Link for PDF formats of Dhamma sermons – PDFගත කරන ලද ධර්ම දේශනා කියවීම සදහා

Home Forums සාකච්චා පිටුව Link for PDF formats of Dhamma sermons – PDFගත කරන ලද ධර්ම දේශනා කියවීම සදහා

This topic contains 34 replies, has 2 voices, and was last updated by  chiranthi 4 hours, 48 minutes ago.

  • Author
    Posts
  • #2772 Reply

    chiranthi

    Below link is to download the summary notes prepared using the below deshana:

    http://www.nibbananibbana.com/index.php/2016/01/20/1-dharma-desana-nivana/

    PDF Download link:

    https://drive.google.com/file/d/0B7xDZMlqDPUUamlPTHhsLXVfNTA/view?usp=sharing

    Apologies in advance for any writing mistakes.

  • #2774 Reply

    admin

    Great. with metta

    • #2775 Reply

      chiranthi

      නිවන

      නිවන දෙඅකාරයට අත්දැකියා හැකි. මේ භවයෙදී අත්දකින නිවන හා පරිනිර්වාණය.

      පරිනිර්වාණය කියන්නේ මරණ මංචකයෙදී නැවත උපදින්නේ නෑ කියා අවබෝධය හා නැවත නුපදින බව (රහත් බව) .

      මේ භවයෙදී අත්දකින නිවන කියන්නේ සිතිවිලි දෙකක් අතර චේතනා නැති හිස් බව. ඒමොහොත මේ ලෝකයෙන් මිදුනු මොහොත. ලෝබ ද්වේශ නැති මොහොත. මේ සිතිවිලි දෙකක් අතර චේතනා නැති හිස් බව ලබාගන්නේ විදර්ශනා සමදියෙන්. ඒ කියන්නේ සතිය හා ප්‍රඥව පැවැත්වීමෙන්. ඒ කියන්නේ ඇතිවෙන දැනීම හෝ සිතුවිල්ල හදුනා මෙනෙහිකිරිම මගින්.

      සෑම මොහොතකම ඇති දැනීම, සිතුවිල්ලක්; අනාත්මයක්; අනිත්‍යක්; අවකාශයේ පහලවීමක්; හේතු නිසා ඇති වූ පලයක්. එය සත්වයෙක් පුද්ගලයෙක් නොවේ. එය ස්වභාවධර්මයේ යම් සිද්දවීමක් පමණයි.
      මේ දැනීමට හෝ සිතුවිල්ලට තමයි අපි “මම මගේ ” කියාගන්නේ. ඒක අවිද්යාව. එනිසා මේ ස්වභාවධර්මයේ සිද්දවීම දිගටම පවතිනවා. මේ වෙන කිසිම දෙයකට මම වගකීම ගන්න ඕන නැහැ. ඒ “මම මගේ” කර ගැනීමෙන් ගැලවෙන්න තමයි මෙනෙහි කරන්නේ. මෙසේ දිගටම මෙනෙහිකරන විට අශ්‍රව ක්ෂයවෙනවා, යම් මොතොතක ඉතා කුඩා වෙලාවක නිවන අත්දකින්න පුළුවන්, ඒ වෙලාවට නිවන හදුනාගන්න . ඊටපස්සේ මේ කාලය තවත් වැඩිකරගන්න පුළුවන්. මේ අතර හේතු-පල ලෙස ධර්මය අවබෝධ වෙනවා

      ධර්ම අවබෝධයත් ස්වභාවික සන්සිද්දීයක්. ඒක ස්වභාවිකව සිදුවෙනකන් ඉවාසිමෙන් සෑම අරමුණක්ම මෙනෙහිකරන්න.
      අශ්‍රව සියල්ල ක්ෂයවෙලා රහත් වෙනකන් මේ මෙනෙහිකිරිම කරන්න ඕන

    • #2776 Reply

      Vishaka

      Thank you for sharing.

    • #2777 Reply

      Vishaka

      http://www.nibbananibbana.com has a compilation of all things (Dharma talks, Sakachchas, Dana calendar etc.) related to the yogashramaya. I really appreciate Ven. Bhante and other supporters effort and thought process went into organizing and updating everything into one place! Sadu///

    • #2778 Reply

      admin

      Those things too have been happened. All of them have been evidenced for present movement. Isn’t it?

  • #2791 Reply

    Bds

    තෙරැවණ් සරණයි,
    ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරතිබෙන
    “503.04 ධර්ම දේශනා 5.7 – ධ්‍යාන අංග විපස්සනාවට ලක්කිරීමෙන් සංඥා නිරෝධයට”
    යන දේශණාව නැවත නැවත ශ්‍රවණය කරමින්, තම තමන්ගේ ප්‍ර‍ත්‍ය‍යක්ෂන්ට ඒවා ගලපමින් එන ප්‍රශ්ණ වලට තමාටම විසඳුම් සොයා ගැනීමට උපකාරවේ යයි හිතනවා. එම දේශණාව “විදර්ශණා සමාධිය” යටතේ වෙබ් එකේ තියෙනවා.
    බුදු සරණයි

  • #2809 Reply

    chiranthi

    ආශ්‍රව පිලිබද සූත්‍ර නමයක් (9)

    download link
    https://drive.google.com/open?id=0B7xDZMlqDPUUUVNSNTgxWUNhUDQ

  • #2810 Reply

    admin
    Keymaster

    Much merits to you.

  • #3836 Reply

    Bds

    තෙරැවන් සරණයි

    ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන්නට යෙදුනු
    902.10 අනාපාන සති සමාධිය- වේදනානුපස්සනාව 3 ජ්‍යෙ. යෝ. උපදෙස් 9.06 (28)

    දේශණාව ශ්‍රවණය කරමින් PDF එකක් සකස් කරා. එය පහත link එකෙන් ගන්න පුඵවන්.
    https://drive.google.com/open?id=0B6TRTMzSqnf_cFZwWThSTmIxZ2s

    බුදු සරණයි

  • #4254 Reply

    chiranthi

    යවකලාප සූත්‍රය………
    ’’මහණෙනි, ‘වෙමි’ යන මෙය හැඟීමෙකි. ‘මේ මම වෙමි’ යන මෙය හැඟීමෙකි. ‘වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘නොවන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘සංස්කාර ඇත්තෙක් වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. ‘සංඥාව ඇතිද නැතිද වූවෙක් වන්නෙමි’ යන මෙය හැඟීමෙකි. මහණෙනි, හැඟීම රෝගයකි. හැඟීම ගඩකි. හැඟීම උලකි. මහණෙනි, එහෙයින් නොහඟින්නාවූ සිතින් වාසය කරන්නෙමියි’ මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

    ’’මහණෙනි, ‘වෙමි’ යන මෙය කම්පා වීමකි. ‘මේ මම වෙමි’ යන මෙය කම්පා වීමකි. ‘වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. ‘සංඥා ඇතිද නැතිද වූවෙක් වන්නෙමි’ යන මෙය කම්පා වීමකි. මහණෙනි, කම්පා වීම රෝගයකි. කම්පා වීම ගඩකි. කම්පා වීම හුලකි. මහණෙනි, එසේ හෙයින් මෙහි කම්පා නොවන්නාවූ සිතින් වාසය කරන්නෙමියි’ තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

    ’’මහණෙනි, ‘වෙමි’ යන මෙය සෙලවීමකි. ‘මේ මම වෙමි’ යන මෙය සෙලවීමකි. ‘වන්නෙමි’ යන මෙය සෙලවීමකි. ‘නොවන්නෙමි’ යන මෙය සෙලවීමකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය සෙලවීමකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය සෙලවීමකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන සෙලවීමකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය සෙලවීමකි. ‘සංඥා ඇතිද නැතිද වූවෙක් වන්නෙමි’ යන මෙය සෙලවීමකි. මහණෙනි, සෙලවීම රෝගයකි. සෙලවීම ගඩකි. සෙලවීම හුලකි. මහණෙනි, එසේ හෙයින් මෙහි ‘නොසැලෙන සිතින් යුක්තව වාසය කරන්නෙමියි’ මහණෙනි, මෙසේ හික්මිය යුතුයි.

