Meditation practice and experiences – ප්‍රායෝගික භාවනාව හා අත්දැකීම් සදහා

Home Forums සාකච්චා පිටුව Meditation practice and experiences – ප්‍රායෝගික භාවනාව හා අත්දැකීම් සදහා

This topic contains 54 replies, has 2 voices, and was last updated by  chiranthi 1 year, 9 months ago.

  • Author
    Posts
  • #2735

    chiranthi

    I first listened to this swameenwahansa, a month after I started Kayanupassanawa meditation. What I was doing was just recognising the thoughts I feel. Recognise sound as “sound”, feeling as “feeling”. After I listened to a discussion by the swameenwahansa, I realised that there is more to this meditation.

    I realised what is the correct way of doing Yonisomanasikaraya and identifying the dhammatha (realities) experienced during the meditation. When I was searching dhamma, I prayed that I may hear the true dhamma by Load Buddha, I think as a cause and effect I was so fortunate enough to listen to this swameenwahansa and discuss my practice with him.
    Now I have meditated about 3.5 months, about 2hrs a day. I feeling I have improved so much. My life has changed, it has become a meditation. Now most of the time I can live knowing that every moment is just an exhaustion of panchaskanda. My suffering has eased a lot, as I understand that the reason for suffering is not recognising the suffering at all. I no longer scared about samsara, as I believe whatever happen will happen as I have no control of this world.

    I have listened to all most every deshana by swameenwahansa last 3 months. My message is if someone listen carefully to the instructions by this swameenwahansa and meditate at least one hour a day, you don’t have to wait a lifetime to experience the moment of freedom from this world, you will realise that the nirvana is only be experienced in the present moment.

  • #2738

    Chamila

    පරියන්ක භාවනා වේ යෝසිනේ මනසිකාරය මෙනෙහි කරල ඉන්න කොට දේවේශ සහගත සිතුවිල්ලක් ආවා. ඒක සිතුවිල්ලක් කියල මෙනෙහි කරා. අනාත්මයෙන් සම්මා අජීව කියලා මෙනෙහි වුනා. ඒකත් සිතුවිල්ලක් කියල මෙනෙහි කරා.
    අනාත්මයෙන් රාග සිතුවිල්ලක් අාවා. ඒක සිතුවිල්ලක් කියලා මෙනෙහි කරා. අනාත්මයෙන් සම්මා අජීව කියලා මෙනෙහි වුනා. ඒකත් සිතුවිල්ලක් කියල මෙනෙහි කරා.
    අනාත්මයෙන් ධාතුමනිසිකාරය වචනයක් ආවා. ඒ අවස්ථාවේ දී කයේ පඨවි හා වායු චලනයක් දැනුනා ඒක වේගයෙන් චලනය වුනා. ඒක අනිත්ත බව මෙනෙහා වුනා. ඒක සංඤාවක් කියලා මෙනෙහි කරා.

    • #2739

      chiranthi

      සෑම මොහොතක්ම සිතුවිල්ලක්;
      සෑම මොහොතක්ම අනාත්මයක්;
      සෑම මොහොතක්ම අනිත්‍යක්;
      සෑම මොහොතක්ම ස්කන්දයන්ගේ පහලවීමක්;
      ඒ ගැන සිහිය පිහිටා තියෙන බව පෙනෙනවා

    • #2740

      shiromi

      ඇයගේ භාවනාව සාර්ථකව ඉදිරියට යනබව වැටහේ. යෝනිසෝ මනසිකරයෙදීම භාවනාව සිදුවී ඇතිබවක් මාගේ ලද අත් දකිම් තුලින් වැටහේ.
      කයේ ධාතුන්ගේ ප්‍රකට වීම ධාතු මනසිකාරය විය නොහැකිද ? අනිත්‍ය බව මෙනෙහි වුනේ අනත්මයෙන්ද ? ඒ කෙසේ වුවත් එයද සිතුවිල්ලක් ලෙස හෝ සංඥාවක් ලෙස මෙනෙහි වී ඇත.
      අයගේ කුසලය ඉස්මතු වී “ශුන්‍යතාවයේ” අවබෝධය කරා අනාත්මයේ මෙහෙයවීමක් අභාරන්තරයේ සිදුවන්නේද ? එය එසේම වේවා !

    • #2741

      achini

      යෝනිසෝමනසිකාරය යොදා ඔබතුමිය පර්යංක භාවනාවට යොමුවීමෙන් පසු ප්‍රකට වු සියලු සිතුවිලි සිතුවිල්ලක් ලෙස මෙනහෙිකිරීම නිවැරදියි. ඒ සියල්ලක්ම අනාත්මයෙන් ආ බවත් ඒ මෙහොතේදී ඔබට ප්‍රත්‍යක්ෂ වී ඇති බවත් එයත් ඔබතුමිය විසින් සිතුවිල්ලක් ලෙස මෙනෙහි කර ඇති බව පවසා සිටී. ඒ අතරතුර ඔබට ශබ්දයක් හෝ ස්පර්ශයක් දැනුනානම් ඒවාත් සිතුවිල්ලක් ලෙස මෙනෙහි විය යුතුයි. කයේ පඨවි හා වායු චලනයක් දැනුන බව සදහන් කර ඇතත් එවිට ධාතුමනසිකාරයක් යැයි අනාත්මයෙන් ආවා යැයි පැවසේ. මාගේ අවබෝධයට අනුව එය ධාතු ප්රකට වීමක් විය යුතුයි. එය එවෙලෙසි ධාතුවක් යැයි ප්‍රත්‍යක්ෂ වී මෙනෙහි විය යුතුයි. තව දුරටත් ධාතු සංඥාව දියකිරීමෙන් ඔබතුමියට ධාතුමනසිකාරයට යා හැකිය. ධාතුමනසිකාරය තුල තවදුරටත් ඉදිරියට ස්වාමීන් වහන්සේගේ දේශණවලට අනුව ධම්මානුපස්සනාව (අනිත්‍යානුපස්සනාව/විරාගානුපස්සනාව/පටිනිස්සානුපස්සනාව/නිරෝධානුපස්සනාව) පර්ත්‍යක්ෂයෙන් දකිමින් ඉදිරියට යෑමෙන් ඔබට නිවන චිත්තක්ෂණය අත්දැකීමට හැකිවේවි. ඔබගේ භාවනාව සාර්ථකව කරගෙන යන බව හැගේ. තවදුරටත් ඉදිරියට යමින් මේ චිත්තක්ෂනයේදීම නිවන අත්දැකීමට ඔබගේ කුසල් හේතු වාසනා වේවා.

    • #2742

      admin

      පිංවත් මහත්මියත්, ක්‍රමානුකූලව අවබෝධ මට්ටම් කරා ළඟා වෙමින් සිටින බවට සාක්ෂි ඉදිරිපත් වනවා නොවේද?.
      මෙත් සිතිනි

    • #2743

      Uresha Rupasinghe

      ද්වේෂ සහගත සිතුවිල්ලත්, රාග සහගත සිතුවිල්ලත් අතර වෙනත් අරමුණු (කන සහ කය හරහා) පැමිනියේදැයි සදහන් වි නොමැත. භාවනාව තුලදි වෙනත් අරමුණක් (රාග, ද්වේෂ වලට අමතරව ශබ්ද, ගන්ධ හෝ වේදනා හෝ ස්පර්ශ) ප්‍රකට වුවත් සිදුකල යුත්තේ මෙනෙහි කිරීමමය.

      කයේ පඨවි හා වායෝ චලන ප්‍රකට වනවිට ‘ධාතු’ බවට මෙනෙහි වියයුතුය. ධාතුමනසිකාරය සදහා තවඉදිරියට යායුතු බව වැටහේ.

      ඔබගේ භාවනාව නම් බීජය නිවරදි යෝනිසෝමනසිකාරය නම් සශ්‍රික භූමියෙහි පැල කිරීම (අඛන්ඩව කරගෙන යාම) හරහා ඔබට අනිත්‍ය බව මෙනෙහි වීමේ සිට අනිත්‍ය ධර්මතාවය අවබෝධය වන ඵලය නෙලාගැනීම දක්වා යාහැකි බවට ස්ථිරය.

      අවසානයේදි ඔබට රාග, ද්වේෂ ප්‍රකට වීමක් නොමැත. එනම් දැනගන්නා දෙයට රාග ද්වේෂ වශයෙන් සංඥා දීමක් සිදුනොවේ. සියල්ල සිතුවිලිය. සියල්ල ධර්මතාය. සියල්ල හේතුඵ්ල දහමය (අනාත්මයය) යන අවබෝධයට පත්වේ. සංඥා දෙමින් සිදුකල අතිධාවන තරගයෙන් තමා ඉවත්වුබව, නතර වු බව වැටහේ.

      තෙරුවන් සරණයි.

