම අරමුනක ආරම්භයේදි දුකක් හෝ සැපක් නොමැතිබව අවබෝධ කරගැනීම පිනිස වහවහා විදර්ශනාවටම අනුගත වන මෙන් මතක් කරමි. අරමුණ දුකක් හෝ සැපක් වන්නේ කේසේද යන්න ඔබට එහිදි අවබෝධවනු ඇත.

      “දැන් තෙරෙනවා මහනකමෙත් නිවන නැ.එක තියෙන්නෙ අබ්යන්තරෙයි කියල.බාහිර දෙවල් එක්ක මට නොගැටි ඉන්න තරම් මගෙ තන්හාව තවම අඩු වෙලා නැති බව මට තෙරෙනවා.බොහොවෙලාවට යම් දේවල් වලට කෙන්ති අරන් විනඩි 5ක් වගෙ යනකොටයි මට සතිය පිහිටෙන්නෙ.නමුත් අර විනාඩි 5 මගෙ හිතට හරිම අපහසුයි ස්වාමින්වහන්ස”

      පින්වත් ඔබට ප්‍රඥාව පහලනොවුනි නම් මෙවැනි විතර්කයක් ඉදිරිපත්වන්නේ නැත. ඔබගේ ඇත්තාවු ඔය විනාඩි 5හේ සතියෙහි ප්‍රමාදය විදර්ශනාවට දිගින් දිගටම අනුගතවීම ඔස්සේ ජය ගත හැකිය. එවිට විනාඩි 5 තුල ඔබ දැවෙන තැවෙන ස්වභාවයට පත්වීමක් නැත. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට ඔබ නිවීසැනසී ගොස්ය.

      මහනවෙන්නත් වෙලාවක් එයි කියල එක එනකන් බලන් ඉන්න එකයි දැනට වෙන්නෙ ස්වාමින්වහන්ස.හිත හරිම නොසන්සුන්.සහනයක් නැ ස්වාමින්වහන්ස.පැම්නෙන සැම සිතුවිල්ලක්ම මගෙ කර නොගෙන ඉන්න මට බැරිවෙලයි තියෙන්නෙ.ස්වාමින්වහන්ස ඉවසිමෙන් බල ඉන්නව හැරෙන්න මට කරන්න යමක් තව තිබෙද?

      මේ විශ්වයේ කල හැකි කිසිවක්ම නොමැතිබව අවබෝධ කරගන්න. සිදුවන්නේ සිදුවිය යුත්ත පමනි. යමක් සිදුවීමට ඇත්නම් එය කිසිදා නතර කල නොහැකිවන්නාක් මෙන්ම සිදුනොවන්නක් සිදුකල හැක්කේද නැති බව මෙනෙහි කරන්න. ඒ ඔස්සේ ක්‍රියාත්මක අනාත්ම ධර්මතාවය අවබෝධ කරගන්න.
      පහලවන්නාවු සැම සිතුවිල්ලකම ඇත්තාවු “දෝමනස්ස සහගත ස්වභාවය” මගින් ඔබට පහදාදෙන්නාවු ධර්මතාවය අවබෝධ කරනොගන්නේ මන්ද? එය ඒ ආකාරයට දැනගන්නවා හැරෙන්න එම සිතුවිල්ල සෝමනස්ස ස්වභාවයට පත්කර ගැනීමට ඔබට කිසිදින සිදුකල නොහැකිබව නොවේද? පහලවන්නාවු සිතුවිලි නතරකිරිමේ හැකියාවක් ඔබට නොමැතිබව ඔස්සේ ඔබට ලගට පැමින ඇත්තාවු ධර්මතාවය අවබෝධ කරගෙන සසර ජයගැනීමට උත්සුක නොවන්නේ මන්ද? පහලවන සිතුවිල්ලක් ඔබ කැමති ආකාරයට පැවැත්විය හැකිනම් ඒ තුල ආත්මයක් පැවතිය යුතු නොවේද? මේ විශ්වයේ ක්‍රියාත්මක අනාත්ම ධර්මතාවය තුල ඔබට කලහැකි කිසිවක් නොමැත. වෙන දේ දැනගැනීමට සතිය පිහිටුවන්න.

      විශාල කුසල් සහිතව, ප්‍රඥාසම්ප්‍රයුක්තව, ක්ෂණ සම්පත්තියක්ද සමගින් ලැබුවාවු මේ භවය,,, ආර්යන් වහන්සෙගෙන් නිරොධවන්නාවු ධර්ම මාර්ගයට අනුගත වීම ඔස්සේ කෙලවර කර දැමීමට තවත් ප්‍රමාද නොවන්න. මෙම ධම්මානු ධම්ම ප්‍රතිපදාව තුල කිරීමට ඇත්තේ එකම එක සරල ක්‍රියාවකි. කුමක් දැනගත්තත් එය මෙනෙහි කිරීමයි. ඔබ ධර්මාවබෝධයට පත්වන්නේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔස්සේය. මේ සියල්ල ඔබ ඉදිරියේ කැඩෙන බව දැනගන්න අවස්ථාවේදී ඔබ විසින් කල යුත්තේ සත්පුරුෂයකු සේ නොඇලී, නොගැටී ඒ දෙස බලා සිටීම පමනි. ඒවා නැවත ඔබ කරා ලගාවන්නේ බලයන් වශයෙනි.

    • #3608

      admin
      Keymaster

      තවත් එක සංඥාවක් නිරෝධ වූ බවකි.

      පින්වතිය ,

      මෙවැනි නිබ්බිධාවක් , කලකිරිමක් ඇති විම භාවනාව වැඩි දියුණු වී ඇති ස්වභාවයක් ලෙසයි මා ද ලත් අවබෝධය. මෙවන් වූ නිබ්බිධාවන් කාම ගුණ 5 පිනවමින් සිටින සාමාන්‍ය පෘතග්ජනයාට ඇති නොවේ.

      අනන්ත සංසාරයක් පුරාවට ඇලෙමින් ගැටෙමින් අනුසෝතගාමී වූ අප මේ පිවිස සිටින්නේ සංසාරයෙන් එතර වීම නම් වූ පටිසෝතගාමී මර්ගයටය. එනම් පහත මහත්මියගේ සලායතන සුත්‍රය ඇසුරින් පහදා දුන් පරිදි සියාලු ලෞකික සොමනස්සයන් ගෙන් වෙන්ව නෛෂ්ක්‍රම්‍ය කලාවූ නිරාමිසයට එලබ ඇති බවකි. එහෙත් එම මාර්ගය වලක්වන අහුරන විවිධ මුහුණුවරින් අභ්‍යන්තරයෙන් සංඥා පැමිණේ. එවිට ඒකාකාරි බව කලකිරුණු ස්වභාවය ස්වභාවික යි. එවැනි සංඥා ඉස්මතු විම ස්වාභාවිකයි.

      ඔබ දැන් සතිය පිහිටුවන්න. මේ බව දැනගෙන සුදානම් වන්න.

      ඔබගේ කුසලය බල්වත්ය .. ආර්යන් වහන්සේ නමකගේ උපදෙස් ඇත, කල්‍යාණ මිත්‍ර උපදෙස් ද ඇත පිළිපදින්න . විදර්ශනව වඩන්න. එවැනි සංඥා දැන ගන්න විටත් නිරවශේෂ නිරෝධයටයට ගොස් ඇතිබව දැන දැනීම් මාත්‍රයෙන්ම මෙනෙහි කර ඉවත් කරන්න.

      පහත කල්‍යාණ මිත්‍ර උපදේස් සනාථ කරමින් මා ලද අවබෝධයට ද අනුව ශර්ධා වීර්ය සති සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් වැඩි බල ධර්මයන් බවට පත්වෙන අවස්ථාවක් බව අනාත්මයෙන්ම කියැවේ.

      ඉවසිමෙන් යා යුතු මගකි. “ඉවසිමෙන් සැනසීම ලැබේ “ යන්න සම්මතයේ යෙදෙන්නක් වුව ද එය එසේම සනාථ කරමින් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක මෙසේ නිරෝධ විය.

      “පොඩ්ඩක් ඉවසන්න” එහෙමත් බැරිනම් තවත් චුට්ට්ටක් ඉවසන්න” …එහෙමත් බැරිනම් “ තවත් ඊටත් වඩා චුට්ටක් ඉවසන්න” …………..

      මෙසේ ඉවසීමේ මග සලකුණු තුලින් ප්‍රඥාව පැදෙවා !

      තෙරුවන් සරණයි !

  • #3553

    SC

    mata dan athithayak netha.
    anagathayak da netha.
    thibenne
    me mohotha pamani.
    enam
    “MAMA DAN METHANA”

    • #3555

      admin
      Keymaster

      අතීත අනාගත නොමැති නම් “මම ඉන්නේ කොහොමද?”

  • #3559

    sc

    mama inne chethana nisai
    raga,dwesha,moha nethi thana mama kiyala kenek ne kiyalai mata hithenne
    mamath eka sangnawak witharai.
    me mata ethi una anathma sithuwillak.

    • #3560

      admin
      Keymaster

      ඔබගේ භාවනා අත්දැකීම් ඉදිරිපත් කල නොහැකිද?

    • #3643

      Chiranthi

      පැවැත්ම කියන්නෙම සිතුවිල්ලක්. එ සිතුවිල්ලක් මිස මම නොවේ. එහෙත් සිතුවිල්ල සිතුවිල්ලක් ලෙස නොදන්න සෑම මොහොතකම අවිද්යාවෙන් නිර්මනය වුනු මම හිදී.

    • #3644

      admin
      Keymaster

      මෙම අවිද්‍යාව ප්‍රහාණය වනතුරු, අවිද්‍යාවට හේතුවූ ආශ්‍රව ක්‍ෂය වනතුරු ඉවසිය යුතු නොවේද?

    • #3645

      Chiranthi

      එසේය ස්වාමීන්වහන්ස, අවිද්‍යාවෙන් නිර්මාණය වූ මට කළහැක්කක් නෑ.

  • #3703

    Bds

    කෙලෙස් ප්‍රහානය ගැන නිරෝධ වුන වචන පෙලක්……..

    1) සැඟවී ඇති අනුසය කෙලෙස් (වෙඩි බෙහෙත් සහිත ගිනිකූරැ ගෙනිපෙට්ටිය ඇතුලේ තැනපත්ව තිබෙනවා)
    2) හේතු ප්‍රත්‍යය ඇතිවෙන කොට අනුසය කෙලෙස් පරිවුට්ටාන කෙලෙස් වලට හැරෙනව (ගිනිකූර ගිනිපෙට්ටියේ ඇතුල්වුනහම ගිනි දැල්ලක් හට ගන්නවා)
    3) වුනුදේ නොදැන හිටියොත් පරිවුට්ටාන කෙලෙස් වීතික්කමනය වෙනවා (අවශ්‍යය නම් ගිනි දැල්ලෙන් කොල ගොඩක් ගින්නක් බවට පත් කරන්න පුඵවන්)

    පලවන මාර්ගඵලය සාක්ෂාත්‍ කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්, පරිවුට්ටාන කෙලෙස් වීතික්කමන කෙලෙස් බවට පත් නොකර ගැනීමට වීර්ය ගතයුතුයි. අනුසය කෙලෙස් පරිවුට්ටාන කෙලෙස් බවට හැරැනු විගස දැන ගැනීමට තරම් සතිය සහ නුවණ දියුණු කර ගතයුතුයි.
    දෙවන මාර්ගඵලය සාක්ෂාත්‍ කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්, අනුසය පරිවුට්ටාන කෙලෙස් බවට පත් නොකර ගැනීමට වීර්ය ගතයුතුයි. අනුසය කෙලෙස් මතුවන විටම දැක ගැනීමට තරම් සතිය සහ නුවණ දියුණු කර ගතයුතුයි.
    තුනවන මාර්ගඵලය සාක්ෂාත්‍ කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්, අනුසය කෙලෙස් මතුවෙන විටම දැක ගැනීමට වීර්ය ගතයුතුයි. අනුසය කෙලෙස් මතුවෙන විගස දැන ගැනීමෙන් ඒවා එතන එතනම ක්ෂය කරගැනීමට තරම් සතිය සහ නුවණ දියුණු කර ගතයුතුයි.
    සතරවන මාර්ගඵලය සාක්ෂාත්‍ කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්, ඉතිරිවී ඇති අනුසය කෙලෙස් ප්‍රහානය කර ගැනීමට සතිය සහ නුවණ දියුණු කර ගතයුතුයි.

    බුදු සරණයි

    • #3837

      admin

      මෙය ඔබගේ අත්දැකීමද, නැතිනම් සිතුවිල්ලක්ද?

    • #3838

      Bds

      මේ දක්වා ලබන ලද අත් දැකීම් තුලින්ම ගොනුවූ දෙයකි ස්වාමීන් වහන්ස. සිතුවිල්ලක් නෙමෙයි. 69.06 ධර්ම දේශණාව සඳහා මාතෘකාවූ අදහස ඉදිරිපත් කලෙත් ඒ නිසාමයි.
      බුදු සරණයි

  • #3888

    Bds

    තෙරැවන් සරණයි

    ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන්නට යෙදුනු
    902.10 අනාපාන සති සමාධිය- වේදනානුපස්සනාව 3 ජ්‍යෙ. යෝ. උපදෙස් 9.06 (28)

    මේ දේශණාව, ඉතා ගැඹුරැවූ ධර්ම කරැණු ස්වාමීන් වහන්සේ විසින් ඉතා සරල ලෙස අපට වටහාදෙන්න දරන ලද උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි මම දුටුවේ. මෙය නැවත නැවත කියවා මගේ ඉදිරි ගමට ඒ ඒ පරිද්දෙන් වටහා ගත යුතුයි කියල ආ අවබෝධයෙන්, සාරංශ ගත කරන්න ගත වන කාලයට තවත් කාලයක් යොදල, ඉදිරියටත් භාවිතා කල හැකි වන පරිදිම (දේශණාව ශ්‍රවණය කරමින්) PDF එකක් ලෙස සකස් කරා.

    එය පහත link එකෙන් ගන්න පුඵවන්.
    https://drive.google.com/open?id=0B6TRTMzSqnf_cFZwWThSTmIxZ2s

    බුදු සරණයි

    • #3891

      achini

      පින්වත් මහත්මිය. මේ PDF එක සකස්කර සාකච්ච්චා පිටුවේ පලකලාට ඔබතුමියට ගොඩක් පින්. මේ අකුරු ගොඩක් පැහැදිලියි කියවන්නත් ලේසියි. මටත් වෙමැනි අකාරයේ pDF ටිකක් සකස් කිරීමට ඇති නිසා ඔබතුමියට හැකිනම් මේ sinhala font (සින්හල අකුරු වර්ගය) මොකක්ද කියල සදහන් කරනවාද කරුණාවෙන්ග ඔබතුමියට හැකියාවක් ඇතොත් sinhala font මට ach.matara”gmail එකට ඊමේල් කර එවන්න. පින්

    • #3892

      Bds

      පිලිතුරක් ඊමේල් කරා. ලැබෙන්න අතැයි සිතනවා.
      බුදු සරණයි

    • #3895

      achini

      received your email. much merits

  • #3893

    Chinthaka

    Skype ලිපිනය මොකක්ද?

    • #3894

      Bds

      Refer to “Make a skype call” section in this page. Information is given there.
      Budu Saranai

  • #3896

    chiranthi

    අපි කයේ ස්පර්ශය දැනුනම, ඒ ස්පර්ශයට කකුලයි පොලවයි කියල සංඥා දීල ලෝකයක් නිර්මාණය කරනවා
    ශබ්දයක් දැනුනම කනයි ශබ්දයයි කියල සංඥා දීල ලෝකයක් නිර්මාණය කරනවා
    වර්ණයක් දැක්කම රුපයයි ඇහැයි කියල සංඥා දීල ලෝකයක් නිර්මාණය කරනවා
    විඥානය නිසා නාම-රූප කියන්නේ මෙයයි.
    දැනීම දැනීම් මාත්‍රයෙන් නැවතුනා නම් ලෝකයක් නිර්මාණය වී නැහැ.