    ’’මහණෙනි, ‘වෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘මේ මම වෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘වන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘නොවන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන ප්‍රමාදවීමකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. ‘සංඥා ඇත්තෙක්ද නැත්තෙක්ද වන්නෙමි’ යන මෙය ප්‍රමාදවීමකි. මහණෙනි, ප්‍රමාදය රෝගයකි. ප්‍රමාදය ගඩකි. ප්‍රමාදය හුලකි. එසේ හෙයින් මහණෙනි, ‘ප්‍රමාදයෙහි නොඇලෙන සිතින් වාසය කරන්නෙමියි’ තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

    ’’මහණෙනි, ‘වෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘මේ මම වෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘වන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘නොවන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මාණයට පැමිණීමකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. ‘සංඥා ඇත්තෙක්ද නැත්තෙක්ද වන්නෙමි’ යන මෙය මාණයට පැමිණීමකි. මහණෙනි, මේ මාණයට පැමිණීම රෝගයකි. මාණයට පැමිණීම ගඩකි. මාණයට පැමිණීම හුලකි. මහණෙනි, මෙහි ‘නිහතමාන සිතින් වාසය කරන්නෙමියි’ මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුයි.,

  • #4257 Reply

    chiranthi

    කුණ්ඩලිය සූත්‍රය

    කුණ්ඩලික නම් පරිබ්බාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “…..භවත් ගෞතමයන්වහන්සේ කුමක් ආනිසංස කොට වාසය කරනසේක්ද?

    “කුණ්ඩලිය. තථාගතතෙමේ අවිජ්ජා විමුක්ති ඵලය (අර්හත් මාර්ග ඵලය) ආනිසංසකොට වාසය කරන්නේයයි”

    “භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ කිනම් ධර්මයෝ විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරෙත්ද?”
    “කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, සත්ත බොජ්ඣංගයෝ වනාහි විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරෙත්.’

    “භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, කිනම් ධර්මයෝ සත්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද?
    “කුණ්ඩලිය, වඩන ලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ වනාහි සත්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්.”

    “භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, කිනම් ධර්මයෝ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්ද?”
    “කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, ත්‍රිවිධ සුචරිතයෝ වනාහි සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්.”

    “භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ කිනම් ධර්මයෝ ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණ කෙරෙත්ද?”
    “කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ ඉන්ද්‍රියසංවරය ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණකෙරේ.
    කුණ්ඩලිය, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදුකරන ලද්දාවූ ඉන්ද්‍රිය සංවරය වනාහි ත්‍රිවිධ සුචරිතයන් සම්පූර්ණ කෙරෙත්ද?

    කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇතිනොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේද වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ, සිත මනාකොට මිදුනේවෙයිද, ඇසින්ම අමනාප රූපයක් දැක, මතු නොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි………
    “කුණ්ඩලිය, යම්හෙයකින් ඇසින් රූපයක් දැක මනාප-අමනාපවූ රූපයන් කෙරෙහි මහණහුගේ නාමකය නැවතුණේවෙද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයිද,
    “කනින් ශබ්දයක් අසා මනාප-අමනාපවූ ශබ්දයක් කෙරෙහි මහණහුගේ නාම කය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
    “නහයෙන් ගන්ධයක් ආඝ්‍රාණයකොට මනාප-අමනාපවූ ගන්ධයන් කෙරෙහි මහණහුගේ නාම කය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
    “දිවෙන් රසයක් විඳ මනාප-අමනාපවූ රසයන් කෙරෙහි මහණහුගේ නාමකය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
    “කයින් ස්පර්ශයක්කොට මනාප-අමනාපවූ ස්පර්ශයන් කෙරෙහි මහණහුගේ නාම කය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයිද,
    “සිතින් ධර්මයක් දැන මනාප-අමනාපවූ ධර්මයන් කෙරෙහි මහණහුගේ නාමකය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
    “කුණ්ඩලිය, මෙසේ අසනලද, මෙසේ පුරුදුකරන ලද ඉන්ද්‍රිය සංවරය වනාහි ත්‍රිවිධ චරිතයන් සම්පූර්ණකෙරෙයි.

    “කුණ්ඩලිය, කෙසේ වඩනලද්දාවූ කෙසේ පුරුදු කරන ලද්දාවූ ත්‍රිවිධ සුචරිතයෝ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්ද?
    කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයිද, වාක්දුශ්චරිය හැර, වාක් සුචරිතයද වඩයිද, මනෝ දුශ්චරිතය හැර මනෝ සුචරිතයද වඩයිද, කුණ්ඩලිය, මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ත්‍රිවිධ සුචරිතයෝ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්.

    “කුණ්ඩලිය, කෙසේ වඩනලද, කෙසේ පුරුදුකරන ලද සතර සතිපට්ඨානයෝ සත්ත සම්බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද?
    කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම කයෙහි කය අනුව දක්නේ කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ දොෂයන් දුරුකොට වාසය කෙරෙයිද,
    “වේදනාවන්හි වේදනාවන් අනුව බලන්නේ කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධලෝකයෙහි ලෝභ දොෂයන් දුරුකොට වාසය කෙරෙයිද,
    “චිත්තයන්හි චිත්තයන් අනුව බලන්නේ කෙලෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ දොෂයන් දුරුකොට වාසය කරයිද,
    “ධර්මයන්හි ධර්මයන් අනුව බලන්නේ කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ, දොෂයන් දුරුකොට වාසය කෙරෙයිද,

    ‘කුණ්ඩලිය මෙසේ වඩනලද, මෙසේ පුරුදුකරනලද සතර සතිපට්ඨානයෝ සත්ත සම්බොජ්ඣංගයන් සම්පූර්ණකෙරෙත්.
    “කුණ්ඩලිය, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද සප්ත බොජ්ඣංගයෝ විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරේද?
    කුණ්ඩලිය. මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
    “විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
    “විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
    “විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
    “විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
    “විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
    “විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
    “කුණ්ඩලිය, මෙසේ වඩන ලද, මෙසේ පුරුදු කරන ලද සත්ත බොජ්ඣංගයෝ විජ්ජාවිමුක්තිය සම්පූර්ණ කෙරේ.
    “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මං මුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දේශනා කරනලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණයමි. භවත් ගෞතමයන් වහන්සේ දිවිහිමිකොට සරණගිය උපාසකයෙකු කොට මා දරණ සේක්වා”

  • #4374 Reply

    Chiranthi

    නිර්වානය කියා අමුතු දෙයක් සොයමින් සසර දික්කරගන්න එපා.
    යම් මොහොතක ලෝබ, ද්වේශ, මෝහ නැත්නම්,
    ඒ අශ්‍රව ක්ශය කරන්නා වු විවෙකය,
    භව දියකරන්නා වු මොහත,
    අත්විදිය හැකි උතුම් නිර්වානයයි.
    මෙ මොහොතෙම ඉන්නා ඉරියව්වෙන්ම නිර්වනය ස්පර්ශකරන්න.
    අප්‍රමාද වන්න.
    නිවන මේ මොහොතෙදීම…..