  • #2759

    chanuka

    පර්යන්ක භාවනාවෙදි ,බාවනව සිදුවෙමින් පවතින විට සිතුවිලි එන ප්‍රමානයෙහි යම් අඩුවක් ඇතැයි පෙර භාවනාවලට සාපේක්ශව අවබෝදවෙයි.බාවනා කරන විට සිතෙහි අමුතු ශාන්ත නිස්කලන්ක බාවයක්ද දැනෙයි.නමුත් එදිනෙදා ජිවිතෙදි සතිය පිහිට සිටින විට පැමිනෙන සිතුවිලි ප්‍රමනය වැඩි යැයි සිතෙයි.සිතෙහි කාර්ය බහුලගතියක් දැනෙයි.මෙ අවස්තා දෙකෙදිම සති සම්පජන්ය භාවිතවිමයි සිදුවන්නේ. මෙ වෙනස නිවරදිද?වැරදිද?හේතුවක් මෙයට ඇතිද?

    • #2760

      chiranthi

      සෑම මොහොතකම දැනීම, සිතුවිල්ලක්; අනාත්මයක්; අනිත්‍යක්; ස්කන්දයන්ගේ පහලවීමක්;
      හේතු නිසා ඇති වූ පලයක්;
      එනිසා මේ “මම” කියා හිතන් ඉන්න සත්වයා හරිම අසරණයි. එයා කරන දෙයක් නැහැ, එය ස්වභාවධර්මයේ යම් සිද්දවීමක් වෙනවා පමණයි.
      පළමුව භාවනා කරන්නේ මෙය තේරුම්ගන්න.

      ඉන්පස්සේ තේරෙනවා මෙම ධර්මතාවය, “මම” කරගත්තොත් තමයි මේ ස්වභාවධර්මයේ සිද්දවීම දිගටම පවතින්නේ. මේ වෙන කිසිම දෙයකට මම වගකීම ගන්න ඕන නැහැ.
      එය නැතිකරන්න තියෙන එකම ක්‍රමය, මේ ධර්මතාව ඇතිවෙනකොටම හැදිනගෙන, එය අතහැරීම.
      ඒ දැනෙන සෑම සිතුවිල්ලක්ම හදුනා මෙනෙහිකරන්න ඕන. එයින් අශ්‍රව ක්ෂයවෙනවා. එනිසා ජීවිතයම භාවනාවක් වෙනවා.
      අශ්‍රව සියල්ල ක්ෂයවෙලා රහත් වෙනකන් මේ මෙනෙහිකිරිම කරන්න ඕන.

    • #2761

      admin

      සතියයි සම්පජන්‍යයි නොනැවතී ඉදිරියටම !!!. යථාර්ථය දෙසට තල්ලු වෙමින් තිබෙන ආකාරය පෙන්නුම් කිරීමක් නොවේද?
      මෙත් සිතිනි

    • #2762

      chiranthi

      ධර්ම අවබෝධයත් ස්වභාවික සන්සිද්දීයක්. ඒක ස්වභාවිකව සිදුවෙනකන් ඉවසිමෙන් සෑම අරමුණක්ම මෙනෙහිකරන්න.
      අතීත අරමුණ මෙනෙහි උනේනෑ කියන්නෙත් අරමුණක් පමණක් බව අවබෝධකර මෙනෙහි කරන්න.
      අතීතය ගැන දුක්ව්‍ පලක් නැහැ, එයත් අරමුණක් පමනයි

    • #2763

      admin

      අවබෝධය වඩාත් තිවෘර වෙමින්, ඇලීම් ගැටීම් වලින් ඉදිරියට යාමට අභ්‍යන්තරය ක්‍රමානුකුලව හැඩගැසෙමින් තිබෙන බව අවබෝධ නොවුයේද?
      මෙත් සිතිනි

    • #2764

      chiranthi

      ස්වාමීන්වහන්ස,
      දැන් ගොඩක් ලෝබ ද්වේශ අඩුයි කියලා තේරෙනවා. දැන් “ධර්මය යමක් අවබෝධයි” කියල මානය ඇතිවෙනවා. ඒ මානයට වඩා සතුට කියලා හිතෙනවා. ඒත් හුගක් වෙලවට ඒකත් සත්වයෙක් -පුද්ගලයෙක් නෙමෙයි, ධර්මතාවක් කියල මෙනෙහි වෙනවා.

    • #2768

      admin

      ප්‍රශ්නයක් මතුවන්නෙම අවිද්‍යාව නිසා බව නොතෙරෙද? එයත් අනත්මයෙන් බව දැන නොගත්තේද?
      මෙත් සිතිනි

    • #2770

      Vishaka

      Chanuka, before we practice meditation we didn’t even know the breath and other things are happening. Once we start paying attention and awareness improves so that we are able to note more and more objects. Until the Sanya of those objects dissolves we notice more and more aramunu/objects including thoughts. It’s like when we pay attention to breath we experience long breath but as we pay closer and closer attention the breath gets shorter and subtler and moves towards niroda of breath. Similarly, when the satti-sampajanya develops the aramunu/objects starts to dissolve/fade away (reduction in Arava/Kelesa) and the yogi gets to experience more and more peace of mind/body. Due to this quietness of the mind the yogi is able to see the reality and move towards the Nivana -based on my experience. Metta.

    • #2771

      admin

      It seems that you are trying to understand, reality of your past experiences. Go ahead. Then you will experience it in present movement.
      with metta,

  • #2779

    Chamila

    ස්වාමීන් වහන්ස.
    වැඩ කරන අවස්ථා වේ දී භාවනා කරන අවස්ථා වේ දීත් අරමුණු (සිතුවිලි) එන්නේ අනාත්මයෙන් බව මෙනෙහි නුවා. ඒ අවස්ථා වේ දී සෑම සංඥවෙක්ම මෙනෙහි කරල එයත් අනිත්ත දුක්ඛ අනිත්ම වශයෙන් මෙනෙහි කරා. ඒ අරමුණු ආපු අවස්ථා වලදී ( ශබ්ද, ගන්ධ හෝ වේදනා හෝ ස්පර්ශ) ප්කට වුනේ නැහැ.
    මෙනෙහි වුනු සමහර අරමුණු රාග, ද්වේෂ වලට අමතර මොහ වශයෙන් මෙනෙහි වුනා
    ප්රියන්ක භාවනාවේ දී ධාතු මනසිකාර වදනය මෙනෙසි වුනා. ඒ අවස්ළුා වේදී ස්පන්දය(දෙදෙරනවා) දැනෙනව. එයත් සංඥාවක් කියලා මෙනෙහි කරා. එයත් අනාත්මයෙන් ආව ඒකත් අනිත්ත දුක්ඛ අනිත්ම වශයෙන් මෙනෙහි කරා.

    තෙරැවන් සරණයි

    • #2780

      admin

      අනිත්ත දුක්ඛ අනිත්ම බව දැනගත්තේ කෙසේද? එක් වරක් නොව ලක්ෂ වාරයක් නැවත නැවත පරීක්ෂා කෙරෙන ආකාරයට කල යුත්තේ කුමක්දැයි නොතේරේද?
      මෙත් සිතිනි

    • #2781

      chiranthi

      “අනිත්ත දුක්ඛ අනිත්ම” කියන්නේ මොකද්ද කියල භාවනාවෙන් පරීක්ෂා කර තෙරුම්ගත යුතුයි. එතෙක් සියල්ල “සිතුවිල්ලක්” ලෙස මෙනෙහි වෙන්නේ. “අනිත්ත දුක්ඛ අනිත්ම” කියන්නෙත් ඒ මොහොතේ ඇතිඋන සංඥාවක්, එයත් සිතුවිල්ලක් ලෙස අවබෝද කරගතයුතුයි. එතකොට තමයි විදර්ශනාව සම්පුර්ණ වෙන්නේ.

    • #2782

      Uresha Rupasinghe

      ගෞරවනිය ස්වාමින් වහන්ස,

      භාවනාවේදී හෝ සාමාන්‍ය ජීවිතයේදී හෝ “සිතුවිලි එන්නේ අනාත්මයෙන්” බව මෙනෙහි වුනා නම් වහාම එයද සිතුවිල්ලක් බවට මෙනෙහි විය යුතුය. ඒ ඔස්සේ සිතුවිල්ලෙහි අනිත්‍ය දුක්ක අනාත්ම වශයෙන් මෙනෙහි විම යනු තව දුරටත් අවාවූ (අතිත) සිතුවිලි ඔස්සේ චේතනා කිරීමකි. එනම් කෙලෙස් රැස්කිරීමකි.

      වරකට හටගන්නේ සලායතන හයෙන් එක් ආයතනයකි. සිතුවිලි ප්‍රකට වන අවස්ථාවේදී, එතැන මනායතනය හටගන්නා බැවින් වෙනත් ආයතනයක් හටනොගනී. එබැවින් ශබ්ද ගන්ධ වේදනා ස්පර්ශ ප්‍රකටවිමක් සිදුවිය නොහැකිය.