  • #3897

    Imansha

    Please send me the skype address to contact Ve thero.

    With metta,
    Imansha

    • #3898

      admin

      Skype address : nibbananirvana.

      No one can contact Swameenvahansa via skype except for joining at Kamatahan Sakachcha on scheduled times.

  • #3998

    Bds

    අත්‍යයන්ත ලක්ෂණ ගැන මගේ අවබෝධ මට්ටමෙන් නිරෝධවුන වචන පෙලක්…………

    ඈත අතීතයේ හෝ මෑත අතීතයේ අපි විසින් චේතනා පහල කරමින් තණ්හාවෙන් හදා ගන්නා ලද කෙලෙස් (විඤ්ඤාණ බීජ නැමති අනුසය කෙලෙස්), ශක්තීන් ලෙස අප තුල සැඟවී තියෙනවා (ගිනිකූරේ තිබෙන වෙඩි බෙහෙත් ටික වගේ).
    මේ නිදාගෙන ඉන්න කෙලෙස් ශක්තීන්, හේතු සකස්වෙනකොට අවදිවෙනවා (පරිවුට්ටාන වෙනවා. ගිනිකූර ගිනි පෙට්ටියේ ඇතිල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මතුවූ ගිනි දැල්ල වගේ).
    නිදාගෙන ඉන්න, නැත්නම් අනුසය මට්ටමේ තියෙන කෙලෙස් අපට හඳුනා ගන්නට හැකියාවක් නැහැ. නමුත් ඒවා පරිවුට්ටාන මට්ටමට ආවාම අපට හඳුනා ගන්න පුඵවන් වෙනවා. මේ හඳුනා ගැනීම අපි කරන්නේ අපේ භාෂාව පාවිච්චි කරලයි. උදාහරනයක් ලෙස, ඒ පරිවුට්ටාන වුනු ශක්තියට අපිට “අම්මා” කියන වචනය යෙදෙන්න පුඵවන්. ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන කෙනෙකුට ඒ මතුවූ ශක්තියට “mum” කියන වචනය යෙදෙන්න පුඵවන්. මේ වචන අපි කලින් දැනුම කියල දාගත්තපු සංඥායි.
    අපි ඒ ශක්තිය ආවයි කියල දැනගත්ත “අම්මා” කියන වචනයයි අත්‍යයන්ත ලක්ෂණය කියන්නෙ. “අම්මා” කියන වචනය ආපු ගමන්ම (මෙනෙහි වුනහම) අපේ ඒ ගැන දැන ගැනීමත් (අඳුනා ගැනීම) ඒ තුලම තියෙනවා. “අත්‍යන්ත ලක්ෂණය මෙනෙහි වුනා, ඒ බව දැන ගත්තා”.
    හැබැයි අපේ සතිය මදි නම්, “අම්මා” කියන වචනය දිගේ කල්පනා කරන්න පුඵවන් (චේතනා හදන්න පුඵවන්. “අම්මා වෙලාවට බෙහෙත් බිව්වද දන්නෙ නෑ” වගේ වචන පෙලක් එන්න පුඵවන්. දැන් පරිවුට්ටාන කෙලෙස් වීතික්කමනය වෙලා. ගිනි දැල්ලෙන් කොල ගොඩට ගිනි තියල ගින්නක් හදල. දැන් අනාගතයට කෙලෙස් බීජ සකස් වෙනවා).
    මේ ආපු ශක්තියට නැත්නම් සිතුවිල්ලට, අපිට “අම්මා” වෙනුවට “සිතුවිල්ලක්” කියල මෙනෙහි වුනානම්, ඒ ඔස්සේ කල්පනා කිරීමේ ප්‍රවනතාවය අඩුවෙනවා. ඒකට උදව්වක් වශයෙනුයි පලවන යෝනිසෝමනසිකාරය කරන්න කියන්නෙ (ප්‍රකට වෙන ප්‍රකට වෙන අරමුණු මම මෙනෙහි කරනවා ……. සිතුවිල්ලක් ආවහම සිතුවිල්ලක් කියල මෙනෙහි කරනවා……).
    හැබැයි මුල මට්ටමේ අපිට “අම්මා” කියලයි මෙනෙහි වෙන්නෙ. ඒ බව දැන ගන්නවා. ඒ එක්කම (හොඳින් පලවන යෝනිසෝමනසිකාරයත් කරල තිබුන නම්) “සිතුවිල්ලක්” කියන වචනයත් ඒ එක්කම මෙනෙහි වෙන්න පුඵවන්. එතකොට ඒ බවත් දැන ගන්නවා. කාලයක් පුරැදු කරනකොට “අම්මා” කියන වචනය හැලිල “සිතුවිල්ල” කියන වචනය පමනක් මෙනෙහි වෙනවා. තව කාලයක් යනවිට ඒ වචනයත් නැතිවෙනවා. සිතුවිලි සංසිඳෙනවා.

    බුදු සරණයි

    • #4000

      admin
      Keymaster

      සංඥා නිරෝධයේ කෙළවරක් නොමැති බව නොවැටහුනිද ?

    • #4002

      Bds

      අවසරයි ස්වාමීන්වහන්ස,
      තරමක් දුරට වැටහුනා ස්වාමීන්වහන්ස. ඉහත පරිදි සාකච්චා පිටුවට අතීතයේ නිරෝධවූ සංඥා ගොනු කිරීමෙන්, නැවත අනාගතයට සංඥා එකතු කර ගැනීමක් කෙරෙනව. මේ සංඥා වීතික්කමනය වීම වැලක්වීම සඳහා, මෙවැනි කටයුතු වලින් වැලකී, භාවනාවේදී වැඩුනු සංඥා නිරෝධය, පැය විසිහතර තුලටත් ඇතුඵ වෙන පරිදි සිහිය හා නුවණ දියුණු කර ගත යුතු බවයි වැටහුනේ.
      බුදු සරණයි

  • #4536

    chiranthi

    ඇලෙන එකත් හේතු පලයි,
    ගැටෙන එකත් හේතු පලයි,
    මිදෙන එකත් හේතු පලයි,
    මිදෙනකන් සංසාරයෙන් එගොඩ වීමක් නැහැ,
    බුදුන් තමන්තුල හිටියොත් විතරයි මිදෙන්නේ.
    බුදුන් හිටියොත් තණ්හාව(සංඥාව) ඇතිවෙන විට එක පෙන්නල, ආදීනව පෙන්නල, තන්හාව නිරුද්ධකරලා, උපාදානයෙන් මුදවගනිවී.

  • #4546

    uresha

    ලෝකයේ පවතින්නාවු ධර්මතාවය වන්නේ අනාත්මයයි. අනාත්ම සිතුවිල්ලයි. අනාත්ම ධර්මතාව අවබෝධවු කල්හි කවර රාගයක්ද? කවර ද්වේෂයක්ද?

    • #4580

      chiranthi

      මේ මොහොත කියන්නේ ස්කන්දයන්ගේ පහලවීමක් පමනයි නම්, ඊලග මොහොත කියන්නේත් ස්කන්දයන්ගේ පහලවීමක් පමනයි කියල පුර්න අවබොදය තියෙනවන නම්, ඒකට අලිල හො ගැටිල වැඩක් තියෙනවද. ප්‍රශ්නය තියෙන්නෙ සිහිය (ඉන්ද්‍රියන්ගේ) දියුනුව මත ඒ අවබොදය ඉස්මතු වෙන එක රදා පවතිනවා.

  • #4592

    chiranthi

    මේ මොහොතේ උපත …..

    ධාතු දෙකක් ගැටීමෙන් ස්පර්ශය ඇතිවෙනව.
    වින්ඥානය නිසා එම ස්පර්ශය අත්දකිනවා.
    වේදනාවෙන් එම ස්පර්ශය අත්විදිනවා .
    සංඥාවෙන් එම ස්පර්ශය හදුනාගන්නවා, අතීතයට සාපේක්ෂව.
    එතකොටම තණ්හාව නැග ඇවිල්ල ඉවරයි.
    විද්‍යාව පහල උනේ නැත්නම් එම ස්පර්ශය “මම මගේ” කියල උපාදානය වෙනවා.
    මේක කාම- රූප- අරූප ආශ්වාදයක් කියල වෙන්කරගෙන අත්විදිනවා.
    එම අත්විදීම මතම, මම “මනුශ්ෂ්යයෙක්”, “දෙවියෙක්” කියල ජාතිය බිහිකරගන්නවා.
    අවිද්‍යාව පවතිනකන් සිතුවිලි මවමින් ලෝකය බිහිකරනවා.

    • #4593

      chiranthi

      දැක්කා, ඇසුනා මට්ටමෙන් සිතුවිලි නැවතුනොත් මනුශ්ෂයෙක්වත් දෙවියෙක්වත් නැහැ.

    • #4595

      uresha

      දැක්කා කියන තැන දැකීමට කෙනකු හා දැකීමට දෙයක් පවතින යන සංකල්පයක් පවතින බවයි මගේ හැගීම. දැක්කා යන්නද සංඥාවක් ලෙස දැනගැනීමෙන්, දැක්කා යන්නෙහි අත්‍යන්ත ලක්ෂණයට අනුගත වීමෙන් ලෝක ධර්මතාවය හෙවත් අනාත්ම චේතනාව අවබෝධයට පමුණුවන බවයි අවබෝධය.

    • #4598

      chiranthi

      දැක්කා කියන තැන දැකීමට කෙනකු හා දැකීමට දෙයක් පවතින බව හැගීමක් එන්නේ ඒ අත්දැකීම ඇත්තේ කෙනෙකකුට හා දෙයකට කියන දෘෂ්ටිය තිබුනොත්. එත් පචස්කන්දය නිසා ඇතිවෙන දැනීම කියන අවබෝදය තුල ඒ දෘෂ්ටිය මතුවෙන්නේ නැහැ.

      බුදු හාමුදුරුවොත් සත්තු මිනිස්සු වෙන්කරලා හදුනාගත්ත. “මෝඩ මනුස්සය” කියල මිනිස්සුන්ට කතා කල. ඒ කියන්නේ අරමුණට සංඥා ඇතිවෙන එක නැතිවෙලා නෙමෙයි, ඒ සංඥා ගැන යථා අවබෝදය තියෙනවා. මම නෙමෙයි මගේ නෙමෙයි කියලා අවබෝදය තියෙනවා

  • #4594

    chiranthi

    ජීවත්වෙනවා කියන්නේ “දැනගැනීමක් ” පමණයි.

    ධාතු ගැටෙන විට ඇතිවෙන ස්පර්ශය දැනගන්නවා.
    ඒකට “දකිනවා, අහනව, දැනෙනවා” කියනවා.
    ඒක “සැපයි, දුකයි, හොදයි, නරකයි” කියල ඇතිවෙන වේදනාව දැනගන්නවා
    ඒකට ඇතිවෙන සංඥාව දැනගන්නවා.
    “මේක දැනුනේ මට” කියල ඇතිවෙන සිතිවිල්ල දැනගන්නවා.
    “මම මේකට කැමතියි” කියල ඇතිවෙන සිතිවිල්ල දැනගන්නවා.
    “මට තරහ ගියා” කියල ඇතිවෙන සිතිවිල්ල දැනගන්නවා.
    “මම සමාධියක ඉන්නේ” කියල ඇතිවෙන සිතිවිල්ල දැනගන්නවා.
    ධාතු ගැටිලා ඇතිවෙන පංචස්කන්ධය විවිද විදිහට දැනගන්නවා.
    අවිධ්‍යාව තියෙන විට “මම මගේ” කියල දැනගන්නවා.
    විද්‍යාව තියෙනවිට “මෙය දැනගැනීමක්” පමණයි කියල දැනගන්නවා.
    පංචස්කන්ධය ඇතිවෙන එක නැවතුන විට මේ දැනගනීම නවතීවි.

    • #4596

      uresha

      දැනගැනීම පවතින්නේ එක් චිත්තක්ෂණයකි. එම දැනගැනීම අදාල චිත්තක්ෂණය තුලද වෙනස් වෙනබව අවබෝධ වියයුතුය. එක් චිත්තක්ෂණයකදී දැනගැනීම වෙනස්වි නිරවශේෂ නිරෝධයට පත්වි ශුන්‍යතාවයට පත්වන්නේය. දැනගැනීමට පෙර හා පසු යනු ශුන්‍යතාවය වේ. ජීවත්වීමක් පැවතිය හැකිද? දෘෂ්ටියක් නොවන්නේද? බුදුපියාණන් වහන්සේගේ දේශනය වන්නේ “සත්වයා එක් චිත්තක්ෂණයක් ආයු ඇත්තාහ”

      ඉහතින් සදහන් සියල්ල සිතුවිලි/සංඥා පමණක් නොවේද? සියළු ප්‍රකටවීම් දැනගනිමින්, මෙනෙහි කරමින් ගියවිට මේ ආකාරයේ සම්බද්ධතාවයක් ඇතිවිය හැකිද? සතියෙන් හා සම්පජන්‍යයෙන් යුතුව එන එන අරමුණක් මෙනෙහි කරමින් යනවිට ආවාවු සිතුවිල්ලක් මම, මගේ කරගැනීමක් සිදුවේද?

      පංචස්කන්ධයේ පහලවීම නැතිවන්නේ නම්, රහතන් වහන්සේලාගේ දැනගැනීම සිදුවන්නේ කෙසේද?

    • #4597

      chiranthi

      පංචස්කන්ධයේ පහළවීම නැතිවෙන්නේ පරිනිර්වාණයෙන්.
      එතකන් රහතන් වහන්සේට පංචස්කන්ධය නිසා ඇතිවෙන දැනීම තියෙනවා – එකත් දුකකක්.
      දැනගනීමම තමයි අවිද්‍යාවෙන් “මම” කියල ගන්නේ.
      එම දැනගැනීමේ යථා ස්වබාවය දැක්කම දන්නවා දැනීමක් ඇති උනා කියල, එතකොට ඒක “මම අත්වින්ද” නෙමෙයි. එතන පවතින්නේ “දැනගැනීමක්ම පමණයි” වෙන කිසි දෙයක් නැහැ. ඒ අවබෝදය තුල උපාදානය නැහැ.
      එතකොට ඇලෙන ගැටෙන කෙනෙක් නැහැ, දැනගැනීමක් පවතිනවා පමණයි.

    • #4601

      Bds

      මගේ පහත අත්දැකීමෙන් ඔබතුමිය කියනදේ තහවුරැ වෙනව. තමන්ගේ අත්දැකීම් සමඟම විස්තර ඉදිරිපත් කරනවානම් භාවනා යෝගීන්ට එය වඩාත් උපකාරයක් වෙන අතර තමාගේ කමටහනත් සුද්දවෙන බවයි මගේ අත්දැකීම.
      බුදු සරණයි

    • #4603

      chiranthi

      හරියට අහස වගේ. අහසේ විවිද හැඩයේ වලාකුළු ඇවිත් යනවා නමුත් අහස නිශ්චලයි කිසිම වෙනසක් නැහැ. වාලාකුළු නැත්නම් අහසක් තියෙනවද කියලවත් දන්නේ නැහැ.
      අවබෝදයත් ඒ වගේ. විවිද සිතුවිලි ඇතිවෙලා යනවා නමුත් එය දැනීමක්ම පමණයි කියන අවබෝදය තියෙනවා. දැනීම නැත්නම් පවතිනවද කියලවත් දන්නේ නැහැ.

  • #4599

    Bds

    2016 ජුලි මාසය…..
    පරියන්ක භාවනාවේ සමාධියෙ ඉන්න වෙලාවක කකුලේ දණහිසත් විලුබත් අතර කොටස රිදෙන්න ගත්තා. ඒ දිහා බලාගෙන ඉන්නකොට එකපාරටම රිදිල්ල නැතිවෙලා දැනීම විතරක් ඉතිරිවුනා. කකුලේ තදවෙන තෙරපෙන ගතිය …. දැනීම විතරක් තිබුනා. මේක මම මීට කලිනුත් කීපසැරයක්ම අත්දැකල තිබුනා. මම මේක අවබෝධ කර ගත්තේ වේදනා උපාදාන ස්කන්ධය සහ වේදනා ස්කන්ධයේ වෙනස විදිහටයි. පසුව කමටහන් සාකච්චාවකදී මේක ඉදිරිපත් කලහම වේදනාව දැනගත්තේ සංඥාවෙන් නිසා සංඥා උපාදාන ස්කන්ධය සහ සංඥා ස්කන්ධයේ අත්දැකීමක් ලෙස තීරනය කලා.