    සන්‍දිඨිකනිබ්බාණ සූත්‍රය

    අඞ්ගුත්තරනිකාය – නවක නිපාතය – පළමු වෙනි පණ්ණාසකය – පඤ්චාල වර්‍ගය

    ’’ඇවැත්නි, සාන්දෘෂ්ටික නිර්වාණය, සාන්දෘෂ්ටික නිර්වාණයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි සාන්දෘෂ්ටික නිර්වාණයයි කියනු ලැබේද?’’

    ’’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, චිතර්‍ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික නිර්වාණයයි වදාරණ ලද්දේය.

    ’’විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික නිර්වාණයයිවදාරණ ලද්දේය.

    ’’ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික නිර්වාණයයි වදාරණ ලද්දේය.

    ’’ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික නිර්වාණයයි වදාරණ ලද්දේය.

    ’’ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්‍රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික නිර්වාණයයි වදාරණ ලද්දේය.

    ’’ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ’’විඤ්ඤාණය අනන්තය’’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික නිර්වාණයයි වදාරණ ලද්දේය.

    ’’ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ’’කිසිවක් නැත්තේය’’ යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික නිර්වාණයයි වදාරණ ලද්දේය.

    ’’ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික නිර්වාණයයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්‍යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික නිර්වාණයයි වදාරණ ලද්දේය.

    ’’ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික නිර්වාණයයි වදාරණ ලද්දේය.’’

  • #4379 Reply

    chiranthi

    නිවන කියන්නේ ආයතන නිරෝධය,
    එහිදී සංඥාව නැති කරනවා නෙමෙයි; සංඥාවට ඇලෙන්නෙ නැහැ, ගැටෙන්නේ නැහැ, සැසදීමක් නැහැ. සංඥාව ඇතිවෙලා නිරෝධය දකිනවා. එතකොට ඉන්ද්‍රිය ආයතනයක් බවට පත්වෙන්නේ නැහැ.

    තිකණ්ටකීවන සූත්‍රය….
    අඞ්ගුත්තරනිකායො – පඤ්චක නිපාතය – 3. තුන්වන පණ්ණාසකය – (15) 5. තිකණ්ටකී වර්‍ගය
    ’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නම් නුවර තිකන්‍දකී නම් වනයෙහි වැඩ වසන සේක. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ’’මහණෙනි,’’ කියා ඇමතූසේක. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
    ’’මහණෙනි, භික්‍ෂු තෙම කලින් කල නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් සංඥා ඇත්තේ වාසය කරන්නේ නම් මැනවි. මහණෙනි, භික්‍ෂු තෙම කලින් කල පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේ නම් මැනවි. මහණෙනි, භික්‍ෂු තෙම කලින්කල නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද. පිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේ නම් මැනවි. මහණෙනි, භික්‍ෂු තෙම කලින් කල පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේ නම් මැනවි. මහණෙනි, භික්‍ෂු තෙම කලින් කල නොපිළිකුල්වූද, පිළිකුල්වූද, ඒ අරමුණු දෙක දුරුකොට මැදහත්ව. සිහි ඇතිව, මනා දැනුම ඇතිව, වාසය කරන්නේ නම් මැනවි.

    ’’මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ නම් කරුණක් නිසා නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේද? ’මට ඇළුම් කටයුතු ධර්මයන්හි රාගය නූපදීවා’ යි. මහණෙනි, භික්‍ෂු තෙම මේ කරුණ නිසා නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේය.
    ’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම කරුණක් නිසා පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේද? ’මට ද්වේෂ කටයුතු ධර්මයන්හි ද්වේෂය නූපදීවා’ යි. මහණෙනි, භික්‍ෂු තෙම මේ කරුණු නිසා පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේය.

    ’’මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ නම් කරුණක් නිසා නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, පිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේද? ’මට ඇළුම් කටයුතු ධර්මයන්හි රාගය නූපදීවා, මට ද්වේෂ කටයුතු ධර්‍මයන්හි ද්වේෂය නූපදීවා’ යි. මහණෙනි, භික්‍ෂු තෙම මේ කරුණ නිසා නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, පිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේය.

    ’’මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ නම් කරුණක් නිසා නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නෙහිද? ’ මට ද්වේෂ කටයුතුවූ ධර්‍මයන්හි ද්වේෂය නූපදීවා, මට ඇළුම් කටයුතුවූ ධර්මයන්හි රාගය නූපදීවා’ යි, මහණෙනි, භික්‍ෂු තෙම මේ කරුණ නිසා පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේය.

    ’’මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ නම් කරුණක් නිසා නොපිළිකුල්වූද, පිළිකුල්වූද, ඒ අරමුණු දෙක දුරුකොට, මැදහත්ව, සිහි ඇතිව, නුවණැතිව වාසය කරන්නේද, ’මට කිසි අරමුණෙක්හි කිසි තැනෙක්හි සුළු තරම්වූද, ඇළුම් කටයුතු ධර්මයන්හි රාගය නූපදීවා. මට කිසි අරමුණෙක්හි කිසි තැනෙකත් සුළු තරම්වූද, ද්වේෂ කටයුතු ධර්මයන්හි ද්වේෂය නූපදීවා. මට කිසි අරමුණක, කිසි තැනකත් ස්වල්ප තරම්වූද, මුළාවියයුතු ධර්මයන්හි මුළාවෙක් නූපදීවා’ යි.
    ’’මහණෙනි, භික්‍ෂු තෙම මේ කරුණ නිසා නොපිළිකුල්වූද, පිළිකුල්වූද, ඒ අරමුණු දෙක දුරුකොට මැදහත්ව, සිහි ඇතිව, නුවණැතිව වාසය කරන්නේය’’ යි වදාළ සේක.

  • #4402 Reply

    chiranthi

    මේ සුත්‍රයෙ “කයෙහි කයක්”බලනව කියන්නේ ශරීරයේ ඇති-නැති වීම බලනවට වඩා, එහි ක්‍රියාවෙහි ඇති නැති වීම බැලීම (කයෙහි ක්‍රියාව). පංච ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය, ඇති නැති වීම බැලීම.
    “වේදනාවේ වේදනාවක්” බලනව කියන්නේ වේදනාවේ ක්‍රියාකාරිත්වය, ඇති-නැති වීම බැලීම.

    7. ඡන්දපහාණ සූත්‍රය
    සංයුත්තනිකායො – මහා වර්ගය – 3. සතිපට්ඨාන සංයුත්තය – 4. අනනුස්සුත වර්ගය

    “මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්. කවර සතරක්ද යත්.

    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, කයෙහි කය නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ කයෙහි යම් ආශාවක් වේද ඒ ආශාව ප්‍රහීණවේ. ආශාව ප්‍රහීණකිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ.

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද, වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ කයෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණකිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේවේ.

    “කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ සිතෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණවේ. ආශාව ප්‍රහීණ කිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ.

    “කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ සිතෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණ කිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ.

    “නීවරණාදී ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ ධර්මයන් කෙරෙහි යම් ආශාවක් වේද ඒ ආශාව ප්‍රහීණවේ. ඒ ආශාව ප්‍රහීණ කිරීමෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරනලද්දේ වෙයි”

  • #4414 Reply

    chiranthi

    භව කියන එකේ තේරුම, බීජ, නැවත විපාක පිණිස පැලවෙන්න පුළුවන්,
    කාම කාර්ම වින්ඥාන බීජ, රුප කාර්ම වින්ඥාන බීජ, අරුප කාර්ම වින්ඥාන බීජ.
    අරමුණ “මම මගේ” කියල අවිද්‍යාවෙන්ගන්නා එක තණ්හාව, ඒ තණ්හාව නිසා සංඛාර කරන එක උපාදානය,
    ඒ උපාදානය නිසා කර්ම බීජ අතිවෙන එක භව. ඒ බීජ නැවත පැලවෙන එක ජාති.