      සිතුවිල්ලක් ප්‍රකට වූ පසු එය රාග ද්වේෂ මෝහ වශයෙන් මෙනෙහි විම යනු නැවත වරක් ආවාවූ සිතුවිල්ල ඔස්සේ තව තවත් චේතනා පහල විමකි. සිතුව්ල්ල ප්‍රකට වන අවස්ථාවේදීම සිතුවිල්ලක් ලෙස මෙනෙහි විමට තරම් සතිය ප්‍රමාණවත් නොමැති බැවින් ආවාවූ සිතුවිල්ල වර්ගිකරණය කර ඇතිබව වැටහේ.

      මෙම විදර්ශනා භාවනාවේදී කවරක් මෙනෙහිවුව්ත් එය අතීත කෙලෙසයකි. මෙහි ආරම්භයේ සිට අවසානය දක්වාම සිදුවිය යුත්තේ දැනගෙන මෙනෙහි කිරිම පමණි. එබැවින් ප්‍රකට වන අවස්ථාවේදීම දැනගෙන මෙනෙහිවිය යුතුය.

      අනිත්‍ය දුක්ක අනාත්ම ධාතු මනසිකාර යන වචන කුමක් වුවත් වචනයක් ලෙස ප්‍රකට වූ වහාම සිතුවිල්ලක් ලෙස මෙනෙහි විය යුතුය. ඒ හරහා මතුවිමට පොරබදින්නාවූ කෙලෙස් ප්‍රවාහය එයින් නතර විමක් සිදුවන බවයි අවබෝධය.

      යමක් ප්‍රකට වූ අවස්තාවක එය අනාත්මයක් බව මෙනෙහි වුවා නම් එයද සිතුවිල්ලක් ලෙස නැවත මෙනෙහි විය යුතුය. ස්පන්ධ්යක් ලෙස වචනයෙන් මෙනෙහිවිමෙ සිට එහි අත්‍යන්ත ලක්ෂණ්ය පමණක් දැනෙන ආවස්තාව තෙක් භාවනාව ඉදිරියට් කරගෙන යා යුතුය. “ප්‍රකට වන ප්‍රකට වන සැම අරමුණක්ම ප්‍රකට වූ වහාම මෙනෙහි විය යුතුය ලෙස යෝනිසෝමනසිකාරය සවිමත් කල යුතුය.
      තෙරුවන් සරණයි.

    • #2785

      admin

      චමිල නෝනාගේ අත්දැකීම ඉහත අත්දැකීම් සමග ගලපා ගැටළු මතුවන්නේනම් ඉදිරිපත් කල හැක.

    • #2786

      admin

      චමිල නෝනාගේ අත්දැකීම පහත අත්දැකීම් සමග ගලපා ගැටළු මතුවන්නේනම් ඉදිරිපත් කල හැක.

    • #2790

      Chamila

      ගෞරවනිය ස්වාමින් වහන්ස,

      ඉහත සදහන් අත් දැකීමන් සමග ගැලපීම සමග තේරැම් ගත්තා.

      සිතුවිලි ආනාත්මයෙන් ආපු සැම අවස්ළුාවනම සිතුවිල්ලක් නියල මෙනෙහි කරා. එදිනෙදා වැඩ කරන අවස්ථාවේ දී ධාතු ප්කට වුන සැම විටම සංඥවක් කියල මෙනෙහි කරා.
      අනිත්ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි වුන අවස්ථාවලදී සිතුවිල්ලක් කියල මෙනෙහි කරා.

      මෙහෙම එන සැම සිකුවිලලක්ම මෙසේ අනාත්ම ලෙස වැටහේ?

      තෙරුවන් සරණයි.

  • #2794

    Uresha Rupasinghe

    ගෞරවනීය ස්වාමීන්වහන්ස,

    පර්යන්ක හා සක්මන් භාවනාවන්හිදී, ඔබ වහන්සේගෙන් දේශනාවන්නාවු අනුශාසනා ඔස්සේ, ප්‍රකට වන, ප්‍රකට වන අරමුණු දිගින් දිගටම මෙනෙහි වෙමින් යයි. බොහෝ අවස්ථාවන්හිදි, අරමුණ දැනගන්නා අවස්තාවේදිම දැනගෙන මෙනෙහිවන අතර සමහර අවස්ථාවන්හිදි අරමුණ ඔස්සේ චේතනා කිහිපයක් පහලවූවාට පසු මෙනෙහි වේ. සතියෙහි වෙනස්වන ස්වභාවය අත්දකිමි.
    මේ ආකාරයට දිගින් දිගටම භාවනාව සිදුකරගෙන යනවිට, අරමුණු දැනිම් මාත්‍රයෙන්ම මෙනෙහි වේ. ඉන්පසු මෙනෙහිවිම නැතත්, “දැනීමක්ය” යන වැටහීම ලැබේ. ඒ ඔස්සේ සියුම් නිශ්චලතාවයකටද පත්වේ.

    උදාහරණයක් ලෙස ශබ්දයක් ඇසෙන අවස්තාවක් ගත්විට, කනට එම දැනීම පැමිනි විගස වරක් හෝ දෙවරක් සිතුවිල්ලක් ලෙස මෙනෙහිවු වුවාට පසු, ඉන්පසු එම දැනීම් ස්වභාවය පමනක් පවතින බවත්, සංඥාවක් ඉදිරිපත්නොවන බවත් අත්දකී.

    මේ ආකාරයට ප්‍රකට වන ප්‍රකට වන අරමුණු මෙනෙහිවීම හරහා අනන්තවු සංඥා ප්‍රවාහයක් (අතීත කෙලෙස්) අභ්‍යන්තරයෙන් ඉස්මතුවිම එතැන එතැනම නතරවන ආකාරය අවබෝද වේ. ඒ අනත්තවු, අඛන්ඩවු සංඥා හෙවත් චේතනා දාමය ඉස්මතුවුයේ නම් කොතරම් සංඛ්‍යාවක් ඒ ඔස්සේ උපාධානයන් සකස්වි භවයන් සැදෙන ආකාරය අවබෝධ වුනි. මෙතාක් සසරේ සිදුවි ඇත්තේ එයම බව වැටහුනි.

    මේසා ප්‍රායෝගිකව තමා තුලින්ම අවබෝධ කරගත හැකි ආකාරයේ ධර්මතාවයක් දේශනා කලාවු බුදුපියාණන්ටත්, ඒ උතුම් ධර්මයත්, ඒ ධර්මය දරාගෙන පැවත එන්නාවු සැරියුත් මුගලන් පරපුරේ සිට ගෞරවනීය ස්වාමීන් වහන්සේ දක්වාවු මුණගැසුනාවු මුණනොගැසුනාවු සියළුම ආර්යයන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා!
    ගෞරවනීය ස්වාමීන්වහන්ස, බුද්ධ, ධම්ම හා සංඝ යනු ත්‍රිවිධ “රත්නයක්ම” බව පසක් වුනි.
    තෙරුවන් සරණයි.

  • #2798

    siri

    සාදු ! සාදු !! සාදු !!!

  • #2799

    shiromi

    ගෞරවනිය ස්වාමින් වහන්ස,

    ඊයේ සෙනසුරාදා උදෑසන ම අවදි වුයේ කවුරුන් විසින් හෝ මා අමතනු ඇසීමෙනි. නැගිට බලනවිට කිසිවෙකු නැතිබවත් සියලු දෙන දැඩි නින්දේ බවත් අවට නිහඬතාවයෙන්ම වැටහුණි. වෙලාව උදැසන 3 බව දැන ගතිම්. නැවත 3.30 තෙක් සිට නැගිටින අදහසින් යළිත් ඇඳට ගියෙමි. මට එසේ සිටිමට නොහැකි විය. නැවත නැගිට භාවනාවට සුදානම් වුයෙමි. යෝනිසෝ මනසිකාරය සිදුකොට සක්මන් භාවනාව පැය ½ කට ආසන්න කාලයක් සිදු කොට පර්යන්කයට ගියෙමි. මේ වන විට මා විසින් වැඩිපුර මනසිකාරය කරනු ලබන්නේ ධම්මානුපස්සනාව යි. නැවත නැවතත් අනිත්‍යානුපස්සනාවේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂය හරහා අවබෝධ කර ගැනිම අරමුණයි.

    මම දැන් මෙතැන චිතක්ෂණය තුලින් කායානුපස්සනාව හරහා අවාවූ ප්‍රකට වන සියලු වන අරමුණු මෙනෙහි වීම තුලින් , සිතුවිලි ඇතුළුව කාය විවේකය වඩාත් ඉක්මනින් ඇතිවිය. ඒ තුලින් එනම් සංඥාව ද ප්‍රකට නොවී සංඥාව ද දිය වි චිත්ත විවේකය ලැබුණි.පසුව ප්‍රකට වූ ධාතු ද මෙනෙහි වී එය ද ප්‍රකට නොවී එම සංඥාව ද අප්‍රකට විය. ඉන් අවාවූ චිතක්ෂණයක් තුල උපධි විවේකය හැදින ගතිමි.ඒ අවස්ථාවෙදිම ඉබේම කියවුනේ “මමෙක් නැත.. මම සසරින් මිදුනා ” යන්න සිතිමට වත් කාලයක් නැති ක්ෂණයකින් අනාත්මයෙන්ම කියැවුණි.
    තව දුරටත් මා භාවනාව කරගෙන යැමේදී ප්‍රකට ප්‍රකට වන සෑම සිතුවිල්ලකම මෙනෙහි වුනි. නැවතත් උපධි විවේකය දී කරගෙන යාමේදී ඉතා වේගයෙන් සිතුවිලි රාශියක් වැනි යමක් චිත්‍රපටියක දළ සේයා පටියක් වේගයෙන් යන්නාක් මෙන් දිස්විය. එවිට අනාත්මයෙන්ම මට කියැවුණේ, “මේ මම දකින්නේ අනිත්‍ය ධර්මතාවය නේද ?” යන්නයි.