    2016 අගෝස්තු මාසය…..
    මේ දවස්වල භාවනාවට වාඩිවුනහම කෙලින්ම සමාධියට යනවා. ටික වේලාවකට පස්සෙ සිතුවිලි වැල් යන්න පටන් ගන්නවා. සිතුවිලි වැල් අතර හිඩසක් තිබුනට වැලේ සිතුවිලි අතර හිඩස දැක ගන්න බැහැ. එහෙම වෙන අතරෙ සමහර වෙලාවට සමහර සිතුවිලි මොනවද කියල තේරෙනව. හැබැයි භාවනාවෙන් පස්සෙ ඒව මොනවද කියල මතකක් නැහැ. සතිය මදි කියන කල්පනාව තමයි භාවනාවෙන් පස්සෙ හිතුනේ. වැලේ සිතුවිලි අතර සම්බන්ධයක් තියෙනව කියල තේරැනාට එක සිතුවිල්ලක් ඔස්සේ චේතනා කරන බවක් නොතේරෙන නිසාත් සතිය මදි බව කියන නිගමනයමයටම තමයි අන්තිමට එන්න වුනේ.

    මේ විදිහට දිගටම වෙනකොට ධර්මතාවයක් පෙන්නා දෙනව වෙන්න ඇති කියල හිතුනත් අවබෝධයකට ගියේ නැහැ. මෙහෙම වෙන අතරෙ එක දවසක් නිදාගන්න ගිහින් නින්දයාගෙන එනකොටම අර විදිහටම සිතුවිලි වැල් යනවා පෙනුනා. ඊට පස්සෙන්දත් නින්දයාගෙන එනකොටම ඒ විදිහටම වුනා. ඒ වෙලාවේ හොඳටම තේරැනා සිතුවිලි වැල ඔහේ යනව මිසක් ඒවා හැදෙන එකට මගේ සම්බන්ධයක් නැති බව. ඒ වගේම කල්පනා වුනා අනික් වෙලාවලදිත් ඒක එහෙමමනෙ වෙන්නෙ කියල. මෙතන අනිත්‍යය, දුක්ඛ, අනාත්ම කියන ධර්මතාවයන් පැහැදිලිව පෙන්නුම් කලත් ඊට වඩා ගැඹුරැ ධර්මතාවයක් පෙන්නුම් කරනව ඇති කියල හිතුන.

    පසුවදා භාවනාවේදී වෙනද වගේම සිතුවිලි වැල් යන්න පටන් ගත්තා. ඒවායින් එක් වැලක විතරක් වෙනසක් පෙන්නුම් කරා. ඊට පස්සෙ දිගටම අර පරන විදිහටම සිතුවිලි වැල් යන්න වුනා. ඒ අවබෝධය වචනයට දාන්න හරිම අමාරැයි.

    මේක විස්තර කරන්න කලින් දුන් කකුලේ උදාහරනයත් ඕනෙ. එතන රිදුන කකුලත් නොරිදුනු කකුලත් දෙකේදිම පැත්තකින් ඒ දිහා බලාගෙන හිටිය කෙනෙක් හිටිය. මේ සිතුවිලි වැල් යනකොට ඒක දිහා බලාගෙන හිටපු කෙනෙක් හිටියෙ නැහැ. ඒ සිතුවිලි වැල තුලම තමයි දැනෙන කෙනා, මම හිටියෙ. මම තමයි සිතුවිලි වැල. පංචඋපාදනස්කන්ධය.

    අර වෙනසක් පෙන්නුම් කල සිතිවිලි වැල තුල කවුරැවත් හිටියෙ නැහැ, හබැයි දැන ගැනීම තිබුනා. ඒ වගේම ඒ දිහා පැත්තකින් බලාගෙන කෙනෙක් හිටියෙත් නැහැ. ඒ පංචස්කන්ධයේ නිවැරදි අත්දැකීම කියලයි අවබෝධය.

    වෙන්නේ දැන ගැනීමක් විතරයි. ඒ දැන ගන්නේ මමයි කියල අපියි දෙපැත්තක් හදා ගන්නේ. අරමුණු ප්‍රසාද වල ගැටෙනව. ඒවායින් එකක් මනස/හිත/විඤ්ඤාණය කියන තිරය මත වැටුනහම දැන ගැනීම සිදුවෙනව. ඒ වෙලාවට තිරයමයි අරමුණ. අරමුණු නැති අවස්ථාවේදී, (උදාහරනයක් විදිහට සිතුවිලි දෙකක් අතර හිඩස කියන්නෙ) තිරයේ ස්වභාවික ගතිය මතුවෙනව.

    ඊට පස්සෙ ආයෙ ඒ කියපු විශේෂ සිතුවිලි වැලේ වගේ අත්දැකීමක් තවම ආයේ ලැබුනෙ නැහැ.

    බුදු සරණයි

    • #4600

      Bds

      ඉහත සඳහන් අවබෝධය පංච උපාදානස්කන්ධ සහ පංචස්කන්ධ සේ නිවැරදි විය යුතුයි සිතුවිලි වැල් වශයෙන් අත් දැකපු නිසා. ඒක වචන නෙමෙයි බහු වචන විය යුතුයි.
      බුදු සරණයි

  • #4602

    chiranthi

    පැහැදිලි, ස්තුතියි. “සිතුවිලි වැල් ඇති උනා” කියන හැගීමම තමයි ඒ මොහොතේ දැනීම. ඒ මොහොතේ මම. මේ අවබෝදයම තමයි ගැලවීම, නිදහස. මම ගැලවිලා – දැනීමක් පවතින්නේ තියෙන අවබෝදය.

  • #4604

    Bds

    සිතුවිලි වැල් අත්දැකීම තවදුරටත් විස්තර කලොත් ………
    එක සිතුවිල්ලක් ඇසුරැ කරගෙන තව තව සිතුවිලි ඒ මත්තේ හැදෙනව නම් ඒක චේතනාවක් කියල නම් කරනව.
    චේතනා හදන කෙනෙක් නැහැ. හේතු සකස් වෙනකොට සිතුවිලි වැලක් ඇතිවෙලා නිරෝධ වෙනවා පමණයි.
    ඇල් වතුර කරාමය ඇරියම ඇල්වතුර ගලා ගෙන එනව. උණු වතුර කරාමය ඇරියම උණු වතුර ගලා ගෙන එනව. ඒ වගේ මනසිකාරය අයෝනිසෝ හෝ යෝනිසෝ වීමට අදාලව සිතුවිලි ඇතිවෙලා නැතිවෙනව.
    කරාමය අරින වේගය අඩු වුනහම වතුර බිංදුවක් වැටෙනව දකින්න පුඵවන්. සතිය වර්ධනය වෙනකොට එක සිතුවිල්ලක් දැකගන්න පුඵවන්.
    හේතු සකස් වීම අනුව හැදෙන චේතනා වැලේ අයිතිවාසිකම “මම” ගන්නව නම් එතන තියෙන්නේ අවිද්‍යාවයි.
    බුදු සරණයි

  • #4605

    Chamila

    ගෞරවනීය ස්වාමීන්වහන්ස

    භාවනාවේදී ධාතු මනසිකාරය ප්‍රකඨ වූ අවස්ථාවල දී සිතුවිල්ලක් කියා මෙනෙහි වුනා. ඒ අවස්ථා වලදී එයත් අනාත්මයෙන් ආව සංඥාව මෙනෙහි කරල අත හැරියා.

    ඔබ වහන්සේ දෙන ලද කමටහනක් ශ්‍රනය කර පසු යෝනිසෝමනසිකාරලා පරියංක භාවනාවට ගිය සැම අවස්ථාවකදීම මුලදී සිතුවිලි වැල නොකැඩී පැමිනියා ඒ අවස්ථාව ලදී සිතුවිලක් කියා දියකර ඇරියා ඊට පසු සිතුවිලි තියනවා නමුත් ප්‍රකට වුනේ නැහැ ස්වාමීන් වහන්ස මෙනෙහි කිරිම සදහා. ඉන් පසු තුන්වන යෝනිසෝමනසිකාරය කරා. ඒ අවස්තා වලදී අනාත්ම යෙන් දුක්ඛ නිරොධ සත්‍ය කියා ප්‍රකට වුනා, මෙමෙ සිදු වීම පසුගිය මාස කිපේම සිදු වුනා ස්වාමීන්වහන්ස. ඒ සෑම අවස්ථාවකදීම ඹබවහන්සේගේ ( ජේශඨ) කමටහන් සාකච්චා ශ්‍රවනය කරා.

    පසුගිය මාස කිහිපේදීම මේ සිදුවීම තමයි බොහො අවස්ථාවලී අත්දැක්කේ ස්වාමීන් වහන්ස.

    එයත් අනාත්මයෙන් ආවා. එයත් අපගේ පලනයෙන් තෙරයි කියා වැටහුනා, ස්වාමීන් වහන්ස.

    තෙරැවන් සරනයි.

    • #4610

      chiranthi

      “ඊට පසු සිතුවිලි තියනවා නමුත් ප්‍රකට වුනේ නැහැ” – ප්‍රකට වුනේ නැත්නම් තියෙන බව දැනගත්තේ කොහොමද?
      “එයත් අනාත්මයෙන් ආවා. එයත් අපගේ පලනයෙන් තෙරයි කියා වැටහුනා” – මේ අවබෝදය ලැබුනේ කාටද?

    • #4611

      Chamila

      තුන්වන යෝනිසෝමනසිකාරය පසු ඒ අනාත්මයෙන් පැමිණි සිතුවිලි අප්‍රකට සිතුවිලික් කිසිම දෙයක් අපේ පාලනයෙන් තෙර බවත් වැටහුනා.

      අපට තියෙන්නේ අනාත්මයෙන් සිදුවන දේ දිහා බලා සිටිම පමණක් බවත් එය පාලණයෙන් තොර වැටහුනා…..

    • #4612

      chiranthi

      ප්‍රකටවීමකින් තොරව දැනගැනීමක් නැහැ. දැනගන්නත් කෙනෙක් නැහැ. “මම දැනගත්ත” කියන සිතුවිල්ල ප්‍රකට වීමමයි වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවලිය අවබෝද උනාම තමයි අනාත්ම ස්වබාවය වැටහෙන්නේ. සෑම විටම වෙන්නේ ස්කන්ධයන් පහල වීමත්, විඥානයෙන් එම ස්කන්ධයන් විජානනය වීමත්. “පංච ස්කන්ධ ක්‍රියාවලියේ දැනීම” පමණයි මෙතන තියෙන්නේ කියල දකින්න ඕන. එය “පංච ස්කන්ධ ක්‍රියාවලියේ දැනීමක්” කියල අවබෝධ නොවන සෑම අවස්ථාවකම, අභ්‍යන්තර-බාහිර [ද්විත්වයක්(duality)] කියල සිතුවිලි නිර්මාණය වෙලා ඒක උපාදානස්කන්ධයක් වෙනවා.

    • #4613

      chiranthi

      අවිධ්‍යව: අභ්‍යන්තර = මම; බාහිර = දැනගත්ත දේ.
      එත් ඇත්තටම තියෙන්නේ පංච ස්කන්ධයක් පමණයි.

    • #4614

      Bds

      “අපට තියෙන්නේ අනාත්මයෙන් සිදුවන දේ දිහා බලා සිටිම පමණක් බවත් එය පාලණයෙන් තොර වැටහුනා…..”
      ඔබ හරි. භාවනාවේදී සිදුවනදේ බලා සිටීමම තමයි.
      භාවනාවේදී දැක ගත්දේ, හේතු සකස් වුනහම ප්‍රඥාවෙන් අවබෝධ (දැන ගැනීම) වීමක් වෙන්න ඕනෙ. සිතුවිල්ලම තමයි පංච උපාදානස්කන්ධය කියන්නෙ. තුන්වන යෝනිසෝමනසිකාරයේදි අවබෝධයක් එන්නෙ නැහැ. භාවනාවේදී උපාදානය වුනු දේ යලි මතක් වීමක් පමණයි වෙන්නෙ.
      දිගටම භාවනා කරමින් යනකොට අනාත්ම අවබෝධය භාවනාව තුලදීම ලැබේවි.
      බුදු සරණයි

    • #4615

      Bds

      Chamila මහත්මිය අරමුණු කරගෙනයි ඉහත තොරතුරැ නිරැද්ධ වුනේ.
      බුදු සරණයි

    • #4617

      Chamila

      කිසිම අරමුණකින් තොරව අනාත්මයෙන් නිරොද වුනු දේ,

      ඒ නිරොද වු සැම දේ හේතු පලයක් නිසා හටගත් පංච උපාදානස්කන්ධය බව ඉන් පසු කරන ලද භාවනා වේ දී සිතුවිල්ලක් හරබා ප්‍රකට වුනා එයත් සිතුවිල්ලක් ලෙස මෙනෙහි කරා.

      තෙරැවන් සරනයි.

    • #4616

      chiranthi

      සිදුවෙනදේ බලන් ඉන්නේ කව්ද කියල හොයාගන්න. එතකොට ඔක්කොම ප්‍රශ්න ටික විසදෙනවා.

  • #4618

    uresha

    අත්දකින්නාවු සියල්ල නිරෝධයන් වුවද අත්දකින්නේ සිතුවිල්ලක්/සංඥාවක් හරහා වේ.
    යමක් ප්‍රකට වන්නේ හේතු ප්‍රත්‍ය රාශියක ඵලයක් ලෙසය. හේතු ප්‍රත්‍ය නිරෝධයෙන් ඵලය නිරෝධය වේ.
    නිවන යනු අහේතුක අප්‍රත්‍ය ධර්මතාවයකි.
    යමක් ප්‍රකටවන්නේ රූප, වේදනා, සංඥා,සංස්කාර, විඥ්ඥාණ යන ස්කන්ධයෙන්ගේ අනන්තවු ක්‍රියාකාරීත්වයකින් පසුවය. ප්‍රකට වීම යනුද පංච උපාධාන්ස්කන්ධයකි. ප්‍රකටවීම තෙක් පංච උපාධානස්කන්ධ රාශියක ක්‍රියාකාරිත්වය යම්තාක් දුරකට භාවනාවේදි අත්විදිය හැක.

  • #4619

    ශීවාන්ති වීක්‍රමසිංහ

    මා මුලින්ම බාවනාව පටන්ගත්තෙ අප්‍ප්‍රල් 2016 වූවත් “ආරම්භක භාවනා යෝගීන් සඳහා මූලික උපෙදස්” පොත කියවා ඒ අනුව බාවනාව නැවත අලුත් කරගත්තෙ ජුනී 2016. සැමවීටම ස්වාමින් වහන්සේගේ බන අසමින් ඒවා පිලිපදීමින් මාගේ බාවනාව දැන් දිඌනු මට්ටමක තිබෙන බව වැටහෙනවා. මට දැන් “අස්වාදය-ප්‍රස්වාදය” වෙනුවට ප්‍රකට වන්නේ සිරුරේ “පැද්දීමක්” එය මට “පැද්දීමක්” කියන වචනය මෙනෙහි වී නැවත “සිතුවීල්ලක්” කියන වචනය මෙනෙහි වෙනවා. ස්වාමින් වහන්සේගේ බන අනුව මෙහි වැරැද්දක් නොමැති බව වැටහෙනවා. කරුනාකර මාගේ මෙනෙහි වීමි නිවරදීද යන්න පහාදා දෙන්න.