    අරමුණට විද්‍යාව පහලවෙලා ධර්මතාවය ලෙස, ධාතුවක් ලෙස දැකීම, ධතුමනසිකරය. ඒ නිසා ඇලීම – ගැටීම නැතිව මැදහත් සිත පිහිටන නිසා තණ්හාව නිරෝධ (නොඉපදවෙනවා) වෙන්ව, භව නිරෝධ (නොඉපදවෙනවා) වෙන්ව, නිවන අත්දකිනවා. ඒ අරමුණ නිසා නැවත උපතක් නැහැ.

    https://suttacentral.net/si/an3.76

    6. භව පඤ්හ සූත්‍රය
    අඞ්ගුත්තරනිකායො – තික නිපාතය – 2. දුතිය පණ්ණාසකය (8) 3. ආනන්‍ද වර්‍ගය
    එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. ’’ස්වාමීනි, භවය, භවය යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් භවය වේද?’’ යනුයි.

    ’’ආනන්‍දය, කාම ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පැසෙන්නාවූ – විපාක බවට පැමිණෙන්නාවූ කර්‍මයක් නැත්නම් කාම භවයක් පෙනේද?’’ ’’ස්වාමීනි, එසේ නොවේමය.’’

    ’’ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය – ජලය – වෙයි.
    ’’අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්ත්‍වයන්ගේ විඤ්ඤාණය හීන ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.
    ’’ආනන්‍දය, මධ්‍යම ධාතුයයි කියනලද, රූප ලෝකයෙහි පැසෙන්නාවූ – විපාක බවට පැමිණෙන්නාවූ, කර්‍මයක් නැත්නම් රූප භවයක් පෙනේද?’’ ’’ස්වාමීනි, එසේ නොවේමය.’’
    ’’ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය – ජලය – වෙයි.
    ’’අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්ත්‍වයන්ගේ විඤ්ඤාණය මධ්‍යම ධාතුයයි කියනලද රූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.
    ’’ආනන්‍දය, අරූප ලෝකයෙහි පැසෙන්නාවූ කර්‍මයක් නැත්නම් අරූප භවය පෙනේද?’’ ’’ස්වාමීනි, එසේ නොවේමය.’’
    ’’ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය – ජලය – වෙයි.
    ’’අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුනාවූ සත්ත්‍වයන්ගේ විඤ්ඤාණය ප්‍රණීත ධාතුයයි කියනලද අරූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි. ආනන්‍දය, මෙසේ වනාහි භවය වේය’’ යි වදාළ සේක.

  • #4469 Reply

    chiranthi

    සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය කවරේද?….
    සංයුත්තනිකායො – සළායතන වර්‍ගය – 1. සළායතන සංයුත්තය – 6. අවිජ්ජා වර්‍ගය
    9. සබ්බූපාදානපරිඤ්ඤා සූත්‍රය

    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

    ’’මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය තොපට ධර්‍මය දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය කවරේද?

    ’’ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඥානය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි.

    ’’කණද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඥානය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි.

    ’’නාසයද, ගන්‍ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඥානය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි.
    ’’දිවද, රසයන්ද නිසා ජිව්හා විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඥානය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි.

    ’’කයද, ස්පර්‍ශයන්ද නිසා කාය විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඥ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි.

    ’’සිතද, ධර්‍මයන්ද නිසා මනෝ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඥානය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ’මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගණියි. මහණෙනි, මේ වනාහි සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මය වේය’’ යි වදාළ සේක.

  • #4579 Reply

    chiranthi

    චිත්ත නිරොධය

    දීඝ නිකාය – සීලක්ඛන්ධ වර්ගය – 9. පොට්ඨපාද සූත්‍රය

    ……පොට්ඨපාදය, යම් හේතුවකින්, භික්ෂු තෙම තමන්ගේ පළමු වෙනි ධ්‍යාන හැඟීම් ඇත්තේ වේද, ඔහු ඒ පළමු වෙනි ධ්‍යානයෙන් වෙනස්වූ දෙවෙනි ධ්‍යානයෙහිද, ඉන් වෙනස්වූ තුන්වෙනි ධ්‍යානයෙහි දැයි මෙසේ ඒ ඒ ධ්‍යාන හැඟීමෙන් හැඟීම් ඇතුව පිළිවෙළින් හැඟීම් මුදුනට පැමිණේද, හැඟීම් මුදුනෙහි සිටියාවූ ඔහුට මෙබඳු සිතක් ඇතිවෙයි. ධ්‍යානයට සමවදින්නාවූ මාගේ සමවැදීම ලාමක වෙයි. ධ්‍යානයට සමනොවදින්නාවූ මාගේ සමනොවැදීම උතුම් වෙයි. මම ධ්‍යානයට සමවදින්නෙම් නම් මතු සමවැදීම පිණිස කැමති වන්නෙම් නම් මාගේ මේ හැඟීම් නවතින්නාහ. අන්‍යවූ (ඖදාරික භවාංග) හැඟීම් උපදින්නාහුය. මම ධ්‍යානයට සමනොවදින්නෙම් නම්, මතු සමවදින පිණිස කැමති නොවන්නෙම් නම් යහපතැයි ඔහු ධ්‍යානයට සම නොවදියි. මතු සම වදින පිණිස කැමති නොවෙයි. ධ්‍යානයට සමනොවදින්නාවූ මතු සමවැදීම පිණිස කැමති නූපදවන්නාවූ ඔහුගේ ඒ ධ්‍යාන හැඟීම නවතිත්, අන්‍ය වූ ඖදාරික භවාංග හැඟීම්ද නූපදිත්. මෙසේ පිළිපදින්නාවූ ඒ භික්ෂුතෙම හැඟීමෙන් දතයුතුවූ චිත්තනිරොධය ලබයි.

    “පොට්ඨපාදය, මෙසේ නුවණ ඇති භික්ෂුහුගේ, පිළිවෙලින් හැඟීම් නැතිවීමෙහි සමාපත්තිය වෙයි. භාග්‍යවතුන් වහන්සේ එසේයයි වදාළසේක.

    පොට්ඨපාදය, පෘථිවි කසිණාදීන් අතුරෙන් යම් යම් කසිණයකින් හෝ ප්‍රථම ධ්‍යානාදීන් අතුරෙන් යම් යම් ධ්‍යානයකින් හෝ චිත්ත චෛතසිකයන්ගේ නැවතීමට පැමිණේද, ඒ ඒ කසිණයකින් හෝ ඒ ඒ ධ්‍යානයකින් මම මුදුන් පැමිණි හැඟීම් පණවමි. පොට්ඨපාදය, මම එසේ එක් මුදුන්පත් හැඟීමක්ද බොහෝවූ මුදුන්පත් හැඟීම්ද පණවමියි” වදාළසේක.

    “ස්වාමීනි, චිත්ත චෛසික නවත්වා එයින් නැගිටින භික්ෂුවට අර්හත්ඵල සිත පළමුව උපදීද, පසුව ප්‍රත්‍යවෙක්ෂා ඥානය උපදීද, නොහොත් ප්‍රත්‍යවෙක්ෂාඥානය පළමු උපදීද, අර්හත්ඵල සිත පසුව උපදීද නොහොත් අර්හත්ඵල සිත හා ප්‍රත්‍යවෙක්ෂාඥානය එක විට උපදීදැයි” විචාළේය.