    අද දින භාවනාව කෙරුනේ ඊට බොහෝසේ වෙනස්වය. අතොරක් නැතිව එන්නාවූ සිතුවිලි ඔස්සේ අසතියට යන බවත් නැවත සතිමත් වීම යි සිදු වුයේ. එය ද අනිත්‍ය බව වැටහුණි. මෙසේ ප්‍රත්‍යක්ෂව දැනගත් මේ අනිත්‍යතාවය ඔස්සේ දැන් දැන් එදිනෙදා වැඩවලදී මා එම ධර්මතාවය අත් දකිමි.මේ සියල්ලක්ම අනාත්මයෙන් සිදු වූ බව ප්‍රත්‍යක්ෂය.
    මේ උතුම් ධර්මය “සාන්දිට්ඨික , අකාලික, ඒහිපස්සික” බව මොනවට පසක් විය. ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මගේ නමස්කාරය වේවා!
    තෙරුවන් සරණයි !

  • #2800

    admin
    Keymaster

    මෙම වාර්තාව පින්වතිය විසින් කරන ලද්දක්ද? එම අවබෝධය කෙබඳු එකක්ද? මෙම ධර්ම දේශනාව ශ්‍රවණය නොකරේද?

  • #2807

    shiromi

    ගෞරවනිය ස්වාමින් වහන්ස
    මෙම වාර්තාව මෙම ධර්ම දේශනාව ඇසීමට පෙර ලියවුවක් ….. මේ ඇත්දකිම කලින් සිදුවූවක් . වැරදි වටහිමක් ඇත්නම් පහදා දෙන සේක්වා ! එය මා විසින් මේ අවස්ථවෙදිම නිවැරදි කර ගත යුතුයි.
    තෙරුවන් සරණයි!

  • #2808

    admin
    Keymaster

    මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කලයුතුයයි, අනාත්මයෙන් උපදේශයක් ලදහොත්, එය කුසලය විය නොහැකිද?

  • #2818

    shiromi

    ගෞරවනිය ස්වාමින් වහන්ස

    අතහැරියායුත්තේ නිරෝධවුනා වූ චිත්තක්ෂණය හැර වෙන යමක් නොවන බවත්, නැවත නැවත පරීක්ෂා විය යුතු බවත් එය ද අනාත්මයෙන්ම සිදු විය යුතු බව දුන් උපදේශය වැටහුණි.

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා !

  • #3548

    admin

    ස්වාමින්වහන්ස,

    මගෙ හිත දැන් නිතරම කලකිරුනු ස්බාවයෙනුඉ පසුවන්නෙ.සිතුවිල්ලක් පැමිනිමම දැන් මට දුකක් වෙලා.හිතට කිසිම අරමුනක් එන්නෙ නැත්නම් හොදයි කියලයි නිතරම හිතෙන්නෙ.මෙ සියල්ලමත් සිතුවිලි.ඉස්සර ඉදන්ම මන් මානසික සැනසුම සොයපු කෙනෙක්.මෙ බාවනාවටත් මන් ඇලිල තියෙන්නෙ එතන මානසික සුවය තිබෙන නිසයි.ඉස්සර මන් හිතුවෙ හොද ‍රැකියාවක් සල්ලි හොදට තිබ්බොත් සතුටින් ඉන්න පුලුවන් කියලා.එත් දැන් අරමුනක් එන එකම මට දුකක් වෙල තියෙන නිසා එවගෙ සැපයක් පෙන්නෙ නෑ ස්වාමින්වහන්ස.මට වෙලාවකට හිතෙනවා එකම මනුස්සයෙක්වත් නොපෙනෙන තැනකට යන්න.එත් දුක පැමිනෙන්නෙ මගෙ හිතට සිතුවීලක් ආවමයි.මට ගොඩක් වෙලවට මහනවෙන්න යන්න හිතෙන්වා ස්වාමින්වහන්ස.මම දැනට අවුරුදු 4ක ඉදන් දාන දිලා ප්‍රාර්තනා කරෙ මට මෙ පිනෙන් මහන්වෙලා නිවන් දකින්න ලැබෙන්න කියලයි.නමුත් දැන් තෙරෙනවා මහනකමෙත් නිවන නැ.එක තියෙන්නෙ අබ්යන්තරෙයි කියල.බාහිර දෙවල් එක්ක මට නොගැටි ඉන්න තරම් මගෙ තන්හාව තවම අඩු වෙලා නැති බව මට තෙරෙනවා.බොහොවෙලාවට යම් දේවල් වලට කෙන්ති අරන් විනඩි 5ක් වගෙ යනකොටයි මට සතිය පිහිටෙන්නෙ.නමුත් අර විනාඩි 5 මගෙ හිතට හරිම අපහසුයි ස්වාමින්වහන්ස.මන් කලින් ඉදන්ම මහනවෙන්න යන්න තැන් පවා හොයල තියෙනවා.නමුත් ලන්කාවෙ ගැහැනු අයට මහන වෙන්න හොද තැන් තිබෙනවද කියා මට සොයාගන්න බැරි උන.මහනවෙන්නත් වෙලාවක් එයි කියල එක එනකන් බලන් ඉන්න එකයි දැනට වෙන්නෙ ස්වාමින්වහන්ස.හිත හරිම නොසන්සුන්.සහනයක් නැ ස්වාමින්වහන්ස.පැම්නෙන සැම සිතුවිල්ලක්ම මගෙ කර නොගෙන ඉන්න මට බැරිවෙලයි තියෙන්නෙ.ස්වාමින්වහන්ස ඉවසිමෙන් බල ඉන්නව හැරෙන්න මට කරන්න යමක් තව තිබෙද?ඔබවහන්සෙගෙ කරුනාවට මගෙ මෙ ප්‍රශ්නය යොමු වෙලා මට පිලිතුරක් ලබදීමට ඔබවහන්සෙගෙ අනාත්මයට සිතේවායි පතමි.කරුනාවෙන් පිලිතුරක් ලබාදෙන්න ස්වාමින්වහන්ස.සිතෙ කලකිරුනු ස්බාවය සිතුවිල්ලක් ලෙස මෙනෙහි වුවත් එයමයි නැවතත් පැමිනෙන්නෙ.සිතේ අසහනකාරි ස්බාවයෙනුයි පසුවන්නෙ
    තෙරුවන් සරනයි

    ස්වාමීන්වහන්සේගේ පිළිතුර

    මෙය භාවනාව වැඩිදියුණු වන ස්වබාවයක් බවට මෙනෙහි නොවුනිද?. පංච ඉන්ද්‍රියන් සහ පංච බල වැඩිදියුණු වනවා නොවේද? කලකිරීම දැනගත්තේ කෙසේද? එය සංඥාවක් බව නොතේරුනිද? කලබලයට පත්විමම නිවන වලක්වන්නක් බව නොතෙරුනිද? එවැනි සංඥාවක් පැමිණි බව නොදන්නේද?

    සිදුවියයුතු සියල්ල ඒ ආකාරයට සිදුවන බවත් නොසිදුවියුත්තක් සිදු නොවන බවත් තේරුම් ගැනීමට තමාගේ ඉවසීම ප්‍රමාණවත් නොවන බව නොතේරුනිද?

    ඉවසීමේ සීමාවක් නොමැති බව තේරුම් ගත් චිත්තක්ෂණය උදාවන තුරු, ඉවසියයුතුබවට වන අවබෝධ මට්ටම දියුණු වනතුරු ඉවසිය යුතු නොවේද?

    ඔබගේ අනන්‍යතාවය නොපෙන්වනසේ මෙම ගැටලුවත්, පිළිතුරත් අනෙකුත් පිංවතුන් අතරේ බෙදාහැරීම සම්බන්දයෙන් විරෝධතාවයක් නැතැයි චේතනාවක් පහලවූ බව දැනුනි.

    • #3609

      admin
      Keymaster

      තවත් එක සංඥාවක් නිරෝධ වූ බවකි.

      පින්වතිය ,

      මෙවැනි නිබ්බිධාවක් , කලකිරිමක් ඇති විම භාවනාව වැඩි දියුණු වී ඇති ස්වභාවයක් ලෙසයි මා ද ලත් අවබෝධය. මෙවන් වූ නිබ්බිධාවන් කාම ගුණ 5 පිනවමින් සිටින සාමාන්‍ය පෘතග්ජනයාට ඇති නොවේ.