    • #4620

      Bds

      මෙම “පැද්දීම” ආයෙත් ආයෙත් පෙන්නුම් කරනව නම් ඔබතුමිය එය “මම පැද්දෙනවා” යන නිත්‍යය බවකින් අරගෙන තිබෙන බවයි මට වැටහෙන්නෙ. එහි අනාත්ම ස්වභාවය (මම කියල කෙනෙක් නොකරන බව) සිහිපත් කර ගන්න.
      ඒ වගේම පලමුවන යෝනිසෝමනසිකාරයට ධාතු මෙනෙහිවන කොටස සහ අනිත්‍යය දුක්ඛ අනාත්ම කොටස ස්වාමීන් වහන්සේ දේශණා කර ඇති පරිදි ඇතුලු කර ගන්න.
      තවත් යෝගීන් ගේ අදහස් මේ සඳහා ඉදිරිපත් වීම සුදුසුයි කියල හිතනවා. මේ ඉදිරිපත් කලේ මට වැටහෙන ආකාරයයි.
      බුදු සරණයි

    • #4634

      ශීවාන්ති වීක්‍රමසිංහ

      තෙරුවන් සරනයි. බොහොම පින්. “පැද්දීමක්” ප්‍රකට වනවාට අමතරව “උඩට ඉස්සීමක්”, “පහලට තදකිරීමක්”, “දහඩිය දැමීමක්”, “කෙලවැක්කිරීමක්”, “දැවීල්ලක්” ආදී දේ සැරින් සැරේ ප්‍රකට වනවා. ස්වාමීන් වහන්සේ ගේ දේශණාත් මෙනෙහි වනවා. මගේ වැරදී වැටහුනා.
      1. නිත්‍යය බවකින් අරගෙන තිබෙන බව – මට බයක් ඇතිවූනා. ඔලුව කැරකෙන බව වැටහී බාවනාව නතර කල අවස්ථා තිබුනා.
      2. පලමුවන යෝනිසෝමනසිකාරයට ධාතු මෙනෙහිවන කොටස සහ අනිත්‍යය දුක්ඛ අනාත්ම කොටස ස්වාමීන් වහන්සේ දේශණා කර ඇති පරිදි ඇතුලු කර නොගැනීම. – තවම ආදුනික බැවීන් පරියන්කයේ අරමුණු 5 තමයි වැඩියෙන් මෙනෙහි කරන්නෙ.
      3. භාවනාව ඒ විදිහටම වෙන්න කියල අපේක්ෂාවක් තියාගන්න බව – සමහරවීට හිත හොයනවා කියලා වැටහී තිබෙනවා.

      ඔබ තුමන්ලාගේ උපදෙස් පිලිපැද මගේ වැරදී හදාගෙනා නැවත හමුවෙන්නම්. තෙරුවන් සරනයි!

    • #4627

      chiranthi

      Few more comments in addition to the above:
      1. ඉහත පරිදි පලවෙනි යෝනිසෝමනසිකාරය දියුණු කරගන්න. නමුත් භාවනාව ඒ විදිහටම වෙන්න කියල අපේක්ෂාවක් තියාගන්න එපා. භාවනාව කියන්නේ වෙනදේ දැනගැනීම. සිහිය පිහිටවීම.
      2. ස්වාමීන්වහසගේ දේශනා නිතර අහන්න. උදා: අත්‍යන්ත ලක්ෂණ. මෙයින් තමයි භාවනාවේදී ප්‍රඥාව ඇති වෙන්නේ.
      3. “පැද්දෙනවා” කියන හැගීම එනකොට ඒක හොදට අද්‍යනය කරන්න. ඒක දැනගන්නේ කොහොමද? එකේ ඇතිවීම නැතිවීම. අදිවශයෙන්.
      4. භාවනාවේ වෙන කිසිදෙයක් ගැන පසුතැවෙන්න එපා. සෑම අත්දැකීමක්ම නිවනට ලන්කරනවා

    • #4692

      Uresha Rupasinghe

      පින්වත් මහත්මිය ඔබ නැවත මුල සිට භාවනාවට අනුගතවු බව පවසා තිබුනා. එසේ නම් ඔබතුමියට ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ සැම දේශනයකදීම වාගේ අවධාරණය කරන්නාවු “යමක් ප්‍රකට වුනාද, ප්‍රකටවු බව දන්නවාද? මෙනෙහි වුනාද? මෙනෙහි වු බව දන්නවාද” යන්න පිළිබදව ඔබේ භාවනා වාරයන්හිදී හොදින් සතිමත්වන ලෙස මතක් කරමි.

      සිදුවන්නේ “පැද්දීමක්” ලෙස ප්‍රකටවීමත්, “පැද්දීමක්” යයි ප්‍රකටවු බව දැනගැනීමත්ය. එය නැවත “සිතුවිල්ලක්” වශයෙන් මෙනෙහිවීමත්, මෙනෙහිවු බව දැනගැනීමත්ය.

      භාවනාවේ එක් අරමුණක ප්‍රකටවීමට කොටුවි ඒම අවස්ථා අත්දකින්න. එම අවස්ථාවන්හිදී “පැද්දීමක්” ලෙස ප්‍රකටවන්නේ සංඥාවකි/සිතුවිල්ලකි.. එය ඒ අවස්තාවේ අත්‍යන්ත ලක්ෂණය වේ. ඉන්පසු ඔබට ප්‍රකටවුයේ සිතුවිල්ලක් යන්න නම් ඒ අවස්ථාවේ අත්‍යන්ත ලක්ෂණය සිතුවිල්ල වේ. නිතරම තමා තුලින් පැමිණෙන මෙම අත්‍යන්ත ලක්ෂණය හදුනාගනිමින් ඉදිරියට යන්න.

      “සිතුවිල්ලක්” යැයි ප්‍රකට වුයේ, “පැද්දීමක්” යන්න මත නොවන බව අවබෝධවන්නේ එසේ බලා සිටින විටය. එක් එක් අවස්ථාවේදී ප්‍රකටවන්නාවු කිසිදු අරමුණක් ඊට පෙර ප්‍රකට වීම හා සම්බන්ද නොවන ආකාරය දැකගන්න. පැද්දීමක් කියන වචනය අභ්‍යන්තරයෙන් මතුවි නිරෝධවිමෙන් අනතුරුව මතුවන්නාවු ඊලග අරමුණ වශයෙන් සිතුවිල්ල යන්න මතුවු ආකාරය අත්දකින්න.

      මෙය තමා තුල වෙන දේ දැකගනිමින්, දැනගනිමින් යන්නාවු ප්‍රතිපදාවකි. එසේ කිරීමේදී ඔබගේ සතිය ප්‍රබලවන ස්වභාවය ඔබට අත්දැකීමට ලැබෙනු ඇත.

    • #4706

      ශීවාන්ති වීක්‍රමසිංහ

      තෙරුවන් සරනයි. බොහොම පින්. මගේ වැරදී වැටහුනා. මා “පැද්දීමක්” හා “සිතුවීල්ලක්” එකිනෙකට සම්බන්ද කරන බව වැටහෙනවා. එය පහත ආකාරයට නිවෙරදි කරගන්නම්.

      “පැද්දීමක් කියන වචනය අභ්‍යන්තරයෙන් මතුවි නිරෝධවිමෙන් අනතුරුව මතුවන්නාවු ඊලග අරමුණ වශයෙන් සිතුවිල්ල යන්න මතුවු ආකාරය අත්දකින්න. “සිතුවිල්ලක්” යැයි ප්‍රකට වුයේ, “පැද්දීමක්” යන්න මත නොවන බව අවබෝධවන්නේ එසේ බලා සිටින විටය.”

      තෙරුවන් සරනයි.

  • #4707

    Bds

    26 ඔක්තෝම්බර් 2016
    ගැටෙන ගැටෙන අරමුණු නිසා ඇතිවන සිත් රාශියටයි ජීවත් වෙනව කියන්නෙ. අපි ජීවිතය ගෙවන සෑම මොහොතක්ම රාග+මෝහ හෝ ද්වේෂ+මෝහ යි තියෙන්නෙ.

    සතියෙන් සිටියොත් සමහර වෙලාවක රාග හෝ ද්වේෂ නැති මොහොතක් අඳුර ගන්න පුඵවන් වෙනව. ඒවෙලාවේ තියෙන්නේ මෝහ සිතකුයි. ඒ සිතේ “මම” කියන ගතියයි තියෙන්නෙ. ඒ සිතේ යම් බර ගතියක් සියුම් ලෙස තියෙනවා. “මම” කියල හැඟීම නිසයි ඒ බර ගතිය. ඒ සිත අදුක්ඛම-අසුඛ සිතක්. ඒක උපේක්ඛා සිතක් කියල වරදවල තේරැම් ගන්නව.

    රාග, ද්වේෂ, මෝහ තුනම නැති සිත උපේක්ඛා සිතයි. අරමුණට අදාලව ස්වල්ප හෝ බර ගතියක් එතන නැහැ. එතන තියෙන්නේ සංසිඳීමයි. එහෙම නම් ඒ මොහොතේ ඒ සිත අරමුණෙන් මිදිල. අරමුණ කෙරෙහි රාග, ද්වේෂ, මෝහ තුනම ඒ මොහොතේ නැහැ. ඒ මොහොතට සිත නිවිල. ඒ සිත “මම” කියන හැඟීමෙන් මිදිල.
    බුදු සරණයි

    • #4708

      uresha

      අපගේ විදර්ශනාවේ ඵලය වන්නේ චිත්තක්ෂණයක නිරෝධය අවබෝධ කරගැනීමයි. ඒ තුල ජිවත්වීමක් නොමැත. වර්තමානය යනු නිරෝධවු ධර්මතාවයක් දැනගන්නා මොහොතයි. දැනගන්නේම නිරෝධයකි.

      රාගය හා ද්වේෂය යනු එකම කාසියේ දෙපැත්තය. යමකට රාගයක් ඇතිවන මොහොතේ වෙන දෙයක් කෙරෙහි ද්වේෂය එතැන ඇත. ප්‍රකට වන අරමුණක් කෙරෙහි රාගයක් හෝ ද්වේෂයක් හටගන්නේම අරමුණෙහි යථාස්වභාවය නොදන්නා බැවිනි. එයයි මෝහය. අරමුණ මම, මගේ මගේ ආත්මය කරගැනීම වේ.

    • #4711

      Bds

      “අපගේ විදර්ශනාවේ ඵලය වන්නේ චිත්තක්ෂණයක නිරෝධය අවබෝධ කරගැනීමයි. ඒ තුල ජිවත්වීමක් නොමැත. වර්තමානය යනු නිරෝධවු ධර්මතාවයක් දැනගන්නා මොහොතයි. දැනගන්නේම නිරෝධයකි.”

      නිරෝධවු ධර්මතාවයක් දැනගන්නා මොහොත ජීවත්වීමයි. ඒ දැනගැනීමේ නිරෝධය මරණයයි.

      “රාගය හා ද්වේෂය යනු එකම කාසියේ දෙපැත්තය. යමකට රාගයක් ඇතිවන මොහොතේ වෙන දෙයක් කෙරෙහි ද්වේෂය එතැන ඇත. ”

      රාගය හා ද්වේෂය එකම සිතක හට ගන්නේ නැත. රාග චිත්තක්ෂණයේ ද්වේෂය නැත. ද්වේෂ චිත්තක්ෂණයේ රාගය නැත.

      “ප්‍රකට වන අරමුණක් කෙරෙහි රාගයක් හෝ ද්වේෂයක් හටගන්නේම අරමුණෙහි යථාස්වභාවය නොදන්නා බැවිනි. එයයි මෝහය. අරමුණ මම, මගේ මගේ ආත්මය කරගැනීම වේ.”

      වෙනත් විදිහකට කිව්වොත් … මෝහය සමඟයි රාග සිතක් හෝ ද්වේෂ සිතක් ඇතිවන්නේ. “මම” කියන හැඟීමමයි මෝහය.

      බුදු සරණයි

    • #4715

      chiranthi

      සෑම උපේක්ෂා සිතක්ම මෝහයෙන් නිදහස් නැහැ. යතා භූත ඥාණයෙන් යුක්ත උපේක්ෂාව විතරයි මොහයෙන් නිදහස්. ඒ කියන්නේ උපේක්ෂා සිතේ යතා ස්වබාවය දැකීම.

      1. සංයුත්තනිකායො – සළායතන වර්‍ගය – 6. මොග්ගල්ලාන සංයුත්තය – 4. උපෙක්ඛා සූත්‍රය
      චතුර්ථධ්‍යානය චතුර්ථධ්‍යානයයි කියනු ලැබේ. චතුර්ථධ්‍යානය කවරේද? ඇවැත්නි ඒ මට මෙසේ සිත් විය. මේ ශාසනයෙහි මහණතෙම සුඛය පහ කිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද පළමුව සොම්නස දොම්නස දෙදෙනා දුරු කිරීමෙන් දුක්ද නැති සැපද නැති උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයිද මේ චතුර්ථධ්‍යානයයි කියනු ලැබේ.
      “ඇවැත්නි, ඒ මම සුඛය පහකිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරුකිරීමෙන් දුකද නැති සැපද නැති උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරමි….
      https://suttacentral.net/si/sn40.4

      2. ඛුද්දක නිකාය – ඉතිවුත්තකය – 3. තික නිපාතය – 1. මාරධෙය්‍ය වර්ගය – 4. දට්ඨබ්බ වෙදනා සූත්‍රය
      “මහණෙනි, මේ වෙදනා තුනක් වෙත්. කවර තුනක්ද යත්? සැප වෙදනාවය, දුක් වෙදනාවය, උපෙක්ෂා වෙදනාවය. මහණෙනි, සැප වෙදනා තොමෝ දුක් වශයෙන් දතයුත්තීය. දුක් වෙදනා තොමෝ උලයයි දතයුත්තීය. උපෙක්ෂා වෙදනා තොමෝ අනිත්‍ය වශයෙන් දතයුත්තීය.
      “මහණෙනි, යම් කලෙක්හි හෝ යම්හෙයකින් මහණහු විසින් සැප වෙදනා තොමෝ දුක් වශයෙන් දක්නා ලද්දී වේද, දුක් වේදනා තොමෝ උල් වශයෙන් දක්නාලද්දී වේද, උපෙක්ෂා වේදනා තොමෝ අනිත්‍ය වශයෙන් දක්නා ලද්දී වේද, මහණෙනි, මේ මහණතෙමේ (කෙලෙසුන්ගෙන්) දුරුව සිටියේය. මනාකොට දක්නාසුලුය, තෘෂ්ණාව සින්දේය. සංයෝජනය මුල් නැත්තක් කෙළේය. මානයාගේ දැකීමෙන්ද දුරුකිරීමෙන්ද සංසාර දුඃඛය කෙළවර කෙළේ යයි කියනු ලැබේ යයි.”
      මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
      “යම් ආර්ය ශ්‍රාවකයෙක් සුඛ වේදනාව දුක් වශයෙන් දිටීද, දුක්ඛ වේදනාව උල්වශයෙන් දිටීද, ශාන්තවූ ඒ උපෙක්ෂා වෙදනාව අනිත්‍ය වශයෙන් දිටීද,
      “යම් හෙයකින් ඒකාන්තයෙන් මනාකොට දක්නා සුලුවූ ඒ මහණතෙමේ ඒ වේදනාවෙහි මිදේද, ඉර්ධි විධාදී අභිඥාසයින් අවසන් කළාවූ සන්සිඳවූ ඒ මුනිතෙමේ ඒකාන්තයෙන් යොගයන් ඉක්මවූයේයයි”

    • #4716

      chiranthi

      මේක මෙච්චට complicate කරගන්න එපා. සෑම මොහොතකම යථා ස්වාභාවය නුවනින් දකින්න. එතකොට ඉබේම යථා ස්වාභාවයම පමණක් ඉස්මතුවෙන්න ගන්නවා.
      යථා භූත කියන්නේ “දැනීමක් තියෙන්නේ” හෝ “අත්දකින්නේ ස්පර්ශයේ නිරෝධය” කියන අවබෝදය. ඒ අවබෝදය ඇති තැන අල්ලගන්නවත් අතහරින්නවත් දෙයක් නැහැ.

    • #4718

      Bds

      සාදූ සාදූ සාදූ. බොහොම පිං.