    “පොට්ඨපාදය, අර්හත්ඵල සිත පළමු උපදියි. ප්‍රත්‍යවෙක්ෂාඥානය පසුව උපදියි. අර්හත්ඵල සිත ඉපදීමෙන් පසු ප්‍රත්‍යවෙක්ෂාඥානය ඉපදීම වෙයි. අර්හත්ඵල සමාධි හැඟීම හෙතුකොට ගෙණ මාගේ ප්‍රත්‍යවෙක්ෂාඥානය උපන්නේයයි ඒ භික්ෂුතෙම දනියි. පොට්ඨපාදය, අර්හත්ඵල සමාධි හැඟීම පළමු උපදියි. ප්‍රත්‍යවෙක්ෂාඥානය පසුව උපදියි. අර්හත්ඵල හැඟීම් ඉපදීමෙන් ප්‍රත්‍යවෙක්ෂා ඥානය ඉපදීම වෙයි. මෙසේ මේ ක්‍රමයෙන් මෙය දත යුතුයයි,” වදාළසේක.

  • #4628 Reply

    chiranthi

    ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ කොටසක්
    මජ්ඣිම නිකාය – උපරි පණ්ණාසය – දේවදහ වර්ගය

    ……..මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ඉදින් මා විසින් පෙර කර්ම රැස් නොකරණ ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවත්නේය. ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේය. දැන් යම් පඤ්චස්කන්ධයක් ඇත්තේද, එය දුරු කරමියි මෙසේ විදර්ශනා උපෙක්ෂාව ලබයි. ස්වාමීනි, මේ මහණතෙම පිරිනිවියේද?”

    “ආනන්දය, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේය. මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේයයි” වදාළේය. “ස්වාමීනි, යම්හෙයකින් මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේද, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේද, ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?” “ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේවේ. මා විසින් පෙර කර්ම රැස් නොකරණ ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපවතින්නේය. ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්ධයක් ඇත්තේද, එය දුරු කරමියි, මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙතෙම ඒ උපෙක්ෂාවට මමය මාගේයයි සතුටු වෙයි. මමය මාගේයයි කියායි. මමය මාගේයයි තෘෂ්ණාවෙන් බැස ගනියි. ඒ උපෙක්ෂාවට සතුටුවන්නාවූ මමය යනාදීන් කියන්නාවූ තෘෂ්ණාවෙන් බැස ගත්තාවූ උපේක්ෂාව විඤ්ඤාණය ඇසුරු කරනලද්දේ වෙයි. එය දැඩිකොට අල්වා ගැනීමයි. ආනන්දය, දැඩිකොට අල්වා ගැනීම සහිතවූ මහණතෙම පිරිනිවන් පාන්නේ නොවෙයි.” “ස්වාමීනි, දැඩිකොට අල්වාගන්නාවූ ඒ මහණතෙමේ කුමක් දැඩිසේ අල්වා ගනීද?” “නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි” වදාළේය. “ස්වාමීනි, ඒ මහණතෙම වනාහි දැඩිකොට අල්වාගනු ලබන ශ්‍රෙෂ්ඨවූ භවය අල්වා ගනියි.” “ආනන්දය, ඒ මහණතෙම දැඩි කොට අල්වා ගනු ලබන ශ්‍රෙෂ්ඨවූ භවය අල්වා ගන්නේය. ආනන්දය, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයක්වේද, මෙය වනාහි දැඩිව අල්වාගනු ලබන ශ්‍රෙෂ්ඨ භවයයි.

    “ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේවෙයි. ‘පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේය. දැන් කර්ම රැස් නොකෙළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්ධයක්වේද, එය දුරුකරමියි මෙසේ විදර්ශනානොපෙක්ෂාව ලබයිද හෙතෙම ඒ උපෙක්ෂාවට මමය මාගේයයි සතුටු නොවෙයි. මමය මාගේයයි නොකියයි. එහි තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටියි. ඒ උපෙක්ෂාවට සතුටු නොවන්නාවූ මමය මාගේයයි නොකියන්නාවූ එහි බැසගෙන නොසිටින්නාවූ ඔහුගේ එය ඇසුරු කළාවූ විඤ්ඤාණය නොවෙයි. එය දැඩිකොට අල්වාගැනීම නොවෙයි. ආනන්දය, දැඩිව අල්වාගැනීම නැත්තාවූ පිරිනිවන් පාන්නේ යයි” වදාළසේක.

    “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය. ස්වාමීනි, අද්භූතය, ස්වාමීනි. ඒ ඒ සමාපත්තිය, ඇසුරුකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ඕඝයන්ගේ එතර කිරීම වදාරණලදී. ස්වාමීනි, ආර්‍ය්‍යවූ විමොක්ෂය කවරේද?”
    “ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ කල්පනා කරයි. මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සාඥාවෝත් වෙත්ද, මෙලොවවු යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් ආකිඤ්චඤ්ඤායතන සංඥාවෝත් වෙත්ද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෝත්, වෙත්ද, මේ සියල්ල සක්කාය නම්වේ. ඒ සක්කාය නම්වූ ත්‍රෛභූමික සංස්කාරයන් කෙරෙන් දැඩිසේ අල්වා ගැනීමක් නැතිව චිත්තයාගේ යම් මිදීමක් වේද, එය අමෘතය නම්වේ.

    “ආනන්දය, මෙසේ වනාහි මා විසින් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාව දෙශනා කරණලදී. ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දෙශනා කරණ ලදී. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දෙශනා කරණලදී. ඒ ඒ සමාධි ඇසුරුකොට ඔඝයන්ගේ එතර කිරීම දෙශනා කරණලදී. ආර්‍ය්‍යවූ විමොක්ෂය දෙශනා කරණලදී. ආනන්දය, ශ්‍රාවකයනට වැඩකැමතිවූ අනුකම්පා ඇත්තාවූ ශාස්තෘහු විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේද, මා විසින් එය තොපට කරණලදී. ආනන්දය, මේ වෘක්ෂමූල වෙත්, මේ සූන්‍යාගාර වෙත්, ආනන්දය, ධ්‍යාන කරව්. (සමාධි උපදවව්.) ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාව වේයයි” වදාළේය.
    භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

  • #4633 Reply

    chiranthi

    චූල සුඤ්ඤත සූත්‍රය
    මජ්ඣිම නිකාය – උපරි පණ්ණාසය – 3. සුඤ්ඤත වර්ගය

    ……….“ආනන්දය, නැවතද මහණතෙම ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට එකක්වූ විදර්ශනා චිත්ත සමාධිය මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විදර්ශනා චිත්ත සමාධියෙහි බැසගනී, පහදියි, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී.