      අනන්ත සංසාරයක් පුරාවට ඇලෙමින් ගැටෙමින් අනුසෝතගාමී වූ අප මේ පිවිස සිටින්නේ සංසාරයෙන් එතර වීම නම් වූ පටිසෝතගාමී මර්ගයටය. එනම් පහත මහත්මියගේ සලායතන සුත්‍රය ඇසුරින් පහදා දුන් පරිදි සියාලු ලෞකික සොමනස්සයන් ගෙන් වෙන්ව නෛෂ්ක්‍රම්‍ය කලාවූ නිරාමිසයට එලබ ඇති බවකි. එහෙත් එම මාර්ගය වලක්වන අහුරන විවිධ මුහුණුවරින් අභ්‍යන්තරයෙන් සංඥා පැමිණේ. එවිට ඒකාකාරි බව කලකිරුණු ස්වභාවය ස්වභාවික යි. එවැනි සංඥා ඉස්මතු විම ස්වාභාවිකයි.

      ඔබ දැන් සතිය පිහිටුවන්න. මේ බව දැනගෙන සුදානම් වන්න.

      ඔබගේ කුසලය බල්වත්ය .. ආර්යන් වහන්සේ නමකගේ උපදෙස් ඇත, කල්‍යාණ මිත්‍ර උපදෙස් ද ඇත පිළිපදින්න . විදර්ශනව වඩන්න. එවැනි සංඥා දැන ගන්න විටත් නිරවශේෂ නිරෝධයටයට ගොස් ඇතිබව දැන දැනීම් මාත්‍රයෙන්ම මෙනෙහි කර ඉවත් කරන්න.

      පහත කල්‍යාණ මිත්‍ර උපදේස් සනාථ කරමින් මා ලද අවබෝධයට ද අනුව ශර්ධා වීර්ය සති සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් වැඩි බල ධර්මයන් බවට පත්වෙන අවස්ථාවක් බව අනාත්මයෙන්ම කියැවේ.

      ඉවසිමෙන් යා යුතු මගකි. “ඉවසිමෙන් සැනසීම ලැබේ “ යන්න සම්මතයේ යෙදෙන්නක් වුව ද එය එසේම සනාථ කරමින් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක මෙසේ නිරෝධ විය.

      “පොඩ්ඩක් ඉවසන්න” එහෙමත් බැරිනම් තවත් චුට්ට්ටක් ඉවසන්න” …එහෙමත් බැරිනම් “ තවත් ඊටත් වඩා චුට්ටක් ඉවසන්න” …………..

      මෙසේ ඉවසීමේ මග සලකුණු තුලින් ප්‍රඥාව පැදෙවා !

      තෙරුවන් සරණයි !

  • #3611

    chiranthi

    “අනාත්මය” කියන්නේ “හේතු පල දර්මතාවයක්” කියන එකට තවත් සංඥාවක්,
    “අනාත්මය” කියන්නේ” සත්වයෙක් පුද්ගලයෙක් නෙමෙයි පන්චස්කන්දයක් පමණි” කියන එකට තවත් සංඥාවක්,
    “අනාත්මය” කියන්නේ “මේ මමවත් මගේවත් ආත්මයක් නොවේ” කියන එකට තවත් සංඥාවක්,

    අනත්මයෙන් ආ අවබෝදයක්;

  • #4001

    nilamanie Salpitikorala

    Gawrawaneeya Swaminwahansa
    I have followed your Beginner instructions very carefully and had now been meditating for nearly two months .Swaminwahansa at the start I was able to recognize sound as sound feeling as feeling and breathing inward and out word as it is.No sooner I realized that as I finish the Yonisomanasikaraya I had no prominent recognition of my breathing but a wage feeling of it.I must state here that I always do a pretty good Yonisomanisikaraya strongly following Swaminwahansa’s instructions.I used to recognize sound very often and I understood that I recognized it by the word sound coming to my mined. Swaminwahansa I started feeling the Dhatu action within me very strongly and lately I have started feeling this while I am doing my Yonisomanasikaraya I have been tryinng to participate in Kamatahan Sakachcha to express my experions to you Gaurawaneeya Swaminwahansa As I am unable to write all my experience here as I currently have not got the sinhala version in my computer. I have gone through the program in the website and strongly intend joining the Open Kamatahan discussion on the 3rd July.

    Uthum Swaminwahansa Me Bududhahama Elesinma apata pahada dena Obawahanseta ma divihimiyen wadawati Namaskara karami. Obawahanse Nidhuk wewa Nirogi wewa Suwapath wewa Me dharmaya lokayata niroda kireemata Chirath kalayak Nidhuk neerogeewa wadawasathwa Sadu sadu sadu

    • #4040

      admin
      Keymaster

      You may join on 3rd July at your convenience via Skype. In order to get your registration in to the group, you will have to send request to “nibbananirvana” skype name.

    • #4082

      chiranthi

      “ප්‍රකට උන දේ දන්නවද, දැනගත්තේ කොහොමද” This is all you have to do…

  • #4148

    chiranthi

    සීලබ්බත පරාමාස – ප්‍රත්‍යක්ෂයකින් තොරව අසා දැනගත් තොරතුරු මත යමක් විශ්වාස කර එයින් විමුක්තිය සෙවීම.

    • #4149

      chiranthi

      දුකින් මිදෙන්න, සැප ප්‍රර්තනයෙන් බුදුන්ට මල් පහන් පුජකිරිම, සීලබ්බත පරාමාස.
      මේ හේතු පලය ධර්මතාවයක් කියන අවබෝදයෙන් බුදුන්ට මල් පහන් පුජකිරිම, ආර්ය මාර්ගය.

  • #4168

    chiranthi

    අත්‍යන්ත ලක්ෂණය:
    = පොදු ලක්ෂණය
    = ඒකාන්ත ලක්ෂණය
    = intrusive character
    = වචනය
    = සිතුවිල්ල
    = ප්‍රකට වෙන එක දැනගත්තේ කොහොමද?
    = සංඥාව

    යමක් තියෙනවද නැද්ද කියල දැනගන්නේ සිතුවිල්ලෙන්, සංඥාවෙන්.
    සංඥාවෙන් දෙන දේට වඩා දෙයක් අපිට දැන ගන්න විදිහක් නැහැ.
    ඒ දැනගැනීමට “මම” කියල දාගන්නවා
    මේ ලෝකය කියල අපි අල්ලගෙන තියෙන හැම එකමම පොදු ලක්ෂණය සංඥාව.

    හැම එකක්ම සංඥාවක් නම් ඒවාට විශේෂයක් දක්ක්වන්නේ ඒ බව ඒ මොහොතේ අවබෝද නැති නිසා.
    සතියෙන් ඉදල “සංඥාවක්” කියල ප්‍රඥාව පිහිටෙව්වා නම් එයට ඇල්ලේන්නේ හෝ ගැටෙන්නේ නැහැ.
    මෙය භාවනාවේදී සිය දහස් වතාවක් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝද උනේ නැත්නම් සංඥාව, “සංඥාවක්” ලෙස පෙනේනේ නැහැ

    • #4629

      chiranthi

      සංඥාවෙ අත්‍යන්ත (පොදු) ලක්ෂණය := අනිත්‍ය දුක්‍ය අනාත්ම

  • #4169

    chiranthi

    සංඥා නිරෝධය පිළිබද සූත්‍රයක්: කිංසඤ්ඤී සූත්‍රය

    ආනන්‍ද ස්ථවිරයන් වහන්සේත්, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේත් අතර ඇතිවූ දෙබසක්.
    ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ, ’’ස්වාමීනි,

    යම්සේ පෘථුවියෙහි පෘථුවි සංඥා ඇත්තේ නොවන්නේද.
    වතුරෙහි වතුර යන සංඥාව ඇත්තේ නොවන්නේද,
    ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවන්නේද,
    වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවන්නේද,
    ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවන්නේද,
    පරලෙව්හි පරලොව යන සංඥා ඇත්තේ නොවන්නේද,
    සිත් ඇති සමාපත්තියක් වනාහි ඇත්තේද,
    එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේදැ’’ යි ඇසූයේය.

    ’’ආනන්‍දය, මහණහට යම්සේ එබඳු සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, සමාධි ප්‍රතිලාභයක් වන්නේය.

    ස්වාමීනි, මෙය කෙසේ වන්නේද?’’
    ’’ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම යම් මේ සියලු කෙලෙස් දුරුකරන්නාවූ, තෘෂ්ණාව ක්‍ෂය කරන්නාවූ, මාර්‍ගයක් ඇද්ද, නිරෝධ සංඛ්‍යාත නිවණක් ඇද්ද, සියලු සංස්කාරයන් සංසිඳුවන මේ ඵල සමාපත්තිය ශාන්තය, මේ ඵල සමාපත්තිය ප්‍රණීතයයි මෙබඳු සිත් ඇත්තේ, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේදැයි, ආනන්‍දය, මෙබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.

    ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’’කුමණ සංඥාවක් ඇත්තේ වූයේද, ඇවැත්නි, මට “භව නිරෝධය නිර්‍වාණය- භව නිරෝධය නිර්‍වාණයයි”, මට අනික්ම සංඥාවක් උපදී. අනිත්ම සංඥාවක් නිරුද්‍ධ වේ.

    ඇවැත්නි, යම් සේ ලී කැබෙල්ලක් ගින්නෙන් දැවෙන්නේ අනෙක්ම ගින්නක් උපදීද, අනිත්ම ගින්නක් නිරුද්‍ධ වේද, ඇවැත්නි, මෙසේම මම”භවයාගේ නිරෝධ නිර්‍වාණය – භවයාගේ නිරෝධය නිර්‍වාණයයි”, අනික් සංඥාවක්ම උපදී. අනික් සංඥාවක්ම නිරුද්‍ධ වේ. ඇවැත්නි, ඒ කාලයෙහි මම භව නිරෝධය නිර්‍වාණය යන සංඥා ඇත්තේ වූයෙමි.’’

  • #4281

    kumari prathapasinghe

    2016 october valadee aramba karana bavana wada satahanata sahabagi weema sadaha email ekak damma.anivaryayenma me sadaha sambanda weemata magak labeva.

  • #5338

    chiranthi

    නිරෝධ සංඥාව වඩන්න, මාර්ගස්ථ වෙන්න.

    සෑම දෙයක්ම “ස්පර්ශයේ නිරෝධයක්” ලෙස දකින්න.
    සත්වයෙක්, පුද්ගලයෙක්, මමෙක්, මගේ දෙයක් ලෙස වර්ග නොකරන්න.
    ඇත්තටම පවතින්නේ රූප කලාප ස්පර්ශයෙන් හටගත් නාමය නිසා ඇතිවෙන දැනීමක් පමණයි. ඒ තැනට අවිද්‍යාව එකතුවෙලා තවත් නම-රූප මවනවා, මම ඉන්නවා, ලෝකය තියෙනවා කියල.
    සෑම දැනීමක්ම ස්පර්ශයේ නිරෝධය ලෙස හදුනාගත්තොත් නාමයෙන් මවන මායාවට රැවටෙන්නේ නැතුව මාර්ගස්ථ වෙනවා.
    පංචඋපාදානස්කන්දයේ නිරෝධයක් ලෙසත් මේ සංඥාව වඩන්න පුළුවන්.

  • #5465

    chiranthi

    දියුණු වෙන සතිය හරහා පහත ප්‍රඥා ඔබට ප්‍රකටද?

    ඔබට එක මොහොතක එක අරමුණක් පමණයි දැනගන්නේ කියල?
    එයත් දන්ගගත්තේ ඒක ප්‍රකට උනාට පස්සේ කියල?
    ශබ්දයක් කියල දැනගන්නේ ඒක ඇහිලා ඉවර උනාට පසුව බව?
    දැනගන්නෙත් “දැනගත්තා” කියල මනසිකාරයක් අතිඋනයින් පස්සේ බව?
    ඒ ඇහිමත්, ඇහුණ බව දැනගැනීමත් සම්පුර්නයෙන්ම එකකින් එකක් independent ප්‍රකටවීම් දෙකක් බව?
    ඒ ප්‍රකටවීම ඒ මොහොතේ හේතු නිසා ඇති පලයක් පමණක් බව?
    ඒ මොහොතේම ඒ හේතු නිරෝධ වූ විට ප්‍රකටවීමත් නිරෝධ බව?
    ඒ මොහොතේ, ඔබ, ඔබේ ලෝකය, ඒ ප්‍රකටවීමම පමණක් බව?
    එතකොට ඔබ, ඔබේ ලෝකය කියන්නේ තියෙන දෙයක්ද?, ප්‍රකටවීමට සාපේක්ෂව මැවෙන දෙයක්ද?
    ප්‍රකටවීම වෙනස්වෙන වේගයට සාපේක්ෂව ඔබත් ලෝකයත් වෙනස්වෙන බව?
    එසේනම් මේ ලෝකයේ අනිත්‍ය බව?
    මෙතන අල්ලගන්න – අතහරින්න මමේක්, මගේ දෙයක්, ආත්මයක් නැති බව?
    මේ සියලු අවබෝධය දැනගන්න ලැබෙන්නෙත් හේතු සකස් වෙලා ඒක ප්‍රකට උනොත් විතරයි බව?
    මෙතන තියෙන කිසිදෙයක් හරයක් ඇති දේවල් නොවන බව, ශුන්‍යයත බව?
    ප්‍රකට වෙන දෙයට වටිනාකමක් දෙන එකම තමයි, අවිද්යව, දුක බව?
    ප්‍රකට වෙන දෙයෙහි සත්‍ය ස්වබාවය දැකීම තමයි සම්මා දිට්ටිය, එයින් මාර්ගයේ පිහිටන බව, දුකින් මිදීම බව?

    මෙය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝද වෙනතුරු, අවබෝධය ගැන කිසිම සැකයක් නැතිවෙනතුරු, සිහියෙන් ඔබව පරික්ෂා කරන්න.

  • #5471

    chiranthi

    තමන් යමකට ඇලිල ගැටිලා ඉන්නේ ඒ අත්විදින රුපය පවතින්නක් ලෙස නිමිති අරගෙන ඉන්න නිසා. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නිමිති ගත්ත තැන සතර අපාය නිර්මාණය වෙන බව. (සංයුත්තනිකායො- සළායතන වර්‍ගය – 1. සළායතන සංයුත්තය – 18. සමුද්ද වර්‍ගය – 8. ආදිත්ත පරියාය සූත්‍රය)

    මේකෙන් මිදෙන්න රුපය, කණ්ණාඩියේ චායාව ලෙස දකින්න. බලනකන් චායාව තියෙනවා, දැකල ඉවර උනායින් පස්සේ ඒක එතන නැහැ කියල හොදටම විශ්වාසයි.
    මලක් කියනෙත් ආලෝකයත් ඇහැත් (රුප කලාප) ස්පර්ශ වෙච්ච මොහොතේ ඇතිවෙච්ච චායාවක් පමනයි කියල දැක්කොත්, ස්පර්ශය නිරෝධ උනවිට චායාවත් නිරෝධයි කියල දක්කොත්. මලක් තියෙනවා කියන නිමිත්තෙන් මිදෙනවා. අනිමිත්ත, ශුන්‍යත දර්ශණයට වැටෙනවා.

    ආයි නැවත ඒ කණ්ණාඩියේ චායාව හොයාගෙන යන්නේ නැහැ, ඒක එතන නැහැ කියල හොදටම විශ්වාසයි. නැවත දකින්නේ අයි අලුතින්ම ඒ මොහොතේ නිර්මාණය වූ චායාව බව හොදටම දන්නවා.

    • #5484

      Uresha Rupasinghe

      “තමන් යමකට ඇලිල ගැටිලා ඉන්නේ ඒ අත්විදින රුපය පවතින්නක් ලෙස නිමිති අරගෙන ඉන්න නිසා.” ඔබතුමියගේ මෙම ප්‍රකාශය සමග එකගවෙමි. මාගේ වැටහීමේ ආකාරයට එයමයි අවිද්‍යාව. තමන් අත්විදින රූපය සිතුවිල්ලක් පමණක් බව, අවබෝධවු විට රාගයක් ද්වේෂයක් පැවතිය හැකිද?
      ඇලෙන්නේත් ගැටෙන්නේත් බාහිර දෙයක් සමග නොව ඒ ස්වභාවය මතුකරදෙන්නාවු සිතුවිල්ලක් මත බව දැනගැනිම විද්‍යාවයි. මතුවන්නාවු ඒ ස්වභාවය ඇලීම හෝ ගැටීම වශයෙන් දැනගන්නේද නැවත සිතුවිල්ලකින්මය.

      ඔබතුමියගේ 21-12-2016 දින සදහන් අවබෝධයන්ට අනුව, මලක් යනු මලක් වශයෙන් ප්‍රකටවීමක් දැනගැනීමකි. (ශබ්දයක් කියල දැනගන්නේ ඒක ඇහිලා ඉවර උනාට පසුව බව? දැනගන්නෙත් “දැනගත්තා” කියල මනසිකාරයක් අතිඋනයින් පස්සේ බව?)

      “මලක් කියනෙත් ආලෝකයත් ඇහැත් (රුප කලාප) ස්පර්ශ වෙච්ච මොහොතේ ඇතිවෙච්ච චායාවක් පමනයි කියල දැක්කොත්”
      නමුත් රාත්‍රි කාලයේ ඇස වසාගෙන භාවනා කරන මොහොතකද මලක් ප්‍රකට වියහැකි නොවේද?

      මලක් යනු ප්‍රකටවීමක් දැනගැනීමකි. සිතුවිලලකි. සංඥාවකි. මනසිකාරයකි. මෙම ධර්මතාවය අවබෝධවු විට මලක්, ඇසක්, ආලෝකයක් හෝ බාහිර ලෝකයක් ඇත යන දිට්ඨියක් පවතීද?