      “සෑම උපේක්ෂා සිතක්ම මෝහයෙන් නිදහස් නැහැ. යතා භූත ඥාණයෙන් යුක්ත උපේක්ෂාව විතරයි මොහයෙන් නිදහස්. ඒ කියන්නේ උපේක්ෂා සිතේ යතා ස්වබාවය දැකීම……”
      “…..එතකොට ඉබේම යථා ස්වාභාවයම පමණක් ඉස්මතුවෙන්න ගන්නවා…..”

      මේකම තමයි ලබන ලද අත්දැකීම විදිහට කියන්න උත්සාහ කලේ අනික් අයටත් උපකාරයක් වේවි යන අදහසින් (මේ සාකච්චා පිටුවේ නමම යෝගාවචරයන්ගේ අත්දැකීම් කියලනෙ තියෙන්නෙ). ඒ වුනාට ඒවා වචනයට දැමීමත් (අත්දැකීමක් වචනයකින් ප්‍රකාශ කිරීමට මට හැකියාව නැති නිසත්), වචනයට දැමූ දෙයක් තව කෙනෙකුට තේරැම් ගන්න අමාරැ නිසාත් මගේ ඒ අදහස ඉදිරිපත් කිරීම නිෂ්පල වුනු බවකුයි පෙනෙන්නේ. “…සෑම උපේක්ෂා සිතක්ම මෝහයෙන් නිදහස් නැහැ…” මා මෙහි උපේක්ෂා සිත යනුවෙන් අදහස් කලේ වීතරාගී, වීතද්වේෂී, වීතමෝහී සිතයි. මෝහය තිබෙන සිත කියන්නේ නොදුක් නොසුඛ සිතයි.

      බුදු සරණයි

  • #4719

    Migara

    මේවා සියල්ල නැතහොත් මේවා එකින් එක තනි තනිව සැලකුවේ නම්, එම එකින් එකද, සඥා බව ප්‍රඥාවෙන් අවබෝධ කර නොගැනීම ම මෝහය නොවන්නේද? ඔය පින්වතියන් අතර විවාදයට එම අනවබෝධයම හේතුවූ බවම නොදනීම මෝහය නොවේද?
    මේ ස්වාමීන් වහන්සේගේ සුභාශිතයයි

  • #4721

    chiranthi

    ප්‍රකට වීම = අසතිය – උදා: ඇසීම
    ප්‍රකටවුනු බව දැනගැනීම = සතිය – උදා: “ඇසුනා” කියන අදහස ඇතිවූ බව
    මෙනෙහිවීම = යථා භූත ඥානය ප්‍රකට වීම – ප්‍රකට වූ දෙයෙහි සත්‍ය ස්වබාවය – ධර්මතාවය – උදා: සිතුවිල්ලක්, සංඥාවක්, නිරෝධයක්
    මෙනෙහිවීම වුනු බව දැනගැනීම = ධර්මතාවය දැනගත් බව දැනගැනීම.
    ප්‍රකට වීම = දුක්‍ය සත්‍ය හා දුක්‍ය සමුදය (හේතුව හා පලය)
    ප්‍රකටවුනු බව දැනගැනීම හා මෙනෙහිවීම = මාර්ග සත්‍ය, එහි පලය නිරෝධයයි.

    • #4757

      chiranthi

      සෑම මොහොතක්ම නාම රූප නිරෝධයක් (සිතුවිල්ලක නිරෝධයක්) කියල දක්කොත්, එතන අල්ලගන්නවත් අතහරින්නවත් දෙයක් ඉතුරුවෙන්නේ නැහැ. එතන අලුතින් දෙයක් පංචඋපාදාන ස්කන්ධයට එකතුවෙන්නේත් නැහැ. එතන තියෙන්නේ දුක්‍ය නිරෝධය, තණ්හාවේ නිරෝධය.

  • #4775

    ushan

    අවසරයි ගරු ස්වාමීන් වහන්ස, 404.04ධර්ම දේශනා 4.12 – කයෙහි කය අත්දැකීමෙන් නාම රූප නිරෝධයට 1 හි @1:48:44 ඔබ වහන්සේ සදහන් කරනවා “තණ්හාව කිව්වේ මේ සංඥාවට” කියලා. මේනිසා මට පහත ප්‍රශ්ණ 2 ආවා.
    1 කෙටියෙන් කීවොත් පංචඋපාදනස්කන්ධයම දුකක් බව බුදු සමිදුන් පවසනවා. ඉතිං සංඥාව එතකොට දුකක් නේද?
    2 එතකොට දුකට හේතුව තණ්හාව බව එම සූත්‍රෙය්ම පවසනවා.එසේම දුක(පංචඋපාදනස්කන්ධය/සංඥාව) අවබෝධ කල යුතු බවත්, දුකට හේතුව(තණ්හාව) ප්‍රහාණය කල යුතු බවත් එහිම පවසන බැවින්, දුක(පංචඋපාදනස්කන්ධය/සංඥාව) හා දුකට හේතුව(තණ්හාව) යනු දෙකක් නොවේද?

    අසරණ මට මෙය පහදා දෙන්න.

    • #4831

      chiranthi

      තණ්හාවත් පංචඋපාදාන ස්කන්ධයේ කොටසක්. ස්කන්ධයන් අතීතයේ ඇසුරු කල සංඥා හා බදෙන්නේම තණ්හාව නිසා. අතීතයේ තණ්හාව නිසා උපාදානය උන සංඥාව මේ මොහොතේ අවිද්‍යාවත් නිසා නැවත ස්කන්ධයන්ට අරමුණු වෙනවා. ඒ තමයි තණ්හාවේ අරම්බය. තණ්හාවත් දුකක් තමයි. මුළු පටිච්ච සමුප්පදයම දුකක් හා දුකට හේතුවක්. ඒක නිසා කොයි පුරුකෙන් කඩුවත් දුක නැති කරතැහැකි. ඒත් කඩන්න ලේසි අවිද්‍යාව හා තණ්හාව.

      ස්වාමින් වහන්ස සමග skyp සම්බන්ධ වී මේ ගැන වැඩිදුරට අසා ගත හැකි.

    • #4888

      Uresha Rupasinghe

      2016-11-14 – පොහොය දින ඔබතුමිය ඉදිරිපත් කල ගැටළුව
      කාටහරි “දානයක් ඕනා” යැයි ඇසුනුවිට ඒ බව දැනගෙන ඒක අතහැරෙනවා. නමුත් “මට බඩගිනියි” කියලා සිතුවිල්ලක් ආවිට අපි ගිහින් ආහාර ගන්නවා. මෙතැන අතහැරීම සිදුවන්නේ කොතැනද කියලා?

      දානයක් ඕනා යැයි ඇසීමත්, මට බඩගිනියි වශයෙන් සිතුවිල්ලක් පැමිනිමත් දෙකම සංඥා දෙකකි. දානයක් දෙන්න ඕනා යැයි ඇසුනු විට, ඒ බව දැනගැනීම ඔස්සේ ඔබ සතිමත්භාවයට පත්වන අතර එය සංඥාවක් බව දන්නා බැවින් ප්‍රඥාවද සහිතය. එතැන අවිද්‍යාවක් නැත. විද්‍යාව ඇත. ඔබගේ විදර්ශනාව සම්පුර්ණය. එනම් අතහැරීම සිදුවි ඇත.

      මට බඩගිනියි කියා ඇතිවු සිතුවිල්ලටද එම ධර්මතාවයමය.. එවන් සිතුවිල්ලක් ඇතිවු බව ඔබ දැනගත්තා නම් අතහැරීම සිදුවි ඇත. නමුත් ඉන්පසුව ඔබට පහලවු නැගිටිය යුතුයි, කැම ගත යුතුයි, කුස්සියට යායුතුයි, බත් බේදා ගත යුතුයි, දැන් බත් කනවා ආදි වශයෙන් පහලවු සිතුවිලි සමහර විට ඔබගෙන් ගිලිහි ගොස් ඇත. බත් කන එක දැනගත් මොහොතේදී එය ඊට පෙර පහලවි නිරුද්ධවු මට බඩගිනියි යන සිතුවිල්ලට සම්බන්ද කරගෙන ඇත.

      ඒ සියළු චේතනා ඒ අවස්ථාවේ හේතුඵල දහමට අදාලව එතැන එතැන නිරුද්ධවීමක් පමණක් සිදුවි ඇත. ඔබ කල දෙයක් නැත. මට බඩගිනියි යන සිතුවිල්ල පැමිනි පසු ආහාර ගැනීම සිදුකලේ මගේ උවමනාවට යැයි වැරදි වැටහිමකට පත්වි ඇත. සියල්ල අනාත්ම ධර්මතාම පමනි. සිදුවුයේ මට බඩගිනියි වශයෙන් පහලවු සිතුවිල්ලත්, කැම කනවා යැයි පහලවු සිතුවිල්ලත් ඔබ දැනගැනීමම පමනි.

    • #4895

      chiranthi

      බොහොම පින් මේ ගැන අදහස් දැක්වීමට. මට මේ ගැන ස්වාමින්වහන්ස සමග සාකච්චා කිරීමට අවශ්‍යතාවයක් ආවා .

      මම අදහස්කලේ අපි දැනගත්තත් නැත්තත් සියල්ල සිද්දවෙන්නේ අනත්මයෙන්. චේතනාවක් ඇතිවූ විට එය ක්‍රියාවට නැංවීම කරනවද නැද්ද කියල තීරණය කරන්නේ අනාත්මය(හේතු පල). මම කියන්නේ ඒ තීරණය ගැන තියෙන දැනීම පමණයි.

      මදුරුවෙක් කෑවම උව මරන්න ඕනද නැද්ද කියල තිරණය කරන්නේ අනත්මයෙන්. අනත්මයට අතීතයේ එකතු වූ information වලට අනුව අනාත්මය තීරණය ගන්නවා. ධර්මයක් අසා නැති කෙනෙක් හිතන්නේ මරණ එක තමා හරික්‍රමය කියල. Australian අය හිතන් ඉන්නේ මකුළුවෙක් දැක්ක ගමන් මරන්න ඕන කියල, හැමෝගෙම සුබසෙතට. දර්මය ඇසුණු කෙනෙක් දන්නවා මරණ එක වැරදි කියල.

      මම අදහස් කලේ, අපි මෙය අනත්මයෙන් වෙන්නේ කියල දැනගත්තට මදි, යෝනිසෝමනසිකාරයෙන් මොකද්ද හරි මොකද්ද වැරදි කියල(සීලය, ශික්ෂාව) බුද්ධ දේශනාවට අනුව අභ්‍යන්තරයට ඇතුලත් කරන්න ඕන. එතකොට තමයි අනාත්මය ධර්මනුකුල තීරණයක් ගන්න ඉඩ තියෙන්නේ. ඒ එක්කම එතන අවබෝධය තියෙනවා මෙය හේතුපල ක්‍රියාවලියක් කියල.

      කෙනෙක් බඩකින්නේ ඉන්නේ කියන චේතනාව ආවම අනාත්මය එය සිතිවිල්ලක් කියා අතහරිනවද එයට ක්‍රියාත්මක වෙනවද කියන නිගමඟ ධර්මනුකුලව ගන්න අනාත්මය ඇතුලේ information තියෙන්න ඕන. ඒක මම කරන දෙයක් නෙමෙයි, අතීතයේ යෝනිසෝමනසිකාරය කල information අනුව ඇති වුන චේතනාවක්.

    • #4896

      chiranthi

      සම්මා දිට්ටියෙන් විතරක් මාර්ගය සම්පුර්ණ වෙලා නිවන ශාත්ශාත් වෙන්නේ නැහැ. ඒක හේතුවෙලා, සිතුවිල්ල, ක්‍රියාව, වචනය, සම්මා වෙන්න ඕන. එතකොට තමයි අජිවය සම්මා වෙන්නේ. සම්මා අජිවය තියෙන තැනට සම්මා වායාමය ඇතිවුනාම, සම්මා සතිය ඇතිවෙනවා. මේ ඔක්කොම තියෙනවනම් එතන සම්මා සමාධිය හිටිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකක් එකකට හේතු පල වෙනවා.

    • #4904

      Uresha Rupasinghe

      වර්තමානයේ තමාට ප්‍රකටවු අරමුණට පමනක් කොටුවීම හෝ එය දැනගැනීම පමණක් සිදුවිය යුතුයි යන්නයි මාගේ අවබෝධය මහත්මිය. එකකට එකක් සම්බන්ද නොවන්නාවු චිත්තක්ෂණ අතීතය හා සම්බන්ද කල යුතු නැ නේද? අදාල වර්තමාන මොහොත හෝ සිතුවිල්ල හෝ දැනගැනීම සදහා අනන්ත හේතු සකස්වුවත් එය අතීතය හා සම්බන්ද නොවන බවයි වැටහීම.

    • #4938

      chiranthi

      මට හිතෙන විදිහට සිහිය ප්‍රඥාව විතරක් මදි. සිහිය කියන්නේ සිදුවේච්චදේ දැනීම. ප්‍රඥාව කියන්නේ ඒ ගැන යථා අවබෝදය. ඒ දෙක විතරක් මදි මේ දෙකට සීලය එකතුවෙන්න ඕනෑ, නැත්නම් තියෙන ආශ්‍රව ගෙව්නට අලුතින් ආශ්‍රව එකතුවෙන එක නවතින්නේ නැහැ. හොදටම සීලය රකින්නේ රහතුන් වහන්සේ. රහතුන් වහන්සේ කෙනෙක් සතුන් මරල කියල අපි කොහෙවත් අහල නැහැ. ඒ කියන්නේ උවහන්සේ දන්නවා අනත්මයෙන් ඒ සදහා චේතනාවක් එන්නේ නැහැ කියල. ඒ වෙනුවට අරමුණට පිහිටන්නේ මහා කරුණාව.

      මට තේරෙන්නේ මාර්ගය දියුණු උනා කියන්නේ අරමුණ දැනගන්නවා, එයට ඇතිවෙන චේතනාව සීලයක පිහිටලා ඇතිවෙන චේතනාවක්. අනත්මයෙන් අරමුණට චේතනාවක් ඇතිවෙනවාමයි, එක වෙන්නේ නැත්තේ සමධියේදී විතරයි. රහතුන් වහන්සේටත් චේතනාවක් නැත්නම් අහන දෙකට උත්තර දෙන්න බැහැ, නමුත් ඒක උපාදානය වෙලා නැහැ. පරිනිර්වාණය වෙනකන් සම්මුති ජීවිතයක් තියෙනවා. එකෙන් අයින් වෙන්න බැහැ. බුදු හාමුදුරුවොත් සම්මුතියට ඇවිත් බන කිව්වේ.

      යමක් කියන්න සිතිවිල්ලක් ආ විට. තවත් සිතිවිල්ලක් නැග එනවා මේක කියන එක හොදද කියල. අනාත්මයෙන් ඉන්පසු සම්මුතියට ගැලපුන දෙයක් වචන වශයෙන් කරනවා. මේ සියල්ල වෙන වෙනම චිත්තක්ෂණ තමා, මගේ පාලනයෙන් උන දේ නෙමෙයි, ඒත් ඒක දැනගත්ත කියල හේතුවෙන් පලයක් හටගන්න එක නවතින්නේ නැහැ. බඩගිනියි කියල හිතුනම අනත්මයෙන් ආහාර ගන්න ඕන කියල චේතනාවක් එන්න ඕන. නැතුව ඒක සංඥාවක් කියල අහක දැම්මොත් ශරීරයට දුක් දෙන ප්‍රතිපදාවට වැටෙනවා නේද?

      සිතුවිල්ලක් (චේතනාවක්) ප්‍රකට වූ විට එය දැනගන්නවා ඉන්පස්සේ මෙනෙහිවෙන්න ඕනේ එකෙන් සීලය බිදෙනවද (හරිද නැද්ද) කියල. නැත්නම් හෝද හෝද මඩේ දානවා වගේ වැඩක් වෙන්නේ.