    මේ විදර්ශනා චිත්ත සමාධිය ප්‍රත්‍යය කරණකොට හටගන්නා ලද්දේය. සිතින් උපදින ලද්දේය. ප්‍රත්‍යයෙන් හටගන්නාලද සිතින් උපදිනලද යම් කිසිවක් වේනම් එය අනිත්‍යය. නිරුද්ධවන ස්වභාව ඇත්තේයයි දැන ගනී. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදෙයි භවාශ්‍රවයෙන්ද සිත මිදෙයි. අවිද්‍යාශ්‍රවයෙන්ද සිත මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි දැනගැනීම ඇතිවෙයි. උත්පත්තිය ක්ෂයවිය. බඹසර (බ්‍රහ්මචර්‍ය්‍යාව) වැස නිමවන ලදී. කටයුතු සියල්ල නිමකරණ ලදී. මින්පසු කළයුතු කිසිවක් නැතැයි දැනගනී. හෙතෙම මෙසේ දැනගනී. කාමාශ්‍රවයන් නිසාවූ යම් ක්ලේශ දාහයෝ වන්නාහු නම් ඔව්හු මේ ආර්‍ය මාර්ගයෙහි හා ඵලයෙහි නැත. භවාශ්‍රවයන් නිසාවූ යම් ක්ලෙශ දාහයෝ වන්නාහු නම් ඔව්හුද මෙහි නැත. අවිද්‍යාශ්‍රවය නිසාවූ යම් ක්ලෙශ දාහයෝ වන්නාහු නම් ඔව්හුද මෙහි නැත. ජිවිතෙන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් දැවීම් මාත්‍රයක් වේ නම් ඒ දැවීම් මාත්‍රයම ඇත්තේය. හෙතෙම මේ සංඥාව කාමාශ්‍රවයෙන් සූන්‍යයයිද දැනගනී. මේ සංඥාව භවාශ්‍රවයෙන් සූන්‍යයයිද දැනගනී. මේ සංඥාව අවිද්‍යාශ්‍රවයෙන් සූන්‍යයයිද දැන ගනී. ජිවිතේන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් එකම අසූන්‍යත්වයක් වේද, ඒ අසූන්‍යත්වයම ඇත්තේයයි දැනගන මෙසේ යමක් එහි නැති නම් එයින් එය සූන්‍යයයි දකී. එහි යමක් ඉතිරි නම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සියල්ලට ශ්‍රෙෂ්ඨවූ සූන්‍යතාවය ඇතිවෙයි.

    “ආනන්දය, ඉකුත් කාලයෙහි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ පිරිසිදුවූ සියල්ලට ශ්‍රෙෂ්ඨවූ, ඵලසමාපත්තියට පැමිණ වාසය කළාහු නම් ඒ සියල්ලෝ මේ පිරිසිදු ඉතා උතුම් ඵලසමාපත්තියට පැමිණ වාසය කළාහුය. ආනන්දය, මතු කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ පිරිසිදුවූ, ඉතා උතුම්වූ පල සමවතට පැමිණ වාසය කරන්නාහු නම් ඒ සියල්ලෝම පිරිසිදුවූ, ඉතා උතුම්වූ, මේ ඵල සමවතට පැමිණ වාසය කරන්නාහුය. ආනන්දය, දැන් මේ කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ පිරිසිදු, අතිඋතුම් ඵලසමවතට පැමිණ වාසය කරත්නම් ඒ සියල්ලෝම මේ පිරිසිදු ඉතා උතුම් ඵලසමවතට පැමිණ වාසය කරති. ආනන්දය, එහෙයින් මෙහිදී පිරිසිදුවූ, ඉතා උතුම් පලසමවතට පැමිණ වාසය කරන්නෙමුයි. ආනන්දය, මෙසේ තොප විසින් හික්මිය යුතුයි.”
    භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිතැති ආනන්ද ස්ථවිරයන් වහන්සේ දෙශනාව සතුටින් පිළිගත්තෝය.

  • #4660 Reply

    chiranthi
  • #4773 Reply

    chiranthi

    සංයුත්තනිකායො මහා වර්ගය -4. ඉන්ද්‍රිය සංයුත්තය -4. සුඛින්ද්‍රිය වර්ගය- 10. උප්පටි පාටික සූත්‍රය

    ………..[10] “මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම සැපයාගේ හා දුක්ඛයාගේ ප්‍රහාණයෙන් පළමුව සොම්නස් දොම්නසුන්ගේ නැතිකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සහිත පාරිසුද්ධියෙන් යුත් චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. සොමනස්සින්ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධවේ. මහණෙනි, මේ මහණ තෙමේ සොමනස්සින්ද්‍රියයාගේ නිරොධය දැනගත්තේය. ඒ සඳහා සිත එළවන්නෙයයි කියනු ලැබේ.
    [11] “මහණෙනි, මේ ශාසනයෙහි අප්‍රමාදීවූ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවට උපෙක්ඛින්ද්‍රිය උපදියි. හෙතෙම මෙසේ දැන ගනියි. මට මේ උපෙක්ඛින්ද්‍රිය උපන්නේය. ඒ උපෙක්ඛින්ද්‍රිය නිමිති සහිතය. නිදාන සහිතය. හෙතු සහිතය. ප්‍රත්‍යය සහිතය.
    “ඒ උපෙක්ඛින්ද්‍රිය වනාහි නිමිති රහිතව නිදාන රහිතව, හෙතු රහිතව උපදින්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ.
    “හෙතෙම උපෙක්ඛින්ද්‍රියද දැනගනියි. උපෙක්ඛින්ද්‍රියට හෙතුවද දැනගනියි. උපෙක්ඛින්ද්‍රිය නිරොධයද දැනගනියි.
    යම්තැනක උපන් උපෙක්ඛින්ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධවේද, එයද දැනගනියි. කොතැන්හි උපන් උපෙක්ඛින්ද්‍රියය ඉතිරි නොවී නිරුද්ධවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරොධයට පැමිණ වාසය කරයි. මෙහි උපන් උපෙක්ඛින්ද්‍රියය ඉතිරි නොවී නිරුද්ධවේ.
    “මහණෙනි, මේ භික්ෂුව උපෙක්ඛින්ද්‍රියයාගේ නිරොධය දැනගත්තේයයි ඒ සඳහා සිත එළවන්නේයයි කියනුලැබේ.”

  • #4946 Reply

    chiranthi

    කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාහට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වේද?
    සංයුත්තනිකායො ඛන්ධක වර්ගය 1. ඛන්ධක සංයුත්තය 8. ඛජ්ජනීය වර්ගය 9. පාරිලෙය්‍යක සූත්‍රය
    https://suttacentral.net/si/sn22.81

  • #5044 Reply

    chiranthi

    විතක්ක විචාරයෙන් ආශ්‍රවක්ෂයට …
    මජ්ඣිම නිකාය – මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) – 2. සීහනාද වර්ගය – 19. ද්වෙධා විතක්ක සූත්‍රය
    https://suttacentral.net/si/mn19

  • #5373 Reply

    chiranthi

    …….’’මහණෙනි, රූපයන් දැක ඒ කෙරෙහි නිමිති, අනුව්‍යංජන යනාදීන් සටහන් ගැනීමට වඩා ඇවිල ගන්නාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ රත්වූ යකඩ කූරකින් ඇස හාරා දැමීම උතුමි. නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ අවස්ථාවක (කර්මවිඥානය) කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන්යෝනියත් යන ගතිදෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය. මහණෙනි මේ දොෂය දැක මම මෙසේ කියමි.”……

    සංයුත්තනිකායො- සළායතන වර්‍ගය – 1. සළායතන සංයුත්තය – 18. සමුද්ද වර්‍ගය – 8. ආදිත්ත පරියාය සූත්‍රය
    http://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1717

  • #5463 Reply

    chiranthi

    නීවරණයෙන් මිදෙන්න සැරියුත්හිමිගෙන් අවවාදයක් …
    නිවාරණය ප්‍රකට වූ විට එයත් සිතුවිල්ලක් ලෙස දකින්න…මම මගේ ආත්මය ලෙස අල්ලාගන්නේ නැතිව…

    අංගුත්තර නිකාය – එක නිපාතය – භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය – දුතිය අනුරුද්ධ සූත්‍රය

    “ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හා සතුටුවිය, සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළේය.