    • #5626

      chiranthi

      මෙහිදී ඔබ පවසන්නේත් මා පැවසු දෙයම වෙනත් වචන වලින්.

      මල කියනේ ප්‍රකට වීමක්. චයාවක්. මායාවක්. ඔබට ගෝචර ඕනෑම වචනයකින් අර්ථ දක්වන්න පුළුවන්. නමුත් එකම දේ පවතින රුපයක් නෙමෙයි. රුපය අපිට ගෝචර නැහැ. අපිට ගෝචර ප්‍රකටවීමම (මායාව) පමණයි. ලෝකයට ඇලෙන්නේ ඇත්තටම රුපයක් තියෙනවා කියන නිත්‍ය දිට්ටියේ හිටියොත්. ඒ දිට්ටියේන් ආත්මයක්- මමෙක් නිර්මාණය වෙනවා. පෘතක්ජනය හිතන්නේ ඇස් ඇරියම දකින මල තියෙනවා. ඇස් වැහුවම දකින මල බොරුවක් කියල නමුත් මේ දෙකම එකයි. මායාවක්.

    • #5627

      chiranthi

      ඇස් ඇරගෙන ප්‍රකට වෙන මලත්, ඇස් වහගෙන ප්‍රකට වෙන මලත්, දෙකම ඇතිවෙන්න එක විදිහට. රූප කලාප ස්පර්ශයෙන් ඇතිවෙන ප්‍රකට වීම.

  • #5728

    chiranthi

    ආර්යයෙක් දන්නේ යමක් ප්‍රකට උනාද ප්‍රකට වූ බව පමණයි.
    ප්‍රකටවිම අනිත්‍යයි දුකයි අනාත්මයි බවයි.
    ඒ ප්‍රකට වූ දේ තියෙනවද නැද්ද කියන එක අවිද්‍යාව.
    “ශබ්දයක් ඇහුන” කියන සිතුවිල්ල ප්‍රකට වූ බව දන්නවා.
    “කුරුල්ලෙක් කෑ ගැසුවා” කියන සිතුවිල්ල ප්‍රකට වූ බව දන්නවා.
    “ශබ්දය කුරුල්ලාගේ” කියන දිට්ටියට පැමිණීම මිත්‍යා දිට්ටිය.
    එයත් සිතුවිල්ලක් ලෙස දුටු තැන නැවත සම්මා දිට්ටි ගත වෙනවා.
    සතිපට්ටානයෙන් වෙන්නේ සම්මා දිට්ටි ගත කරන එක, සම්මා දිට්ටිගතවිමෙන් මාර්ගය පිහිටනවා.

    අඞ්ගුත්තරනිකායො -අඨක නිපාතය – දුතිය පණ්ණාසකය -(7) 2. චාපාල වර්‍ගය – 8. අරියවොහාර සූත්‍රය
    ’’මහණෙනි, මේ ආර්‍ය්‍ය ව්‍යවහාරයෝ අටෙකි.
    ’’ඒ අට කවරහුද? නොදැකි දෙයෙහි නොදැක්කේයයි කියන්නාවූ, නොඇසූ දෙයෙහි නොඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ නොකළ දෙයෙහි ස්පර්‍ශ නොකළේයයි කියන්නාවූ, නොදැනගත් දෙයෙහි නොදැනගත්තේයයි කියන්නාවූ, දැකි දෙයෙහි දැක්කේයයි කියන්නාවූ, ඇසූ දෙයෙහි ඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ කළ දෙයෙහි ස්පර්‍ශ කළේයයි කියන්නාවූ, දැනගත් දෙයෙහි දැනගත්තේයයි කියන්නාවූ, යන අට මහණෙනි, ආර්‍ය්‍ය ව්‍යවහාරයෝ වෙති.’’
    ———————————————————
    අඞ්ගුත්තරනිකායො – අඨක නිපාතය – 2. දුතිය පණ්ණාසකය – (7) 2. චාපාල වර්‍ගය – 7. අනරියවොහාර සූත්‍රය
    ’’මහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ අටෙකි.
    ’’කවර අටක්ද යත්? නොදැකි දෙයෙහි දැක්කේයයි කියන්නාවූ, නොඇසූ දෙයෙහි ඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ නොකළ දේ ස්පර්‍ශ කළේයයි කියන්නාවූ, නොදැනගත් දෙයෙහි දැනගත්තේයයි කියන්නාවූ, දැකි දෙයෙහි නොදැක්කේයයි කියන්නාවූ, ඇසූ දෙයෙහි නොඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ කළ දෙයෙහි ස්පර්‍ශ නොකළේයයි කියන්නාවූ, දැනගත් දෙයෙහි දැන නොගන්නේයයි කියන්නාවූ, යන මේ කරුණු අට මහණෙනි, අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ වෙති.’’

  • #5733

    chiranthi

    සම්මා දිට්ටියේ වැඩීම

    පළමුව සද්ධර්ම ශ්‍රවනයෙන් සෘතමය ඥානය ඇතිවී සෘතමය වශයෙන් සම්මා දිට්ටිය ඇතිවෙනවා. පංචඋපාදානස්කන්ධයත්, පටිච්චසමුප්පදයත් ඇතිවීම නැතිවීම හා එහි අනිත්‍ය- දුක්‍ය- අනන්ත බව තේරුම් ගන්නවා. එතන සත්වයෙක් පුද්ගලයෙක් නැති බව සෘතමය වශයෙන් සම්මා දිට්ටිය ඇතිවෙනවා.
    නමුත් සක්කාය දිට්ටිය කැඩෙන්නේ නැහැ, සැකය (විචිකිච්චාව) තියෙන නිසා.

    ඉන්පස්සේ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල සිහිය පිටවීමෙන් සෘතමය ඥානය ප්‍රත්‍යක්ෂ වූ විට සැකය නැතිවෙනවා. එමගින් සක්කාය දිට්ටිය ප්‍රහිනවෙලා, අචල සම්මා දිට්ටියේ පිහිටනවා. එයින් සීලබ්බත පරාමාස වලින් මිදෙනවා.
    සම්මා දිට්ටියේ පිහිටීම තුලින් සතිපට්ටනය වැඩීමෙන් නිවන අරමුණු කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටනවා. මාර්ගය තුල පිහිටීමෙන් කෙලෙස් ගෙවෙනවා.

    අඞ්ගුත්තරනිකායො – නවක නිපාතය -1. පළමු වෙනි පණ්ණාසකය – 1. සම්බොධි වර්‍ගය – 3. මෙඝිය සූත්‍රය
    …….’’මේඝියෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු භික්‍ෂුවක් විසින්, ආර්‍ය්‍යවූ, නිබ්බෙධික (සසර කලකිරවන) මනාකොට දුක් කෙලවර කිරීමට පමණුවන, උදයත්‍ථ ගාමිණීපඤ්ඤාවෙන් යුක්තවූවෙක් වන්නේය යන මෙය කැමති විය යුතුය.
    මේඝියෙනි ඒ භික්‍ෂුව විසින් මේ පස් ආකාර ධර්‍මයන්හි පිහිටා සතර ධර්‍ම කෙනෙක් මත්තෙහි වැඩිය යුතු. රාගය නැති කිරීමට අසුභය වැඩිය යුතු. ව්‍යාපාදය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුතු. විතක්කය නැති කිරීමට ආනාපාන සතිය වැඩිය යුතු. අස්මී මානය (මමය යන හැඟිම) නැති කිරීමට අනිච්ච සඤ්ඤාව වැඩිය යුතු. මේඝියෙනි, අනිච්ච සඤ්ඤාව ඇත්තාහට අනත්ත සඤ්ඤාව පිහිටයි. අනත්ත සඤ්ඤාව ඇත්තේ මේ ආත්මයේදීම නිවන් ලැබීමයයි කියන අස්මීමානය (මමය යන හැඟීම) නැති කිරීමට පමුණුවයි.’’

  • #5769

    admin
    Keymaster

    පින්වත් ඔබ අතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් නිරෝධවු ධර්ම දේශනා ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය වි ඇත්නම්, අප වෙත ලැබීමට සලස්වන මෙන් මෛත්‍රියෙන් සිහිපත් කරමු.

    If you have any Dhamma Sermon preached by Rev Thero that was translated into English, please send us. Your effort would be much appreciated with much merits.

  • #5839

    chiranthi

    …… “ඇවැත්නි, යම්හෙයකින් ආධ්‍යාත්මිකවූ ඇස නොබිඳුනේ වේද, චක්ෂුප්‍රසාදය නොබිඳුනේ වේද, බාහිරවූ රූපයෝ ඇස හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මෙනෙහිකිරීම වේද මෙසේ ඊට අනුරූප වූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ රූපයක් වේද, එය රූප උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් වේදනාවක් වේද, එය වෙදනා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් සංඥාවක් වේද, එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් සංස්කාරයෝ වෙද්ද ඔව්හු සංස්කාර උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් විඥානයක් වේද, එය විඥාන උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි ඔහු මෙසේ දකියි. මෙසේ පඤ්ච උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම රැස්වීම වෙයි (කියායි) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.’