      මම එක චිතක්ෂනයයි ඉන්නේ කියල යෝනිසෝමනසිකාරය කන්න එක මදී. පරිනිර්වාණය වෙනකන් ජීවත්වෙන්නේ කොහොමද කියන එකත් යෝනිසෝමනසිකාරයෙන් අනත්මයට එකතුවෙන්න ඕන. මේ මට තේරුණ විදිහ.

    • #4940

      chiranthi

      3. සික්ඛානිසංස සූත්‍රය
      https://suttacentral.net/si/an4.245

      245’’මහණෙනි, ශික්‍ෂාව ආනිශංසකොට ඇති, ප්‍රඥාව අධිකකොට ඇති, විමුක්තිය හරයකොට ඇති, සිහිය අධිපතිකොට ඇති මේ බ්‍රහ්මචර්‍ය්‍යය වසයි. මහණෙනි, කෙසේ ශික්ඛානිසංසය වේද?

      ’’මහණෙනි, මා විසින් මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වඩා පැහැදීම පිණිස, වත් පිළිවෙත් වශයෙන් ශික්‍ෂාවක් පනවන ලද්දේද, ’’මහණෙනි, මා විසින් යම් යම් පරිද්දෙකින් නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස, ශ්‍රාවක ආභිසමාචාරික ශික්‍ෂාවක් පනවන ලද්දේද,……………….
      ….’’මහණෙනි, කෙසේ වනාහි සිහිය අධිපතිකොට ඇත්තේ වේද? ’මෙසේ සම්පූර්‍ණ නොවු හෝ වත් පිළිවෙත් ශික්‍ෂා සම්පූර්‍ණ කරන්නෙමි. පිරිපුන් වත් පිළිවෙත් ශික්‍ෂාව ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ.
      ’’මෙසේ සම්පූර්‍ණ නොවූ සිවු පිරිසිදු සිල් සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණවූ හෝ සිවු පිරිසිදු ශීලය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ.
      ’’මෙසේ නොදක්නා ලද ධර්මය ප්‍රඥාවෙන් බලන්නෙමි. දුටු ධර්මය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ.
      ’’මෙසේ ස්පර්‍ශ නොකරණ ලද ධර්මය අර්හත් ඵල විමුක්තියෙන් බලන්නෙමි. දක්නා ලද ධර්මය ඒ ඒ තන්හි නුවණින් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහිම සිහිය එළඹ සිටියේ වෙයි.
      ’’මහණෙනි, මෙසේ වනාහි සිහිය අධිපතිවූයේ වේ. මහණෙනි, ප්‍රඥාව ශ්‍රෙෂ්ඨකොට ඇති, විමුක්තිය සාරයකොට ඇති, සිහිය අධිපතිකොට ඇති මේ බ්‍රහ්මචර්‍ය්‍යය ශික්‍ෂාව අනුසස්කොට ඇත්තේයයි යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලදී.’’

    • #4897

      Samaadhi

      දුකට හේතුව “තෘෂ්ණාව”
      තෘෂ්ණාවට හේතුව “නොදැනීම/ මෝහය” (“මෝහය” යනු නාම රූප ධර්ම වෙන්කර ගත නොහැකි වීම)
      මෝහයට හේතුව පංචස්කන්ධය (නාම රූප ධර්ම), “නිත්‍ය සුඛ ආත්ම” ලෙස ගැනිම
      එනම්
      “නිත්‍ය සුඛ ආත්ම” ලෙස ගැනිම හේතුවෙන් පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධයක් ලෙස භාර ගැනීමක්ද සිදුවන්නේ?
      එනම්
      Eg: පෙණ පිඬක් බව නොදැන (මෝහය නිසා) “රූපස්කන්ධය” නිත්‍ය සුඛ ආත්ම ලෙස ගැනීම හේතුවෙන් රූපඋපාදානස්කන්ධයක් ලෙස භාර ගැනීමක්ද සිදුවන්නේ?
      එනම්
      ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීමේන් පංචස්කන්ධය, පංචස්කන්ධය ලෙසම යථාභූත ස්වභාවයෙන් දැකිය හැකි වීමද සිදුවන්නේ?

      පහදා දෙන මෙන් මෛත්‍රියෙන් ඉල්ලා සිටිමි

    • #4939

      chiranthi

      අවිද්‍යාවට හේතුව චතුරාර්ය සත්‍ය නොදනිම.
      පංචඋපාදානස්කන්දය අවබෝදයෙන් දුකත් ඒකට හේතුවත් අවබෝද වෙනවා.
      ඒ අවබෝද්‍යයෙන් මාර්ගයයත් නිරෝධයත් අවබෝද උනාම තමයි අවිද්‍යාවෙන් නිදහස් වෙන්නේ.

      පංචඋපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්දයට තණ්හා දිට්ටි දෙක මිශ්‍ර වීම.
      යමකට අතීත සංඥාව එකතුඋන විට එතන පංචඋපාදානස්කන්ධය ඇතිවෙලා.
      ශබ්දයක් ඇසීමට “කට හඩ” කියල අරමුනුවෙන්නෙම උපාදාන ස්කන්ධය හරහා. රහතන්වහන්සේ ඒක අවබෝදකරගෙන් මාර්ගයෙන් මම මගේ නෙමෙයි කියල නිරෝධයේ පිහිටනවා.
      මේ මගේ අවබෝධය. ස්වාමින් වහන්ස සමග skyp සම්බන්ධ වී මේ ගැන වැඩිදුරට අසා ගත හැකි.

  • #4944

    Samaadhi

    ඔබතුමියගේ පැහැදිලි කිරීමට මාගේ නමස්කාරය
    ශබ්දයක් ඇසෙන විට “කටහඬ” , “කුරුල්ලෙක් කෑ ගහනවා” ආදි වචන වලින් අරමුණු වන්නේ නැත. ඇත්තේ යම් හිස් බවක් තුළ ඇත්තා වූ දැනීම් මාත්‍රයක් පමණි.

    නාමයක් නැතිව රූපය ස්වාධීනව වැඩ කරන බව දැනුවත් නම් එතන පහල වන්නේ පංචස්කන්ධය ද?
    පෘතග්ජනයකුට (ඵල සමාපත්තියක් නොලැබු පුද්ගලයෙකුට) පංච උපාදානස්කන්ධයක් හැර, පංචස්කන්ධයක් පහල වීමට හැකියාවක් තියනවද?

    තෙරුවණ් සරණයි !!!

    • #4945

      chiranthi

      පුද්ගලයෙක් කියන්නෙම “ඒ මොහොතේ” පංචස්කන්දය, නමුත් එය මම මගේ කියල තණ්හා දිට්ටි දෙකෙන් බැදිලා නිසා උපාදාන ස්කන්ධයකට පරිවර්තනය වෙලා.
      එම දැනීම, “දැනීමක්” ලෙස හෝ “ශබ්දයක්” ලෙස හදුනාගැනීමක් ඇති උනා නම්, හදුනාගැනීමක් ඇති සෑම තැනකම පවතින්නේ උපාදාන ස්කන්ධය. දැනීම් මාත්‍රයක් පමණක් ඇති තැන තියෙන්නේ පංචස්කන්දය, නමුත් කියා හදුගන්න වෙන්නේ උපාදාන ස්කන්ධය හරය.
      පංචස්කන්දයට සිහිය එලබුන කෙනෙකුට එතන මොකද්ද උනේ කියල පසුව හදුනාගන්න බැහැ, දැනීම් මාත්‍රයක් අත්වින්ද බව පමණයි හදුනාගන්නේ.

  • #4983

    chiranthi

    විද්‍යාවෙන් ඇතිවෙන චේතනාව….
    ප්‍රකට වෙන අරමුණ මනෝ විකාරයක් (මනසිකාරයක්) කියා අවබෝද වූ විට, අනාත්මය ඒකට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියා තීරණය කරනවා. ඒ දෙකෙන් මොකක් උනත් සොමනස්සයක්වත් දෝමනස්සයක්වත් උපදින්නේ නැහැ. නැති දෙයකට මොකක් උනත් මොකද? චේතනාව විද්‍යාවෙන් යුතුව ඇතිඋන නිසා. මම මගේ නොවනවා ධර්මතාවයක් කියන අවබෝධය ඇතිතැන උපාදානයෙන් නිදහස්.

  • #5206

    chiranthi

    මේ මොහොතේ ප්‍රකට වෙන වචනය පමණයි මම දන්නේ, ඒකතමයි මම, මගේ ලෝකය, මගේ ආත්මය.
    ඒ වචනයෙන් මිදෙන්න, එය වචනයක් පමණයි බව දැනගන්න. ඊට එහා වටිනාකමක් දීල කරදරේ වැටෙන්න එපා

    මේ මොහොතේ වචනයට එහා දෙයක් දැනගන්නවානම් මට කියන්න.

  • #5250

    kumari prathapasinghe

    අානාපාන සති බාවනාව හා පර්යන්ක බාවනාව අතර ෙවනස පැහැදිලි කරන්න

    • #5251

      chiranthi

      පර්යන්ක භාවනාව කියන්නේ එකතැන ඉදන් කරන භාවනාව. උදා: ඉදගෙන කරන භාවනාව. අනාපාන කියන්නේ එක පර්යන්ක භාවනා කමටහනක්.

  • #5293

    kumari prathapasinghe

    පර්යන්ක බාවනාව අරමුණු 5 ක් මුල් කරගෙන කළත් සෑම විටම මා හට ප්රකට වන්නේ ආස්වාසය හා ප්රාස්වාසයයි.සුලු වෙිලාවක් ඇතුළත ආස්වාස ප්රාස්වාස මුලුමනින්ම සන්සිදේ.ටික වෙිලාවක් ඇතුළත නිල් පාට දිලිසෙන රවුමක් දිස්වෙි.පසුව එම රවුම මැදින් කුඩා සිදුරක් දිස්වෙි.මෙි දෙස බලා සිටීමෙි දී වෙනත් කිසිම අරමුණක් ප්රකට නොවෙි.සබිද සිතුවිලි හෝ වෙිදනා කිසිවක් නොදැනේ.ටික වෙිලාවක් ගිය පසු මෙි සිදුර තුලින් බින්ගයකින් රින්ගාගෙන යන්නාක් මෙන් මා ගමන් කරන්නාක් මෙන් දැනේ.සමහර අවස්ථාවලදී මුහුදු රළ නැගෙන ආකාරයක් දිස්වෙි.අන්තිමෙිදී දීර්ග වෙිලාවක් බාවනා කළ පසු මා රවුමි විසාල බෝලයක් වැනි කාමරයක් ඇතුළත සිටිනවාක් මෙන් දැනේ.එමෙන්ම මගේ ඉදිරිපස හිස් අවකාසයක් හරියට ලෝකාන්තය දෙස බලන විට පෙනෙන දර්සනය වැන්නක් දිස්වෙි.මෙි අවස්ථාව ඉතාමත් නිස්සබිදයි.සහනදායී වෙි.මීට අමතරව උදෑසන බාවනා නොකර ඇස් වසාගෙන සිටින අවස්ථාවලදී ඉතාමත් ප්රභාමත් විදුලි ආලෝකයට සමාන ආලෝක ධාරාවන් දිස්වී ක්ෂණයකින් නැතිවෙි.වර්ණවත් දිලිසෙන දේ කැඩි කැඩී ක්ෂණයකින් නැතිවෙි.මා නිවන මෙි මොහොතේ 22 කණ්ඩායමෙි උපාසිකාවක් වෙමි.එහෙත් ස්වාමීන් වහන්සේට මා මෙම අත්දැකිමි ප්රකාස නොකළෙමි.මෙවැනි තත්වයන් මොනවාදැයි මා නොදනිමි.උපදේසයක් පතමි.

    • #5312

      Bds

      ඔබතුමියට ස්වාමීන් වහන්සේ මුණගැසීත් මේ කමටහන සුද්ද කර ගැනීමට අදහසක් පහල නොවීම අවිද්‍යයාවේම ප්‍රතිඵලයකි. එහෙත් කුසලය මතුවුනොත් ස්කයිප් හරහා එකතුවී ඔබතුමියගේ අත්දැකීම ගැන උපදෙසක් ලබා ගැනීමට තවමත් අවකාශ ඇත.

      මේ ගමන දැක දැක දැන දැන යායුතු ගමනකි. බුදු බන නොදැන අවබෝධයට යාමට නොහැක. අරමුණු 5 ප්‍රකට නොවීම නැතිනම් සන්සිඳීමෙන් පසු යොමුවෙන්නේ මනෝද්වාරයටයි. බුදු හාමුදුරැවො කියනව මෙතන මම කියල කෙනෙක් නැහැ කියල. එහෙම නම් මම ගමන් කරනවා…. මා සිටිනවා…… කියා ඔබ ලියා ඇති විස්තරය (තුන්වන යෝනිසෝමනසිකාරය), වෙනත් කෙනෙකුගේ ප්‍රකාශනයක් දිහා බලන ආකාරයට කියවා බලා භාවනාව තුලදී උපාදානය වී ඇති කොටස් අඳුනා ගැනීමට පුඵවන්ද කියල බලන්න.

      අජන්ත සර් ගේ මේ දේශණය සමහර විට සුථමය දැනුම ලෙස ඔබතුමියගේ අත්දැකීමට උපකාර වීමට ඉඩ තිබේ.
      Abhidhamma lesson Kalutara Bodhiya C 0036 – 2016-12-04

      අවිද්‍යයාවට ඉඩනොදී මීලඟ කමටහන් සාකච්චාවට එකතු වීමට ඔබතුමියට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

      බුදු සරණයි.

  • #5327

    kumari prathapasinghe

    සත්‍ය වශයෙන්ම මාගේ ඍථමය දැනුම වැඩි කර ගැනීමට ඔබ තුමිය විසින් එවා තිබූ අභිධර්ම පාඩම තුළින් හැකි වූවා සේම සමත භාවනාව තුලින් ලබා ගන්නා තාවකාලික සුඛය අවිද්‍යාවෙිම ගැලී සිටීමක් බව පැහැදිළි විය.ස්වාමීන් වහන්සේගේ උපදෙස් පිළිපැදීමත් භාවනාවට ආධුනික වීමත් තුළින් පමණක් මා හට විසදුමි ලබා ගත හැකි වනු ඇතැයි සිතමි.ඊළගට පැවැත්වෙන කමටහන් වැඩ සටහනේදී ආධුනික මනසකින් යුතුව ස්වාමීන් වහන්සේට අත්දැකීමි කිව යුතුය.ඉදිරියේදී මතු වන ගැටළු ස්කයිප් හා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් ඵ් සමග සමිබන්ධ වීමට අවශ්‍ය තොරතුරු මා වෙත දන්වන මෙන් ඹබ තුමියගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.ඹබ තුමිය විසින් මා නිවැරැදි මගකට යොමු කිරීමට ගත් උත්සාහය පිළිබදව පින්.

    • #5336

      Bds

      Skype address : nibbananirvana.
      Budu Saranai

    • #5337

      Bds

      Sorry. There is a space…..
      Skype address : nibbana nirvana.
      Budu Saranai

    • #5374

      Bds

      “2002.02-ජ්‍යෙෂ්ඨ යෝගාවචර උපදෙස් 20.04″ දේශණාව තුල ඔබතුමියගේ කමටහන සුද්දවීම සඳහා අවශ්‍යය සම්පූර්ණ ධර්මතාවය ඇතුලත්වී ඇති බවක් දැනුනි.
      බුදු සරණයි

  • #5771

    admin
    Keymaster

    පින්වත් ඔබ අතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් නිරෝධවු ධර්ම දේශනා ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය වි ඇත්නම්, අප වෙත ලැබීමට සලස්වන මෙන් මෛත්‍රියෙන් සිහිපත් කරමු.

    If you have any Dhamma Sermon preached by Rev Thero that was translated into English, please send us. Your effort would be much appreciated with much merits.