    “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මම මිනිසත් බව ඉක්මවූ පිරිසිදුවූ දිවැසින් ලොක දහසක් බලමි. මා විසින් පටන්ගන්නා ලද වීර්‍ය්‍ය නො හැකුළුණේය. සිහිය එළඹ සිටියාය මුළා නොවූවාය. කය සංසිඳුණේය. දාහරහිත වූයේය. සිත එකඟව සමාධියට පැමිණියේය. එවිටද මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන ආශ්‍රවයන්ගෙන් නොමිදේ යයි’ කීය.

    “ඇවැත් අනුරුද්ධය, තොපට මම මෙසේ මිනිසත් බව ඉක්මවූ පිරිසිදු දිවැසින් දහසක් ලොකයන් බලමි යන යමක් ඇද්ද මෙය තොපගේ මානය වෙයි. අනුරුද්ධය, තොපට, මෙසේ මා විසින් වීර්‍ය්‍යය පටන් ගන්නා ලදී. වීර්‍ය්‍යය නොහැකුළුණේය. නුමුළාවූ සිහිය එළඹ සිටියාය. කය සංසිඳුණේය. දාහරහිතය. සිත එකඟවිය සමාධියට පැමිණියේය යන යමක් වේද මෙය තොපගේ උද්ධච්චය වෙයි.

    “අනුරුද්ධය, තොපට මෙසේ එවිටද මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් නොමිදේය යන යමක් වේද, මෙය තොපගේ විචිකිච්ඡාව වෙයි. “ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මේ ධර්ම තුන හැරදමා මේ ධර්ම තුන මෙනෙහි නොකොට නිර්වාණ ධාතුවට හිත එළවන්නේ නම් මැනවියයි” වදාළේය.

    “එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ තනිව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස්තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යම් අර්ථයක් පිණිස ගිහිගෙයින් නික්ම ශසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසාන කොට ඇති ඒ අනුත්තර ධර්මය මේ ආත්මයෙහිම තෙමේ විශෙෂ ඥානයෙන් දැන ඊට පැමිණ වාසය කෙළේය.

    “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු ආත්මභාවයක් නැතැයි දැන ගත්තේය. අනුරුද්ධ තෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් පුද්ගලයෙක් විය.”

  • #5729 Reply

    chiranthi

    සංයුත්තනිකායො – මහා වර්ගය – 12. සච්ච සංයුත්තය – 3. කොටිගාම වර්ගය – 10. ගවම්පති සූත්‍රය
    ……. “මහණෙනි, යමෙක් දුක දකීද හෙතෙම දුකට හේතුවත් දකී. දුක නැතිකිරීමත් දකී. දුක නැතිකරන මාර්ගයත් දකී
    යමෙක් දුකට හෙතුව දකීද, හෙතෙම දුකද දකියි. දුක නැතිකිරීමද දකියි. දුක නැතිකරන මාර්ගයද දකියි.
    යමෙක් දුක නැතිකිරීම දකියිද හෙතෙම දුකද දකියි. දුකට හේතුවක් දකියි. දුක නැතිකරන මාර්ගයද දකියි.
    යමෙක් දුක නැතිකරන මාර්ගය දකියිද, හෙතෙම දුකද දකියි. දුකට හේතුවද දකියි. දුක නැතිවීමද දකීය” කියායි…….
    https://suttacentral.net/si/sn56.30

  • #5730 Reply

    chiranthi

    සංයුත්තනිකායො – සළායතන වර්‍ගය- 1. සළායතන සංයුත්තය – 7. මිගජාල වර්‍ගය – 5. සමිද්ධි සූත්‍රය
    මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්‍ධි ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්‍ධි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
    ’’ස්වාමීනි, ’දුකය, දුකය’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි දුක හෝ දුකය යන පැනවීම හෝ වන්නේද?’’
    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය. ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි කණ ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඥානය ඇත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්‍ධයෝ ඇත්තාහුද, ඝාණ විඥානය ඇත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඥානය ඇත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්‍ශයෝ ඇත්තාහුද, කාය විඥානය ඇත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි සිත ඇත්තේද, ධර්‍මයෝ ඇත්තාහුද, මනෝ විඥානය ඇත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඥානය නැත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.
    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි කණ නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඥානය නැත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.
    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්‍ධයෝ නැත්තාහුද, ඝාණ විඥානය නැත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය. ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඥානය නැත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.
    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්‍ශයෝ නැත්තාහුද, කාය විඥානය නැත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.
    ’’සමිද්‍ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්‍මයෝ නැත්තාහුද, මනෝ විඥානය නැත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය’’ යි වදාළ සේක.

  • #5732 Reply

    chiranthi

    අඞ්ගුත්තරනිකායො – නවක නිපාතය -1. පළමු වෙනි පණ්ණාසකය – 1. සම්බොධි වර්‍ගය – 3. මෙඝිය සූත්‍රය

    …….’’මේඝියෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු භික්‍ෂුවක් විසින්, ආර්‍ය්‍යවූ, නිබ්බෙධික (සසර කලකිරවන) මනාකොට දුක් කෙලවර කිරීමට පමණුවන, උදයත්‍ථ ගාමිණීපඤ්ඤාවෙන් යුක්තවූවෙක් වන්නේය යන මෙය කැමති විය යුතුය.
    මේඝියෙනි ඒ භික්‍ෂුව විසින් මේ පස් ආකාර ධර්‍මයන්හි පිහිටා සතර ධර්‍ම කෙනෙක් මත්තෙහි වැඩිය යුතු. රාගය නැති කිරීමට අසුභය වැඩිය යුතු. ව්‍යාපාදය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුතු. විතක්කය නැති කිරීමට ආනාපාන සතිය වැඩිය යුතු. අස්මී මානය (මමය යන හැඟිම) නැති කිරීමට අනිච්ච සඤ්ඤාව වැඩිය යුතු. මේඝියෙනි, අනිච්ච සඤ්ඤාව ඇත්තාහට අනත්ත සඤ්ඤාව පිහිටයි. අනත්ත සඤ්ඤාව ඇත්තේ මේ ආත්මයේදීම නිවන් ලැබීමයයි කියන අස්මීමානය (මමය යන හැඟීම) නැති කිරීමට පමුණුවයි.’’
    https://suttacentral.net/si/an9.3

  • #5752 Reply

    chiranthi

    …’’ඇවැත්නි, කෙසේනම් කෙළෙසුන්ගෙන් තෙත් වන්නේද?

    ඇවැත්නි මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපය කෙරෙහි ඇලෙයිද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි කිපෙයිද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේද, කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරෙයිද, යම් තැනෙක්හි මොහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරිනොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, නොදනීද,..

    …’’ඇවැත්නි, කෙසේනම් කෙළෙසුන්ගෙන් තෙත් නොවූ පුද්ගලයෙක්වේද,

    ඇවැත්නි, මේ ශාසනායහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි නොඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි නොකිපේද, ලොකොත්තර සිතිවිලි වලින් යුක්තව කය පිළිබඳ සිහිය ඇතිව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, තත්වූ පරිද්දෙන් දැනගණීද,..

    …’’ඇවැත්නි, මේ භික්‍ෂුතෙම චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේ යයි කියනු ලැබේ. සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේ යයි කියනු ලැබේ. ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේයයි කියනු ලැබේ. ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේ යයි කියනු ලැබේ. කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේයයි කියනු ලැබේ. මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූයේයයි කියනු ලැබේ.