    “යමෙක් පටිච්චසමුප්පාදය දකී නම් හෙතෙමේ ධර්මය දකී. යමෙක් ධර්මය දකී නම් හෙතෙමේ පටිච්චසමුප්පාදය දකිය’යි (වදාළහ.)
    “යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද, මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුමය. මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද එය දුක් ඉපදීමේ හෙතුවයි.

    “මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද තණ්හාවගේ යම් නැතිකිරීමක් වේද එය දුක් නැතිකිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.”

    ..‘යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතීති. පටිච්‌චසමුප්‌පන්‌නා ඛො පනිමෙ යදිදං පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා. යො ඉමෙසු පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු ඡන්‌දො ආලයො අනුනයො අජ්‌ඣොසානං සො දුක්‌ඛසමුදයො. යො ඉමෙසු පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු ඡන්‌දරාගවිනයො ඡන්‌දරාගප්‌පහානං, සො දුක්‌ඛනිරොධො’ති. එත්‌තාවතාපි ඛො, ආවුසො, භික්‌ඛුනො බහුකතං හොති.”…..

    මජ්ඣිම නිකාය – මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) – 3. ඔපම්ම වර්ගය – 28. මහා හත්ථිපදොපම සූත්‍රය
    https://suttacentral.net/si/mn28

  • #5897

    upekka

    namaskara veva swamin vahanseta
    i need to help people who do not understand sinhala dhamma talks given by Venerable swamin vahanse
    if i provide them the instructions as follows, would it be alright?
    if there is anything that has to be change to make it more effective, could you please change it where necessary
    thank you
    +++++++++++
    As you know already our world consists of

    the ‘things’ we know
    that knowlege we have got through our six sense bases
    suppose you never heard a fruit called ‘Dodan’, now you know there is a fruit called ‘Dodan’
    since the eye contacted the above line on the screen, now you know there is a fruit called ‘Dodan’ and your world is expanded with the word ‘Dodan’ and the knowledge of the fruit called ‘Dodan’
    but still you do not know the shape or the colour of it until someone or i expain or show it to you
    you do not know the smell or the taste of it or how it feels
    before you read about ‘Dodan’, it wasn’t in your world
    this is the same with ‘everything’ in our world

    You can test this yourself
    what can you see around you: wall, chair,bus, car, man, woman, dog, cat etc.
    what can you hear around you: a door bang, a bird chirp, a man singing, a woman talk, a dog bark etc.
    similarly about smell, taste, and feel

    Whenever eye contact an object, eye doesn’t say the name of the object or the object doesn’t say the name of it or the name isn’t written on the object
    If so how can we know the name of the object at the moment we see or hear or smell or taste or feel?
    Test this yourself several times and try to grasp what these writing trying to convince
    by doing so you can get the point
    if i give the answer here it would be another knowledge in your world
    it is like you look at the finger instead of looking at the moon

    STEP TWO

    unless you have tried the first part of this thread and got the point stressed by it, it is useless to read the following
    just reading without trying the first part, you can add something to your knowledge (expand your world) but you never know what really is happening around you and within you

    Buddha says
    when eye contact any object just use the word ‘form’
    ex: chair = form, man = form, building = form, flower = form etc.
    (there are uncountable number of objects we know and we want to reduce it to one word because then we can handle the things that we see during the meditation, we can gain the control of the things we see)

    when ear contact any object just use the word ‘sound’
    ex: a dog bark = sound, a child cry = sound, a man sing = sound etc.

    when nose contact any smell just use the word ‘smell’
    when tongue contact any taste just use the word ‘taste’
    when body contact any object just use the word ‘feeling’
    when there is a thought arise in the mind just use the word ‘thought’

    you can test the reality of form, sound, smell etc. during the sitting meditation
    in sitting meditation there are three Right Attention (yoniso manasikara)
    **
    First Right Attention** FRA
    when sitting meditation we have closed eyes, and closed mouth so there is no form or taste arises
    you pay attention to five items namely sound, feeling, thought, inhale (in-breath) and exhale (out-breath)
    memories these five items several times in order to bring them up instead of bringing up uncountable names of what we have seen, heard, smelt, tasted, felt before whenever there is an experience arises through six sense bases

    Second Right Attention SRA
    now the meditation starts
    you do not do anything during the meditation but just wait and see what happens (no thinking of what you have read or heard about Buddha’s Teaching or anything), just pay attention to whatever arises in the moment

    whatever happens just know it
    if sound arises just know it
    if feeling arises just know it
    if thought arises just know it
    if inhale arises just know it
    if exhale arises just know it
    **
    Third Right Attention** TRA
    after the meditation- second right attention- spend few minutes to check what has happened during the meditation
    ex: say there was a sound of a dog bark
    how did you noticed it?
    as ‘dog bark’ or as ‘sound’?

    say there was a thought of a friend
    how did you notice it?
    as ‘friend’ or as ‘thought’?

    if TRA says you noticed as ‘dog bark’, ‘friend’, that means you need to increase FRA before start SRA
    for beginners, if you going to sit for 30 minutes, it is worth to do FRA for 20 minutes and do SRA for 10 mits
    checking the SRA at TRA, you can reduce FRA and increase SRA gradually

    Remember you don’t do anything during the SRA but just sit, observe and know what is happening at the moment
    whenever you are successful you are ‘here and now’ and you yourself know it
    this is called ‘sandhittiko, akaliko, ehipassiko’, the three first characteristics of Buddha’s Teaching
    if you could achieve this for one thought moment, that would be worth more than that of your whole life
    you would know it by yourself by degrees, nobody has to explain it to you

    at TRA, if you see when there was a sound during the SRA you noticed it as ‘sound’, feeling as feeling, thought as thought, inhale as inhale, exhale as exhale
    then the SECOND STEP is completed

    THIRD STEP
    during the meditation (SRA) when a sound arises how do you know it is ‘sound’, but not ‘thought’ or ‘feeling’ or ‘inhale’ or ‘exhale’?
    from where does the word ‘sound’ come from?
    can you hear it through your ear?
    can you see it in your mind?

    try to answer to these questions
    it needs several meditation sessions

    if there is anything to clarify of this post after trying just PM me

    IF you really make an effort to do this simple task you will be practising four frame of references (mindfulness of body, feeling, mind and mental qualities)
    by doing so you develop four bases of power, two exertions- exertion to guard the faculties (eye, ear etc.), exertion to abandon unskillful qualities such as thought of sensuality, ill-will, and violence
    in other words you are practising 10 factors out of 37 factors to awakening

    the five faculties (faith, effort, mindfulness, concentration and wisdom) will be culminated by this practice
    that means, you will be achieved the first stage of enlightenment where you know what is self-view, what is rites and rituals, what is doubt

    then you have firmed confidence in Buddha, Buddha’s Teaching (Dhamma) and Buddha’s disciples (Sangha) because you yourself become a Noble Disciple

  • #6082

    chiranthi

    ස්පර්ශය නිරෝධ වූ මොහොත….
    සම්මා දිට්ටිය ඇති මොහොත….
    උපදානයන්ගෙන් තොර මොහොත…
    රූපයේන් මිදුණු මොහොත…
    උදය වය ප්‍රකට මොහොත…
    (සමුදයවයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති)
    මේ මොහොතේ අත්විදින නිවන…
    ධාතු මනසිකාරය….

    ‘‘න සඤ්‌ඤසඤ්‌ඤී, න විසඤ්‌ඤසඤ්‌ඤී, නොපි අසඤ්‌ඤී, න විභූතසඤ්‌ඤී;
    එවංසමෙතස්‌ස විභොති රූපං, සඤ්‌ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා’’.

    හේ ප්‍ර‍කෘතිසංඥායෙන් සංඥා ඇතියේ නො වෙයි. විකෘතසංඥායෙන් විසංඥා ද නො වෙයි. සංඥා විරහිත ද නො වෙයි. ඉක්මැ වූ සංඥා ඇතියේ ද නො වෙයි. මෙසෙයින් පිළිපන්නහුට රූපය නො වෙයි. තෘෂ්ණාදී ප්‍ර‍පඤ්ච සංඥා නිදාන කොට ඇති හෙයිනි. (ඛුද්දකනිකායෙ – සුත්ත නිපාතය – අෂ්ටක වර්ගය – කලහවිවාද සූත්‍රය)

    • #6083

      chiranthi

      දුක පිළිසිද දැකපු මොහොත …
      සමුදය ප්‍රහින මොහොත …
      උපාදානය නිරෝධ වූ මොහොත …
      මාර්ගය සම්පුර්ණ වූ මොහොත ….
      චතුරාර්ය සත්‍යයේ පිහිටපු මොහොත …

You must be logged in to reply to this topic.

Comments are closed.