  • #5896

    chiranthi

    නාම රූප: පංචස්කන්ධය හා පංච උපාදාන ස්කන්ධය

    සත්වයෙක් (ලෝකය ) කියල ගන්නෙම නාම රූප පහලවිමක්. මේ දෙක සෑම විටම එකට පමණයි පිහිටන්නේ. නාමයෙන් තොරව පහල වෙන රුප සත්වයාට ගෝචර නැහැ. සත්වයාට ස්පර්ශ වෙන්නෙම නම රූප ඇතිවූ තැන පමණයි. ඇහැත් රුපයක් කියන රූප කලාප එකතු වූ තැන විඥාණය පිහිටනවා මේ තුන තියෙන තැන ස්පර්ශය තියෙනවා ස්පර්ශය තියෙන තැන සංඥා වේදනා සහ අනෙකුත් චෛතසික තියෙනවා. නම රුප පහල වීම මෙය චිත්තක්ෂණයක්. මෙතන නම රුප වලට කියන්නේ පංච ස්කන්ධය. මෙතන රුපය ප්‍රකට නැහැ. ඒකයී ඇහැ හා රූපය අනිදස්සනයි කියන්නේ. මෙය අතීත කර්මයට ස්කන්ධය පහල වීම. මෙතන භව ඇතිවෙන්නේ නැහැ.

    මෙම පංචස්කන්ධය නිසා යම් රුපයක් ප්‍රකට වේද එය ප්‍රකට වෙන්නේ පංච උපාදාන ස්කන්ධය පහල වූ හේතුවෙන්. මෙතනත් තියෙන්නේ නාම රූප. ඒ ප්‍රකට වූ රුපය තියෙන දෙයක් නෙමෙයි. සත්වයට (ලෝකයට) සාපේක්ෂව සතරමහා ධාතුව හා නම ධර්ම ප්‍රකට වූ ආකාරයයි. මෙම නිත්‍ය රුපයක් ලෙස ගත ගත් තැන තමයි එය උපාදානය වෙන්නේ. භව වෙන්නේ.

    • #5907

      Bds

      2016 මැයි 17 වෙනිදා මේ පිටුවේ සටහන් වී ඇති කරැණු නැවත මෙනෙහිවුනි.
      බුදු සරණයි

  • #5928

    chiranthi

    ඇයි බුදු හාමුදුරුවෝ ආස්වාසය බලන්න කිව්වේ ?
    අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න.

    මුලින්න අස්වාසය දකින්නේ තියෙන දෙයක් විදිහට.
    මගේ නහයට සුලග වදිනවා කියල නිත්‍ය වශයෙන් හදාගෙන ආත්ම ගතවෙලා.
    එය සුකයක් විදිහට විදිනවා.

    දිගට පරික්ෂා කරනකොට දකිනවා මේකේ වෙනස්වීම මට පාලනය කරන්න බැරිබව, ඒනිසා දුකක් බව.
    තවත් බලන කොට දකිනවා එයින් විදින සැප දුක වේදනාව වෙනමම ධර්මතාවක් බව, ඒ වේදනාව අශ්වසයට අයිති නැති බව.

    තවත් පරික්ෂා කරන කොට දකිනවා මේ ආශ්වාසය කියන්නේ, නාසය කියන්නේ; චේතනාවක්, සිතුවිල්ලක් බව.
    සත්‍යම රුපය කවදාවත් මට ගෝචට නැති බව. අනිදස්සන බව.
    සිතුවිල්ල පවතිනකොට ආශ්වාසයක් තියෙනවා. සිතුවිල්ල නිරෝධ වෙනකොට ආශ්වාසය නිරෝධ වෙන බව.
    එයින් අවබෝධ වෙනවා මේ ලෝකයම සිතුවිල්ලක් බව. සිතුවිල්ල නිරෝධ වෙනකොට ලෝකයම නිරෝධ වෙන බව.
    සිතුවිල්ලත් රුපයත් අනිත්‍යක් දුකක් අනාත්මයක් බව.

    මේ ප්‍රකට වෙන රුපය හා සිතුවිල්ල නිත්‍යක් වශයෙන් දැකපු නිසයි එයට බැදුනේ. එයින් භාවය හැදුනේ කියල.
    භාවයෙන් මිදෙන්නේ රුපය හා සිතුවිල්ල අනිත්‍ය වශයෙන් බැසගත් තැන කියල. එයට බැසගත හැකිවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පමණයි කියා අවබෝධ වෙනවා.

    එදාට එයාට ආශ්වාසය කියා දෙයක් හම්බු වෙන්නේ නැහැ, වචනයක් ප්‍රකට වෙනව පමණයි.

  • #6051

    chiranthi

    ආයතන වලින් මිදීම

    ආයතන වලින් මිදෙන්න, ඇහැ ඉදිරියට රුපය එනවා කියන දිට්ටීයෙන් ක්‍රමුකුලව මිදෙන්න වෙනව. රුපයක් දකිනවා කියන ක්‍රියාව නාම රුප ක්‍රියාවක අත්විදිමක් පමනක් බව අවබොද කරගන්න වෙනව. ඇහැත් රුපයත් අනිදස්සනයි. ඇහැ තියෙනවා රූපය තියෙනවා කියන්නේ අවිද්‍යාවෙන් හටගත් චේතනාවක්. සත්‍යයෙන් පවතින්නේ නාම රූප ක්‍රියාවක් පමනයි. එය පරමානුවටත් වඩා සියුම් ශක්තීන්ගේ ක්‍රියාවක්. එම නිසා සෑම මොහොතක පවතින්නේ නාම රූප ක්‍රියාවක් බවට බැස ගන්න ඕන.

    එතකොට “මම මලක් දැක්ක” කියන්නේ “මම කියන නම රූපය, බාහිර මල කියන රූපය ග්‍රහණය කිරීමක්” කියන දිට්ටියට ගියොත් අභ්‍යන්තර හා බාහිර කියන අන්ත වලට වැටෙනවා. මම හා මල කියන්නෙම මේ මොහොතේ ඇතිවුණු නම-රුප ක්‍රියාව අත්විදීම පමණයි. මමයි මලයි දෙකම එකෙන් ඇතිවුන පලය. නැතුව සත්‍යයේ දෙකක් නැහැ. දෙකම තියෙන්නේ ඒ මොහොතේ හටගත් නාම රූප යුගලය තුලයි. ඒ නිසා ලෝකයි මමයි දෙකම පවතින්නේ එකතැන. ඒ මොහොතේ හටගත් චේතනාව තුලයි.

    අවබොදය අති උන තැන සිහිය පිහිටනව. හරියට උදේ අවදිව ක්‍රියා කරන විට, අපි අවදිවෙලා ඉන්නෙ කියල හමතිස්සෙම මෙනෙහි කරන්නෙ නැහැ, සෑම ක්‍රියවක්ම කෙරෙන්නෙ අවදිවෙලා ඉන්නෙ කියන අවබොදයෙන්. ඒ වගෙ සියලු ක්‍රියවක්ම සිද්ද වෙන්නෙ චේතනවක්, නාම රුප කියන අවබොදයෙන්.

    • #6081

      Bds

      වෙන විදිහකට කිව්වොත් ….. රාත්‍රී කාලයේ දකින හීනම දවස තුලදිත් දකිනවා, “නිදාගෙන නැති නිසා අපි දැන් අවදියෙන් ඉන්නෙ” කියන සංඥා චේතනා තුල අවිද්‍යාවට පිංසිද්ද වෙන්න. පෘථක්ජනයා උන්මත්තකයි කියල බුදුන්වහන්සේ කිව්වෙ මේ නිසානෙ. කවදද අපි මේ හීනෙන් නැගිටින්නෙ??
      බුදු සරණයි

    • #6084

      Admin

      අපි වෙනුවට මම යොදා මේ මොහොත අත්දැකීම තුල නොවේද

    • #6085

      Bds

      සිහිනයකදි ලෝකයේ තියෙන දේවල් කියල අත් දකින දේවල් සිතුවිලිමයි. දකින කෙනෙක් ඉන්නවා නම් එයත් මනසේ දැනීමක්මයි. “මම” එතන නැහැනෙ. “මම” නිදිනෙ. නිදි නැති මොහොතෙදීත් අපි ඉන්නේ හදාගත්ත සංඥා ලෝකයේමයි. මේ මොහොත කියන තැනදිත් වෙන්නෙ ඒකමයි. උපාදාන වෙන්නත් පුඵවන්. නොවෙන්නත් පුඵවන්…
      බුදු සරණයි

  • #6076

    Bds

    This is something I experienced (from my meditation diary). It gives an idea how the mind creates rupa.

    14/12/2016
    මේ දවස්වල භාවනාවේදී රෑප දකිනවා. ආලෝකය කැරකි කැරකී කේතුවක හැඩයට ඇතුලතින් පොඩියට ඇවිත් මූහුනක ස්වරෑපය මතුවෙලා කාගේ මුහුනක්ද කියන සංඥාවක් මතුවෙන්න පෙර නැතිවෙලා යනවා. අද භාවනාවේදී මේ විදිහට දෙසැරයක් විතර වුනා. ඊළඟ මොහොතේ රෑපය ඇතිවෙන හැටි වේගයෙන් පෙන්නුවා – බොහොම සියුම් කෙඳි වගේ ආලෝක කිරන පිටතින් ඇතුලතට කේතුකාර ස්වරෑපයෙන් ඇවිත්, පොඩි වක්‍රාකාර හැඩ වලට හැරෙමින්, චූටි චූටි හැඩ හදමින් (හරියට පැන්සලකින් වක්‍රාකාර හැඩ අඳිනව වගේ) ඒවා ගොනු වෙලා එකපාරටම මුහුණක් මතුකරල ඒ ක්ෂණයෙහිම නැතිවුනා. ඊළඟ මොහොතෙ ඒ චූටි හැඩ ගොනුවෙලා (මුහුණ හැදෙන්නෙ නැතුව) ඒ ඒ ක්ෂණයෙහිම නැතිවුනා. ඊට පස්සෙ ඒ චූටි හැඩ වලට පෙරලෙන්න කලින්ම ආලෝක කෙඳි ඇතිවෙලා නැතිවුනා. ඊට පස්සෙ පුරැදු විඳිහට ආලෝක ඇතිවෙමින් නැතිවෙන සිද්ධි වුනත් වෙනදට වඩා ඒ තුල සියුම් කෙඳි ස්වරෑපයක් තිබුන.
    රෑපයක් හදන්න විඤ්ඤාණය දඟලන දැඟලිල්ල තුල පංචඋපාදානස්කන්ධ කෝටිප්‍රකෝටියක් ඇතිවෙන බවකුයි මෙතනදි අවබෝධ වුනේ.

    Budu Saranai

  • #6093

    admin
    Keymaster

    උපාදානය වෙන්නේත් හේතු සකස්වෙලා “මම” කරන දෙයක් නෙවෙයි.
    ධාතු මනසිකාරය තමයි සංසාරයේ පවතින most pure අවස්ථාව. චතුරාර්ය සත්‍යයේ පිහිටන අවස්ථාව. එතනට නිතර අනුගත වෙන තරමට ආශ්‍රව ගෙවෙනවා. එතන වෙන්නේ සමුදය-වය අත්දැකීම, ඒ හේතුව තුලින්ම එදිනෙද ජීවිතයේදීම හැම අරමුනකම සමුදය වය අත්දැකීමට යොමුවෙනවා . “මම කරනවා” කියන දිට්ටිය බැහැර, උපාදානයෙන් මිදෙනවා. හරියට ගග ගලනවා බලන් ඉන්නවා කකුල නොදා . නාම-රූපා සමුදය වය අත්දකිනවා දිට්ටියකින් තොරව.

    Chiranthi.

  • #6094

    admin
    Keymaster

    ගරු ස්වාමීන්වහන්ස

    පර්යන්ක භාවනාව පිලිබඳ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවා පැහැදිලි කර දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමී.

    1. වචනවලින් ප්‍රකට නොවුණු අරමුණුත් සිතුවිලි ලෙස මෙනෙහි වෙනවා. මෙය නිවැරදිද? නැත්නම් සිතුවිලි ලෙස මෙනෙහි විය යුත්තේ ප්‍රකට වන අරමුණු පමණද?

    2. අරමුණු රාශියකට වහ වහා අවදානය යොමු වෙනවා. සිතුවිලි හැර අන් සියල්ල වචනවලින් ප්‍රකට නොවූ අරමුණුය. අරමුණු කීපයක් එක වර ඇති බවක් දැනෙනවා. ඔරලෝසුවේ ටික් ටික් හඬ, පිම්බීම /හැකිලීම, නොකඩවා ඇති බව මෙනෙහි වෙනවා. ඒවා සමගම සමහර විට වෙනත් ශබ්ද සහ වචනවලින් විස්තර කළ නොහැකි දැනීම් ඇති බව මෙනෙහි වෙනවා. භාවනාවෙන් පිට බන අසන විටදීත් පිම්බීම /හැකිලීම සමග බනද ඇසෙන බව වචන ප්‍රකට නොවී මෙනෙහි වෙනවා. මෙසේ එක වර අරමුනු කීපයක් දැනීම සතිය පිලිබඳ අඩුවක්ද?

    3. පර්යන්ක භාවනාවේදී මෙන්ම භාවනාවෙන් පිට බොහෝ වෙලාවලදීත් සතර වටින් වේගවත් සැලීමක් වැනි දෙයක් ඇති බව දැනෙනවා. එය කායික දැනීමක් නොවෙයි. මුලින් සිතුනේ ශබ්දයක් කියායි. මෙය බාහිර ශබ්දයක් නොවේ. කන් දෙක වසා ගත් විටත් එලෙසම දැනෙනවා. මෙය විස්තර කළ හැක්කේ උපමාවක් මගින් පමණි. හීන් හුලන් හඬක් හෝ රැහැයි හඬක් වාගේ කියා කියන්න පුළුවන්. නමුත් එය සීයට සීයක් නිවැරදි විස්තරයක් කියා කියන්න බෑ. එම සැලීම ගැන ඇලීමක් හෝ ගැටීමක් නැහැ. ඔබ වහන්සේගේ දේසනවල ධාතු මනසිකාරය ගැන මම අසා තියෙනවා. මෙය ධාතු මනසිකාරය ප්‍රකට වීමක්ද?

    ගීතා.(Geetha)

  • #6154

    admin
    Keymaster

    Re: 1.23.50 සිට ……”MDM 58 වංචනික ධර්මතා හඳුනා ගනිමු. (අධි ශීල යෝගාවචර ධර්ම දේශනා 03)”

    … කායානුපස්සනාව
    …. කයේ කයක් බලන්න
    1.මොකක්ද ප්‍රකට වෙච්ච සලායතනය
    2.මොකක්ද ප්‍රකට වෙච්ච පංච උපාදානස්කන්ධය
    3.මොකක්ද ප්‍රකට වෙච්ච ධාතුව
    4.මොකක්ද ප්‍රකට වෙච්ච ත්‍රිලක්ෂණය
    5.මොකක්ද ප්‍රකට වෙච්ච පටිච්ච සමුප්පාදය
    …. මේ දැන ගැනීම තුල මේ මොහොතට අනුගතවීම නිසා හටගත්තාවූ ධර්මතාවය දැකල තියෙනව.
    ….. ඒ ධර්මතාවය තුල වෙනස්වීමයි පෙනිල තියෙන්නේ. මේ මොහොත වේගයෙන් වෙනස් වෙන ආකාරය….. අනිත්‍යය ලක්ෂණය
    ….අනිත්‍යය නම් දුකයි
    ….. එහෙනම් මේක මම මගේ ආත්මය කියල ගන්න සුදුසුද? නැත
    … ඒ බව නුවනින් දන්නා තැනැත්තාට හම්බවෙනව සෝතාපත්ති ඵලය …. දිට්ඨිය අයින් වීම නිසා…. පංච උපාදානස්කන්ධය අනිත්‍යය බව දැනගැනීම තුල…
    …. අනිත්‍යය අවබෝධ කර නොගත්කෙනා මරණ මංචකයේදී මොනව කරයිද කියල බුදු හාමුදුරැවන්ට කියන්න බෑ. …. බුදු හාමුදුරැවො සහතික දෙන්නෙ අනිත්‍යය අවබෝධ කරගත්ත කෙනාට….
    …..අනාගාමී එක්කෙනත් එයා නොදැනුවත්ව නිත්‍යය සංඥාවට යනව. ගිහිල්ල හැබැයි අනික් පැත්තට හැරෙනව. හැරෙනකොටම නිත්‍යය සංඥා උපාදාන වෙලා භව හැදෙනව….. හබැයි එයා ඊළඟ භවය කොහේද කයල තීරණය කරල ඉවරයි…..
    ….. රහත් වුනාට පස්සෙයි වංචනික ධර්ම නැතිවන්නෙ…..
    ….. පටිච්චසමුප්පාදය අවබෝධ වුනාට වැඩක් නෑ අනිත්‍යය දකින්නෙ නැතුව…
    …..අරමුණක් (හදාගත්තාවූ සමාධියේ අරමුණ – සතිය), ප්‍රකටවීමෙන් තොරව අනිත්‍යය අවබෝධ කරගන්න බෑ…

    Budu Saranai

    Bds

  • #6157

    admin
    Keymaster

    MDM – 32

     උපාදාන
    කාම උපාදාන (බෙහෙත් ගත්තම ලෙඩේ හොද වෙනවා,කරවිල කෑවම විටමින් ලැබෙනවා
    සීලබ්බත උපාදාන (මිච්චා ආජිවය)
    අත්තවාද උපාදාන (මම,මගේය, මගේ ආත්මය කියල ගන්න එක)
    දිට්ඨි උපාදාන (මිත්‍යා දිට්ඨිය)

     බ්‍රහ්මජාල සුත්‍රයේ දිට්ඨි 62ක් ගැන දේශණා වෙනවා. මේවා අතීත දිට්ඨි 18ක් සහ අනාගත දිට්ඨි 44ක් ලෙස නැවත බෙදෙනවා. සබ්බාසව සුත්‍රයේදී දිට්ඨි 62 සාරාංශ කරලා දිට්ඨි 6කට කඩලා පෙන්නනවා. උපාදාන (කාම උපාදාන, සීලබ්බත උපාදාන,අන්තවාද උපාදාන, දිට්ඨි උපාදාන) කියල කියන්නේ දිට්ඨි ටික.