    ’’ඇවැත්නි, මෙසේ වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ඇස නිසාද මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි. කණ නිසාද ඔහුට මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි. නාසය නිසාද ඔහුට මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි. දිව නිසාද ඔහුට මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි. කය නිසාද ඔහුට මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි. සිත නිසාද ඔහුට මාරයා ළංනොවෙයි. මාරයා ඉඩක් නොලබයි. මාරයා හේතුවක් නොලබයි.

    සංයුත්තනිකායො – සළායතන වර්‍ගය – 1. සළායතන සංයුත්තය – 19. ආසිවිස වර්‍ගය – 6. අවස්සුත සූත්‍රය
    https://suttacentral.net/si/sn35.243

  • #5753 Reply

    chiranthi

    නසන්ති සූත්‍රය, සතුල්ලපකායික වර්ගය, දෙවතා සංයූත්තය, සංයුත්තනිකාය.
    න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
    සඞ්කප්පරාගො පුරිසස්ස කාමො
    තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ
    අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං

    ලොව විසිතුරු රූපාදී යම් අරමුණු කෙනෙක් වෙත්ද, ඔවුහු කාමයෝ නොවෙත්.
    පුරුෂයාගේ ප්‍රිය ආදී වශයෙන් ඇති කරගන්නා රාගික අදහස් කාමයයි.
    ලොව විසිතුරු රූපාදීහු තමන් සිටි ලෙසම සිටිත්.
    එතෙකුදූ වුවත් නුවණ ඇත්තෝ එහි ඇල්ම දුරලත්.
    —————————————————————————————-
    මාගන්දිය සූත්‍රය, සුත්ත නිපාතය, අට්‌ඨක වර්ගය.
    සඤ්ඤා විරත්තස්ස නසන්ති ගන්ථා
    පඤ්ඤා විමුත්තස්ස නසන්ති මොහා
    සඤ්ඤංච දිට්ඨිංච යෙ අග්ගහෙසුං
    තෙ ඝට්ටයන්තා විචරන්ති ලොකෙ

    පහවූ සංඥා ඇත්තාහට ගැට නැත.
    විදර්ශනා ඥානයෙන් කෙලෙසුන්ගෙන් මිදුනහුට මොහය නැත.
    යම් කෙනෙක් සංඥාවද දෘෂ්ටියද දැඩිව ගත්තාහුද ඔව්හු ගැටෙමින් ලෝකයෙහි හැසිරෙත්.

  • #5768 Reply

    admin
    Keymaster

    පින්වත් ඔබ අතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් නිරෝධවු ධර්ම දේශනා ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය වි ඇත්නම්, අප වෙත ලැබීමට සලස්වන මෙන් මෛත්‍රියෙන් සිහිපත් කරමු.

    If you have any Dhamma Sermon preached by Rev Thero that was translated into English, please send us. Your effort would be much appreciated with much merits.

  • #5886 Reply

    chiranthi

    මජ්ඣිම නිකාය – උපරි පණ්ණාසය – 2. අනුපද වර්ගය – 113. සප්පුරිස සූත්‍රය

    …….“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ සැපය දුරු කිරීමෙන්ද දුක්ඛය දුරුකිරීමෙන්ද පළමුවම සොම්නස් දොම්නස් දෙක දුරුකිරීමෙන්ද, සැපයද, නැති දුකද නැති උපෙක්ෂාවෙන් හටගත් පිරිසිදු සිහිය ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි චතුර්ථ ධ්‍යාන ලාභියෙක් වෙමි. මේ අන්‍ය භික්ෂූහු චතුර්ථ ධ්‍යාන ලාභීහු නොවෙත්, කියායි.’ චතුර්ථධ්‍යාන සමාපත්තිය කරණ කොටගෙන තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

    ‘මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ සිතයි. ‘චතුර්ථධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් හඟිද්ද එය අනික් පරිද්දකින්ම වේය” යනුවෙනි. හෙතෙම තෘෂ්ණා රහිත බවම කරුණුකොට ඒ චතුර්ථධ්‍යාන සමාපත්තිය කරණ කොට ගෙන තමන් උසස්කොට නොසලකයි අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

    “තවද මහණෙනි, අසත්පුරුෂතෙමේ සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ගැටීම් සංඥාවන්ගේ දුරුකිරීමෙන්, නොයෙක්සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි භාවනාකොට ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම මෙසේ සිතයි, ‘මම වනාහි ආකාසානඤ්චායතන සමාධි ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු ආකාසානඤ්චායතන සමාපත්තිලාභීහූ නොවෙත්ය’ කියායි. හෙතෙම ඒ ආකාසානඤ්චායතන සමාපත්තිය කරණකොට තමන් උසස්කොට සිතයි. අනුන් හෙළා දකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

    “මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ සිතයි. ‘ආකාසානඤ්චායතන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිතබව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වෙයි’ කියායි. හෙතෙම තෘෂ්ණා රහිත බව කරුණුකොට එම ආකාසානඤ්චායතන සමාපත්තිය කරණ කොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් හෙළා නොදකියි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

    “තවද මහණෙනි, අසත්පුරුෂතෙමේ සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි විඤ්ඤාණඤ්චායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂුහු විඤ්ඤාණඤ්චායතන සමාපත්ති ලාභීහු නොවෙති,’ කියායි. හෙතෙම ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය කරණකොටගෙන තමන් උසස්කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

    “මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ සිතයි. ‘විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වේය’ කියායි. හෙතෙම තෘෂ්ණා රහිත බවම කරුණු කොට එම විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය කරණකොට ගෙන තමා උසස්කොට නොසිතයි, අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

    “තවද මහණෙනි, අසත්පුරුෂතෙමේ සියළු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි භාවනා කොට ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභීහු නොවෙති’ කියායි. හෙතෙම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමන් උසස් කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

    “මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ සිතයි. ‘ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය අන් අයුරකින්ම වෙයි’ කියායි. හෙතෙම තෘෂ්ණා රහිත බව කරුණුකොට එම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

    “තවද මහණෙනි, අසත්පුරුෂතෙමේ සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වෙසේ. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු නෙවසඤ්ඤානා සඤ්ඤයතන සමාපත්තිලාභීහු නොවෙති’ කියායි. හෙතෙම ඒ නෙවසඤ්ඤානාසඤ්ඤයතන සමාපත්තිය කරණකොටගෙන තමන් උසස්කොට සිතයි. අනුන් හෙළා දකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

    “මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ සිතයි. ‘නෙවසඤ්ඤානාසඤ්ඤා සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වෙයි’ කියායි. හෙතෙම තෘෂ්ණා රහිතබව කරුණුකොට එම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමා උසස්කොට නොසිතයි, අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

    “තවද මහණෙනි, සත්පුරුෂතෙමේ සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයික නිරොධයට පැමිණ වෙසෙයි. නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය බවට පමුණුවත්. මහණෙනි, මේ මහණතෙමේද කිසිවක් තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි. කිසි තැනෙක්හි තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි. කිසිවක් කරණ කොටගෙන තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි,” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුවූහ.
    මජ්ඣිම නිකාය – උපරි පණ්ණාසය – 2. අනුපද වර්ගය – 113. සප්පුරිස සූත්‍රය
    https://suttacentral.net/si/mn113

Reply To: Link for PDF formats of Dhamma sermons – PDFගත කරන ලද ධර්ම දේශනා කියවීම සදහා
Your information:




Comments are closed.