     අත්තවාද උපාදාන (20 ආකාර)
    රූපය ආත්මය(මම) කියල ගන්නවා
    ආත්මය රූපවත් කියල ගන්නවා
    ආත්මයේ රූපය දකිනවා
    රූපයේ ආත්මය දකිනවා

     භාවනාව තුල රූපයක් ප්‍රකට උනාම අපි කරන්නේ මේ රූපයේ අභ්‍යන්තරය බැලීමයි. ඒකට තමයි දිට්ඨිගත වීම කියල කියන්නේ.එහෙම නැත්නම් උපාදාන වීම කියල කියන්නේ.

     භාවනාව තුල බොහෝ විට අපි කරන්නේ අතීත පංචස්කන්ධයක් ගැන මෙනෙහි කිරීමයි. අතීතයේ අහපු බණ මෙනෙහි කරනවා කියල කියන්නෙත් අතීත පංචස්කන්ධයක් මෙනෙහි කිරීමයි. අතීතයේ ඒ අහපු බණ තුල බැසගෙන ඒ අහපු බණ හොදයි කියල පිලි අරගෙන මේ බණ වල යම් කොටසක් අල්ලගෙන ඒ හරහා දිට්ඨිගත වීමයි අපි බොහෝ විට කරන්නේ. මේ සියල්ලක්ම වෙන්නේ අවිද්‍යාව හරහායි.

     මේ ප්‍රකට උනා වු රූපය ආත්මවත් කරල ගන්නවා. ප්‍රකට උනාවු රූපය මම,මගේ, මගේ ආත්මය විදියට බාර ගන්නවා. තණ්හා,මාන, දිට්ඨි හැදෙන්නේ ඒ හරහායි. භාවනාව තුල මේ ආත්මය ආරක්ෂා කරමිනුයි ඉස්සරහට යන්නේ. ධර්ම මනසිකාරයේදිත් කරන්නේ මම, මගේ, මගේ ආත්මය කියන එක ආරක්ෂා කරමින් ඉදිරියට යාමයි. අතීත පංචස්කන්ධය මෙනෙහි කිරීම තුල සැලසුම් කරන්නේත් මම, මගේ, මගේ ආත්මය ඉස්සරහට ගෙන යාමටයි. කාමය හරහා භවය අල්ලගෙන භවය හරහා ඉදිරියට යෑමයි අපි සැම විටම කරන්නේ. මේ දිට්ඨි සියල්ල අදාල වන්නේ ආර්ය මාර්ගයේ ඉන්න කෙනාටයි.

     බුදු පියාණන් වහන්සේ දේශණා කරනවා මේ ලෝකේ අනිත්‍ය නම් අනිත්‍ය වෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා. උන් වහන්සේ දේශණා කරනවා රූපයේ ඇතිවීමත් රූපයේ නිරෝධයත් දකින්න කියලා. රූපයේ නිරෝධය දකිද්දී ලෝකය ඇත කියලා අල්ලගෙන ඉන්න දිටිඨිය (ශාස්වත දිට්ඨිය) කැඩෙනවා. රූපයේ ඇතිවීම දකිද්දී ලෝකය නැත කියලා (උච්චේද දිට්ඨිය) අල්ලගෙන ඉන්න දිට්ඨිය ගැලවිලා යනවා.

     ලෝකය කියන්නේ වෙනස්වීමක්, නැතිවීමක් කියන එක දකිනවා. බුදු පියාණන් වහන්සේ දේශණා කරනවා යමක් පෙරලෙනවද, යමක් නැතිවෙනවද ඒක තමයි ආනන්දය ලෝකය කියන්නේ කියලා.රූපයේ,වේදනාවේ,සංඥාවේ,සංස්කාරයේ,විඥාණයේ නිරෝධය දැක්ක කෙනා කවදාවත් කියන්නේ නැහැ ලෝකය සදාකාලිකයි කියලා. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධයටයි. එහෙනම් පංච උපාදානස්කන්ධයේ නිරෝධය දැක්ක කෙනාට කියන්න බැහැ මේ ලෝකය ඇත කියලා. ලෝකය ඇත කියන දිට්ඨියෙන් එයා අයින් වෙනවා.ලෝකය කියන්නේ හටගත්ත දෙයත්, නිරෝධ වෙච්ච දෙයත් අතර තියෙන චිත්තක්ෂණයක්. එතනයි ලෝකය තියෙන්නේ. එතනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ.

     භාවනාව අසාර්ථක කෙනා ගැන කථා කරනකොට එයා දන්නවා තමා තුල කෙලෙස් හටගන්නවා. එයා ඒක දිට්ඨියක් ලෙස අල්ල ගැනීම නිසා මරණ මංචකයට භියක් ඇති කර ගන්නවා. ඒ නිසා එයා නියත මිත්‍යා දෘෂ්ඨියට යනවා. එයා අනිවාර්යයෙන් සතර අපායේ යනවා. භාවනාව අසාර්ථක කෙනා ඉන්නේ අන්න ඒ නියත මිත්‍යා දෘෂ්ඨිය තුලයි.

     දිට්ඨිගත වෙන්නේ අවිද්‍යාව හරහායි. මේ දිට්ඨි 4 තියෙන තාක් කල් තමා තුල සක්කාය දිට්ඨිය තියෙනවා. මේ දිට්ඨි 4 ඇතුලත වැඩ කිරීම තමයි සක්කාය දිට්ඨිය කියන්නෙ. මේක කඩන්න අමාරු මේ කෙලෙස් වල වැඩි කමයි. දිට්ඨි 4ම කැඩීම තමයි සක්කාය දිට්ඨිය කඩනවා කියලා කියන්නේ.

     යමක් ප්‍රකට උනාද, ඒ බව දන්නවාද, ප්‍රකට වෙච්ච බව දැනගත්ත නම් සියලු කල්පනා වලින් (උපාදාන වලින්) ඒ මොහොතේ නිදහස්. මේ මොහොත දැනගත්ත එක්කෙනාට අතීත,අනාගත ගැන කථාවක් නැහැ. ප්‍රකට වන ප්‍රකට වන දේ එයාට ඒ මොහොතේ චේතනාවක්,සංස්කරණයක්,මනසිකාරයක්. නමුත් මේ හැම දෙයක්ම අපි බලන්නේ දිට්ඨි ගත වෙලයි. සියල්ල මේ මොහොතේ සිදුවු සංස්කරණයයි. මේ සංස්කරණය යනු දිට්ඨිගත ස්වරූපයයි.

     භාවනාවේදී කල යුත්තේ තමන් විසින් කරන්නාවු පැනවිල්ල නතර කිරීමයි. උදාහරණයක් විදියට කියනව නම් වම කියලා ආවේ පැනවිල්ලක්. වම කියන එක දැන ගන්නකොට වම නැහැ. දුක කියන වචනය දැන ගන්නකොට දුක නැහැ. රූපය දැන ගන්නකොට රූපයක් නැහැ. අම්ම කියන එක දැන ගන්නකොට අම්ම කියන රූපය නැහැ. අතීතයේ මම චේතනා කලේ නැත්නම් මේ මොහොතේ රූපයක් නැහැ. මේ මොහොතේ එන රූපය ප්‍රකට වෙච්ච වචනයක් බව දැනගත්තනම් සියල්ල එතනින් ඉවර වෙනවා. ආසන්නතම දාගත්ත රූපය තමයි වර්ථමානයේ ප්‍රකට වෙන්නේ. එතකොට ප්‍රකට වෙච්ච බව දැනගත්ත මොහොතේම රූපය නැතිවෙලා යනවා. මොකක් ප්‍රකට උනත් අයින් කරන්න ඕන. ප්‍රකට වෙච්ච බව දැනගත්ත මොහොතේම ප්‍රකට උන දේ අයින් වෙලා යනවා. මනස තියෙනවා. ධර්ම තියෙනවා. ඒ දෙක තිබුණ තැන ආයතන තිබෙනවා.

     මනසිකාරයේත් අනිත්‍ය දකින්න ඕන. මනසිකාරයේ අනිත්‍ය දකින එක්කෙනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි දකින්නේ. රූපයේ,වේදනාවේ,සංඥාවේ,සංස්කාරයේ, විඥාණයේ අනිත්‍යයි දකින්නේ. අනිත්‍ය දකින්නේ මේ මොහොතෙයි. එහෙනම් කොහේද දුක තියෙන්නේ. දුක තියෙන්නේ මේ මොහොතෙයි. එහෙනම් අපි මේ මොහොතේ දුක දකින්නේ නැතිව අතීතයේ හට ගෙන නිරුද්ධ වු දුකක් ගැන තැවීම හඩා වැලපීම දෝමනස්සයයි. එහෙනම් ධාතුමනසිකාරයේදී අපි දැනීමක් කියලා කතා කරන්නේ දුකක් නෙමෙයි දෝමනස්සයක් ගැනයි. ධාතු මනසිකාරයේදි අපි මුලින්ම දැන ගන්නේ කයෙහි ඇතිවු දුක් හේ සුඛ වේදනාවක්.

     මේ සංසාරයට මාව බන්දවන එකම තැන මේ වර්ථමනා චිත්තක්ෂණයයි. දුක හටගන්නේ මේ චිත්තක්ෂණයේදීයි. එහෙනම් දුක හටගන්නේ මේ චිත්තක්ෂණයේ තණ්හාව තිබුණු තැනයි. මේ චිත්තක්ෂණයේ තණ්හාව එතන නැත්නම් එතන දුකක් නැහැ. එහෙනම් දුකේ නිරෝධයයි. එහෙනම් ධාතු මනසිකාරය සංසිදුන තැන ඇත්තේ දුකේ නිරෝධයයි.තණ්හාවේ නිරෝධයයි. දිට්ඨිය නැතිවෙච්ච තැනයි. ධාතු මනසිකාරය සංසිදුන තැන අනිත්‍ය දකින්න බැහැ.

     යමක් ප්‍රකට වෙන තාක් කල් ප්‍රකට වෙන්නේ මමයි. මම ඉන්නවා, මගේ ආත්මය ඉන්නවා. ප්‍රකට වීම ඉවර උනා නම් මේ මොහොත ඉවරයි. මමය එතන නැහැ. ධාතු මනසිකාරයේදි දැනගන්නේ ප්‍රකට වෙන එක ප්‍රකට උන බවයි. මේ අවස්ථාවෙදි වෙන්නේ කෙලෙස් ක්ෂය වෙමින් යන එකයි. මේ වෙලාවෙදි එයා එලොවත් නැහැ මෙලොවත් නැහැ. මේ මොහොතෙත් නැහැ. ප්‍රකට උනා කියන්නේ කෙලෙස් හට ගත්තා. ඒ බව දැන ගත්තා කියන්නේ කෙලෙස් ක්ෂය වුනා.

     මේ මොහොත අනිත්‍ය බව දැනගත්ත එක්කෙනා දැන ගන්නවා අතීත, අනාගත, වර්ථමාන කියන තුනම අනිත්‍ය බව. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බවයි එයා දැනගන්නේ. ආශ්වාදයක් ඒ ආකාරයටම දැන ගන්න ඕන. සුඛයක් බව දැනගන්නකොටත් ඒක නැතිවෙලා අනිත්‍ය වෙලා ඉවරයි. එහෙනම් කොහේද ආශ්වාදයක් තියෙන්නේ. මෙතන ආදීනවයක් විතරයි තියෙන්නේ. ආදිනවයට ගියේ නන්දි රාගයයි. එහෙනම් සංසිදුනා වු ඒ පරාසය තුල අනිත්‍යයක් නැහැ. එතන එහෙනම් දුකක් නැහැ. අනිත්‍යයකුත් නැත්නම්, දුකකුත් නැත්නම් එතන අනාත්මයක්ද නැහැ.

     වර්ථමනාය තුල ඇති වන්නා වු මනසිකාරයත් අනිත්‍යයි. ඇති වු මනසිකාරය දැන ගත්ත වෙලාවේ මනසිකාරයක් නැහැ. එහෙනම් ඒ ඇති වු මනසිකාරයත් අනිත්‍ය වෙලා.

     ඇයි ප්‍රකට වෙච්ච බව දැනගන්න ඕන?. ඒකයි මනසිකාරයට දාගන්න ඕන. ප්‍රකට වෙච්ච බව දැන ගත්තොතින් මොකක්ද ලැබෙන ප්‍රතිලාභය? ප්‍රකට වෙච්ච බව දැන ගත්තොතින් කොහොමද කෙලෙස් නැතිවෙනවයි කියලා කියන්නේ? මේ ටික යෝනිසෝමනසිකාරයට දැම්මොත් හැදෙන්නේ ප්‍රකට වෙනකොට දැනුම් දෙන මනසිකාරයයි. ඕකටයි යෝනිසෝමනසිකාරය කියල කියන්නේ. එතකොට එයාට කියන්න වෙන්නේ මේ මොහොතේ ප්‍රකට වු මනසිකාරය කියලයි. මේ මොහොතේ ප්‍රකට වු මනසිකාරය මේ මොහොතේ ප්‍රකට වු මනසිකාරයයි. එහෙනම් මේ මොහොතේ ප්‍රකට වු මනසිකාරය මේ මොහොත. “මම දැන් මෙතන”. එහෙනම් මෙතන මම දැන් මෙතන කියන ප්‍රකට වීම අනිමිත්තයි. මම දැන් මෙතන කියන අනිමිත්තට ගියා නම් එතන තමයි නිවන. මේ මොහොතේ චිත්තක්ෂණය මම දැන් මෙතනයි මේ මොහොතේ ප්‍රකට වු මනසිකාරයයි අතර චිත්තක්ෂණයයි.

    Achini…..

  • #6179

    admin
    Keymaster

    තෙරැවන් සරණයි

    ඇත්ත ඇති සැටියෙන් දැකිමට ප්‍රයත්නයක් කියවිමට මත click කරන්න

    භද්‍රා

  • #7851

    admin
    Keymaster

    MDM1093….. නන්දිරාගය….. 1කියවිමට මත click කරන්න

    Badra

You must be logged in to reply to this topic.

Comments are closed.